(ඩයනා උදයංගනී)
අපරාධකරුවන් බන්ධනාගාරය තුළ සිටත් අපරාධ මෙහෙයවීම, මත්කුඩු ගෙන්වීම සිදු කරනවා නම් වරද කොහේ දැයි කඩිනමින් සොයා බැලිය යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රටේ සිදුවන මත්කුඩු ජාවාරම සහ අපරාධ මැඩ පැවැත්වීමට නම් එල්ලූම් ගහ අවශ්‍ය බවට සමාජයේ මතයක් ඇතිවීමෙන් පෙනී යන්නේ රටේ නීතිය, සාමය ආරක්ෂා කිරීමට ඇති පොලීසිය, අධිකරණය සහ බන්ධනාගාරය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
යුරෝපා සංගමය ආදී සංවිධාන මේ දෙස බලන්නේ මානව හිමිකම් කෝණයෙන් වුවත් දියුණු හා ශිෂ්ට සම්පන්න රටක් බව කියන ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ දඬුවම ක්‍රියාත්මක බව කී ඇමැතිවරයා අපේ රටේ ඇති තත්ත්වයක් පාලනය කරගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදය දැනගත යුත්තේ අපම යැයි ද සඳහන් කළේය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ එල්.ආර්.ඩී.සී. සේවා පෞද්ගලික සමාගම හා චීනයේ හුආ ටයි සොන්ග් හෙන්ග් ආරක්ෂක තාක්ෂණික පෞද්ගලික සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම ගිවිසුම් අත්සන් කිරීම බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සිදුකෙරිණි.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බන්ධනාගාරයේ සිට මත්කුඩු ගෙන්වනවා නම් වරද කොහේ දැයි සෙවිය යුතුයි
Keppetipola Wednesday, 18 July 2018 12:27 AM
චම්පික ඔයාට තේරෙන්නේ නැද්ද මත් කුඩු ජාවාරම්කරුවන් අල්ලන රංගජීව වැනි දක්ෂ ආරක්ෂක නිලධාරීන් බන්ධනාගාරගත කරලා මේ ප්රශ්නය විසදන්න බැහැ කියල. ඉස්සර බොරුවට ඡන්ද ටික මංකොල්ල කන්න රණවිරුවන් වෙනුවෙන් කෑ ගැහුවා. දැන් ඔබ මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා රණවිරුවන් පවා දෙනවා.
Bamunuarachchi Wednesday, 18 July 2018 12:55 AM
වරද සොයන්න? මෙය කියවන අපිට පෙනෙනවා වරද තිබෙන්නේ බන්ධනාගාරය තුළම බව. කුඩුකාරයින්ගෙන් ලක්ෂ ගණනින් සන්තෝසම් ලැබෙනවිට කුඩුකාරයින්ගේ බිස්නස් වලට සහයෝගය ලැබෙනවා.
Pradeep Wednesday, 18 July 2018 03:05 AM
අපරාධකරුවන් බන්ධනාගාරය තුළ සිටත් අපරාධ මෙහෙයවීම, මත්කුඩු ගෙන්වීම සිදු කරනවා නම් වරද කොහේ දැයි කඩිනමින් සොයා බැලිය යුතු බව වරද කොහෙද කියල තවම දන්නෙත් නෑ. ඔන්න පාලකයන්ගේ තත්වය..
Bandula. Wednesday, 18 July 2018 04:49 AM
අනේ දෙවියනේ මේ එල්ලුම්ගහ කතාවත් තවත් ටෙලි න්ට්ටියක් නොවේවා.
pissa Wednesday, 18 July 2018 06:20 AM
සමහර විට එල්ලුම් ගහ ක්‍රියාත්මක වේවි ජනාධිපතිවරණය අත ලග තියලා. දැන්ම නැහැ. නැතිනම් එහෙමත් නැහැ.
shan saudi Wednesday, 18 July 2018 07:13 AM
මහතයෝ කරාමෙකින් ජලය ගලා යනවනම් එකේ වැරැද්ද කරාමේ කියල තේරුමක් ගන්න බැරිද ? ඒ වගේ සිරකරුවන් හිරී ඉදන් මෙව කරන්න පහසුකම් සපයා ගන්නේ ජෙලර්ලගෙන් හා අනෙක් සේවකයන්ගේ කියල තේරුම් ගන්න මොලයක් නැද්ද? නිකන් මොන්ටිසෝරි කතා කියල ජනතාව ගොනාට අන්දන්න එපා කල යුතු දේ හරියට කරන්න හැමෝම කරන්නේ බයිලා ගහන එක විතරයි