ඩී.ජී.සුගතපාල
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින තම සැමියාට කෑම පාර්සලයක දමා ජංගම දුරකතන සිම්කාඩ් හතක් දිමට තැත් කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකාර කාන්තාවකට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) මාස හයක සිරදඬුවම් සහ රුපියල් දහසක දඩයක් නියම කර සිරදඬුවම වසර දහයකට අත්හිටුවනු ලැබීය.
දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක සිරදඬුවමක් ද විත්තිකාරියට නියම විය.
මෙසේ දඬුවම් නියම කරනු ලැබුවේ ඇල්පිටිය උඩුවිල ප්‍රදේශයේ පදිංචි ලත්තුවා හන්දි මදුනි නමැති කාන්තාවකටය.
අපරාධයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ සිටින සැමියාට දීම සඳහා සැකකාරිය විසින් ඉකුත් 2 වැනි දා ආහාර පාර්සලයක් ගෙනැවිත් ඇති අතර එසේ ගෙනෙන ලද ආහාර පාර්සලය බන්ධනාගාර නිලධාරින් විසින් පරික්ෂා කළ අවස්ථවේ එහි ව්‍යාංජනයක සූක්ෂම ලෙස සඟවා තිබු සිම් කාඩ්පත් හත සොයාගෙන ඇත.
දැනට වැවිලි බෝගයක් වශයෙන් නොව අතුරු වගාවක් ලෙස ව්‍යාප්තව ඇති පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට බිත්තර ලබාදීම සඳහා අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කෝවිලකදී පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් සභා ගර්භය මැදට පැමිණ උද්ඝෝෂණයක නිරත ව
අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස මෙරට ධීවරයන්ට ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බන්ධනාගාරයේ සිටින සැමියාට සිම්කාඩ් දෙන්න ගිය බිරිඳට සිරදඬුවම්