IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බන්ධනාගාරයෙන් වෙඩි නොවදින බසයක්

 (ඩයනා උදයංගනී )

බන්ධනාගාරගත වන දරුණු අපරාධකරුවන් සහ පාතාල සාමාජිකයින් රැගෙනයාම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වෙඩි නොවදින ආරක්ෂක බස් රථයක් නිර්මාණය කර තිබේ.

මෙම බස් රථය නිර්මාණය කර ඇත්තේ කෑගල්ල බන්ධනාගාර සහකාර අධිකාරී ආර් ඩබ්ලිව් ඩබ්ලිව් යූ ඩී ඒ සම්ප්‍රයෝ මහතාගේ සංකල්පයක් අනුවය. බන්ධනාගාර භාවිතයේ තිබූ බස් රථයක් නවීකරණය කරමින් මෙම වෙඩි නොවදින බස් රථය නිර්මාණය කර ඇත.

මෙවැනි බස් රථයක් විදේශයකින් ආනයනය කළේ නම් රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වැය වන බවත්, මෙම බස් රථය නවීකරණය කිරීම සඳහා වැයවූයේ රුපියල් ලක්ෂ 7ක මුදලක් බවත් බන්ධනාගාර  අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (12)

බන්ධනාගාරයෙන් වෙඩි නොවදින බසයක්

daham Friday, 24 March 2017 04:39 PM

වෙඩි තියන්න බස් එක ඇතුලට ගිහිල්ලනේ.

:       0       0

Nandalal de Silva - France Friday, 24 March 2017 05:50 PM

අපේ රටට මෙවැනි විශාල මුදලක් ඉතිරි කරදී, මෙවැනි ආරක්‍ෂිත බසයක් නිපදවූ කෑගල්ල බන්ධනාගාර සහකාර අධිකාරීවරයාට උපහාර පිදිය යුතු වෙනවා. මෙම බසය මීට ටික දිනකට පෙර සේවයට ආවා නම් පාතාල කල්ලියේ "ලොක්කන්ට" නීතිය හමුවේ පිළිතුරු දෙන්නත් තිබුණා. කොහොම උනත් අපේ රටේ තවත් පාතාල "බොස්" ලා මේ බසයෙන්, උසාවියත් රජයේ බෝඩිමත් අතර ගමන් කරනවා නියතයි.

:       0       0

jayantha Friday, 24 March 2017 06:26 PM

හිර ගෙදරකට එක ගානේ හදන්ඩ ඕනේ .

:       0       0

aravinda Friday, 24 March 2017 06:31 PM

පිටරටින් හැම දේ ගෙන්වනකම් බලා නොඉඳ, ඉතා අගය කල යුතු ක්‍රියාවක්. මෙවැනි රථ අනිත් බන්ධනාගාර වලටත් සපයා දිය යුතුයි.

:       0       1

shantha Friday, 24 March 2017 08:04 PM

අනේ ඇයි මෙච්චර සල්ලි වියදම් කරන්නේ. සැකකරුවන් ඉන්න කෑල්ලට විතරක් ඇතුළුවෙන්න ලේසි පිටවෙන්න අමාරු දොරක් හැදුවනම් ඉස්සර පොලිසිය ආයුධ පෙන්නන්න එක්කන් ගියා වගේ බස් එකෙන්ම වැඩේ ඉවරයක් කරන්න පුළුවන්. බන්ධනාගාර නිලාදරින්ගේත් පන රැකල හිරේ තදබදයත් අඩු කරන්න පුළුවන්. හරියට ත්‍රී ඉන් වන් වගේ

:       0       0

mahee Friday, 24 March 2017 09:02 PM

සම්ප්‍රයෝ මහතාට මගේ ප්‍රණාමය. ඔබතුමාට බැරිද බස් එකක් විතර ලොකු ලස්සන කාර් ටිකක් හදල දෙන්න අපේ ලොක්කන්ගේ ප්‍රයෝජනයට. අපේ සල්ලිත් ඉතුරුයි, අර කට්ටියගේ අතිසෝබන මානසිකත්වයත් සනීප වෙයි.

:       0       10

loku malli Saturday, 25 March 2017 04:42 AM

රුපියල් ලක්ෂ 20කට වෙඩි නොවදින බස් එකක්. ටාටා ස්ටාර් බාගයක්වත් ගන්න බෑ ඒ ගානට. පොඩ්ඩක් බලලා අප්ඩේට් කලානම් හරි.

:       0       12

B.M.V.Heshan Padmasiri Saturday, 25 March 2017 06:01 AM

මේ කරන වැඩ නිසා ශ්‍රීලංකාව තුල අදායම් ඉතුරු වේ .එම නිසා අප සියුලු දෙනා මෙවන් වැඩ වලට සහයෝගය දිය යුතුය .ස්තුතියි ..

:       0       2

raheem Saturday, 25 March 2017 02:49 PM

වැඩේ නම් නියමයි හැබැයි ටෙස්ට් කරලා බැලුවද ? වෙඩි වදින්නේ නැහැ කියල?

:       0       2

Samanthi Saturday, 25 March 2017 03:14 PM

මේක විශාල ජයග්‍රහණයක්. අපිව මෙහෙම දේවල් වලට අධ්‍යාපනය ලබන කාලේ ඉඳලම යොමු කරන්න වෙනම පාඩම් හදල ලකුණු දීල කඩඉම් විභාග වලටත් එකතු කරල අපේ නිර්මාණශීලි හැකියාවයි උනන්දුවයි වැඩි කරන්න මොකක් හරි තිබුන නම් මටත් මෙහෙම වැඩක් මගේ රාජකාරියට අදාලව පොඩි දෙයක් හරි කරන්න දැනට වඩා දශමෙකින් හරි හැකියාවයි උවමනාවක් තියෙයි කියල මට හිතෙනවා.

:       0       0

කලුතර මහ කරූ Saturday, 25 March 2017 07:03 PM

මේ නිලධාරියාව අගය කරනවා. නිලධාරීන් යන කොටස විතරක් වෙඩි නොවදින විදිහට හැදුවනම් මුදල් තවත් ඉතුරුයි.

:       0       0

mangala Sunday, 26 March 2017 02:49 AM

ලගදීම කවුරුහරි ටෙස්ට් කරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 212 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 225 2

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1202 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 763 4

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1424 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 308 5

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site