IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


බදුලු විදුහල්පතිනිය යළිත් මහ ඇමැති නිල නිවසට

ප්‍රසාද් රුක්මාල්

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණගැස්වීයැයි කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරිය අද ස්ථානීය පරීක්ෂණයක් සඳහා ඌව මහ ඇමැතිවරයාගේ නිල නිවසට කැඳවාගෙන ගිය බව පොලිසිය කියයි.
 
විදුහල්පතිනියගේ ප්‍රකාශයෙන් අනාවරණය වූ කරුණු අනුව ඇය මෙම සිදුවීමට මුහුණ දුන් ස්ථානය පරීක්ෂා කළ යුතුව තිබුණු බව ද , ඒ සඳහා එම ස්ථානයට කැඳවාගෙන ගිය බව ද පොලිසිය පවසයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ මහ ඇමැතිවරයා නිල නිවසේ නොසිටි බව ද දැනගන්නට තිබේ.
 
ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නිසා ඇය පීඩනයකට පත්වීදැයි සොයා බැලීම සඳහා විදුහල්පතිනිය බදුල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරනු ලැබුවාය. 
 
උදෑසන 8 සිට පැය තුනක පමණ කාලයක් ඇය තමා මුහුණ දුන් සිදුවීම් ප්‍රකාශයක් ලෙස පොලිසියට ලබා දුන් බව පොලිසිය කියයි.



අදහස් (29)

බදුලු විදුහල්පතිනිය යළිත් මහ ඇමැති නිල නිවසට

Bamunuarachchi Sunday, 21 January 2018 12:45 PM

මහා ඇමති ඔබලාගේ මිනිසුන්ට විතරයි.. අපිට මහා ඇමතිලා නොවෙයි... අපි එලෙස පිළිගන්නේත් නැත.

:       95       478

NissankaMonday, 22 January 2018 04:05 AM

කවුද බමුණුආරච්චි ඔබලා කිව්වේ? මේ වගේ අය මහ ඇමති තනතුර දක්වා ගෙනා රාජපක්‍ෂවරුද​? නැවතත් ඔහුගේ තනතුර ආරක්‍ෂා කරදුන් යහපාලනයද​?

:       65       68

dahamMonday, 22 January 2018 05:01 AM

මහා ඇමතිකම දුන්නේ මහින්දද?

:       0       111

indikaMonday, 22 January 2018 05:54 AM

අහලවත් නැති මේ මනුස්සයව මහා ඇමති කරේ මේ ජනාධිපති. නැතුව මහින්ද නෙවේ.

:       63       242

mohanMonday, 22 January 2018 07:35 AM

අනේ අනිච්චන්, මේ වගේ දේශපාලන වහල්ලු, මේකටත් මහින්දද? මෛත්‍රීද ? කියල මරා ගන්නවා. හරියට මේ පක්ෂ 3 -4 ම ඉන්නේ මහා ලොකු සුදනෝ වගේ.

:       1       143

GOBBAYA Sunday, 21 January 2018 01:10 PM

කෙප්ප යමපාලනයේ පොලිසියේ බොරු රඟපෑම් විතරයි.

:       502       802

nuwan Sunday, 21 January 2018 01:25 PM

පිදිය යුත්තන් පිදීම වරදක්ද?

:       1261       1216

Lapaya Sunday, 21 January 2018 02:02 PM

මහ ඇමැතිවරයා නිල නිවසේ නොසිටියේ වඩේ විකුණන්නවත් ගිහිල්ලද?

:       30       308

lalithsjmMonday, 22 January 2018 02:00 AM

නැ පුරුදු රස්සාව හොරපොල් කඩන්න ගිහින්

:       0       32

Ruwan Sunday, 21 January 2018 02:32 PM

සාධාරණය ඉක්මණින් ඉෂ්ටවිය යුතුයි.

:       1       325

DON Sunday, 21 January 2018 03:36 PM

මේ අය ඔක්කොම පහුගිය කාලේ හිටපු අයගේ ගෝල බාලයන් තමයි. ඒ දවස්වල මේ වගේ ගොඩක් දේවල් සිදුවුණා. නමුත් ආවේ නැහැ. ජනමාධ්‍යයත් සෑහෙන්න ගොළු වෙලයි හිටියේ. ඒ යමපාලනේ. දැන් යහපාලනය නිසා හැමදේම එළියට එනවා. පාලනය කරන්න කාටවත් බැහැ. හැබැයි මොකා වුණත් නිසි දඬුවම් ලැබිය යුතුයි. නැත්නම් මෛත්‍රී මහත්තයගෙත් යන දවස වැඩි ඈතක නොවේවි.

:       718       1034

BamunuarachchiMonday, 22 January 2018 12:51 AM

මෛත්‍රී ගියාම කාවද ගන්න ඉන්නේ ?

:       0       7

BamunuarachchiMonday, 22 January 2018 01:05 AM

ඉස්සරත් ගස් බැදපුවා දණගස්සපු ඒවා ජනතාව දැනගත්තේ ජනමාධ්‍යයන් තමයි නැතුව පත්‍රිකා ගහලා බෙදුවේ නැත. හැබැයි දැනගස්සපු අයට නැවත නාම යෝජනා දුන්නෙත් දැනට දන ගස්සුවෙත් යහපාලනයේ අය.

:       22       160

Dr Saman LiyanageMonday, 22 January 2018 03:05 AM

පහු ගිය කාලේ හිටපු හොඳ අය වෙනුවට ජනතාවගේ ඡන්දය නොලැබූ පැරදුන කොටසක් වංචාකාර ලෙස එකතුකරගෙන අද හොරු සමග එදා හොරු ටික එකතුවෙලා නේද. නැවත එදා සිටි හොඳ අය ජනතාව නැවත ගෙන එන දවස වැඩි ඈතක නොවේවි.

:       2       76

Sunil Sunday, 21 January 2018 04:01 PM

ගුරු මෑණියනි ඔබ වෙනුවෙන් අපි කදුළු සලමු. ඔබට සිදුවුනු මේ අවමානය වෙනුවෙන් අපි සමාව අයදිමු.

:       0       358

naradha Sunday, 21 January 2018 04:46 PM

මේ "දේශපාලන චන්ඩි" සංස්කෘතිය රටින් අතුගා දැමිය යුතුයි.

:       0       162

emerson Sunday, 21 January 2018 11:00 PM

නරකද මහා ඇමතිව ආයේ මොන්ටිසෝරියේ ඉඳල ඉස්කෝලේ යැව්වනම්

:       0       26

Bamunuarachchi Monday, 22 January 2018 01:06 AM

මේ "දේශපාලන චන්ඩි" සංස්කෘතිය රටට ලැබුනේ 1977 දී

:       0       53

Samanali Monday, 22 January 2018 02:47 AM

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ගෝලයන් ඒ ආකරයේ වැඩ නොකරන බවත් තමනට වන්දවා ගත්තේ යිය කියන සිදුවීම සම්පූර්ණයෙන්ම අසත්‍ය සිදුවීමක් යයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

:       61       5

AbiththayaaMonday, 22 January 2018 05:18 AM

දී කිරට බළල්ලුත් සාක්කිලු.

:       7       154

Chanka - los angeles Monday, 22 January 2018 02:57 AM

මේ මහා ඇමතිතුමා මහින්ද මහත්තය ගෙනාපු කෙනෙක් හින්දයි මේ සේරම කරදර. මහා ඇමතිතුමා ඡන්දේ කිව්ටුව මහීපාල හේරත් වගේ මහින්ද මහත්තයට එකතු වෙන්න හිටියේ. මේක පලිගැනීමක්.

:       36       31

mhinda Monday, 22 January 2018 03:43 AM

මේ කට්ටිය දැන් වෙන මලකින් එන්න හදනවා

:       0       29

Prabath Monday, 22 January 2018 05:10 AM

පහුගිය රෙජීමයේ එදා හොරු ටික නැවත එකතුවෙලා මෛත්‍රී මහත්තයගෙ නම්බුව විනාස කරනවා. දැන් ඔය පෙරහරේ කන් පැලෙන්න කතාකරන කට්ටිය ඔක්කොම රාජපක්ෂගේ ගෝලයෝ. මෛත්‍රී මහත්තයගෙත් යන දවස වැඩි ඈතක නොවේවි.

:       2       178

indika Monday, 22 January 2018 05:56 AM

දන්නේ නැති දේවල් කියවන්න එපා. මෙයාව ගෙනාවේ මෛත්‍රීපාල ජනාධිපති.

:       0       57

MOHANMonday, 22 January 2018 10:53 AM

ඉන්දික මහත්තයෝ, පළාත් සබා මැතිවරණය තිබ්බේ 2014............මෙයට නොමිනෂන් දුන්නේ මහින්ද මහත්තය.

:       0       0

dhamneth Monday, 22 January 2018 06:36 AM

ලෝකෙම මෝඩ චන්දදායකයින් ඉන්නේ ලංකාවේ කියනවා.දෙසපාලකයින්ව දේවත්වයෙන් සලකන්නේ අපේ රටේ තමයි.වෙවස්ථ සන්සොදනවොලින් ඒ අයගේ බලය වැඩිකරගන්නවා ජනතාව කලයුත්තේ සාදාරණ ලෙස තමන්ගේ දෑත් සක්තිමත් කරගන්නව මිස දෙසපලකයන්ගේ දෑත් සක්තිමත් කිරීම නොවෙයි.තමන්ගේ දෑත් සක්තිමත් කරගත්තහම කිසිවෙකු පසු පස යන්න අවශ්‍ය නැහැ.ඕස්ටේලියාවේ නම් වේදිකා ගහගෙන පාරවල් අවහිර කරගෙන දේසපාලන රැස්වීම් තියන්නේ නැහැ.මෙහෙ වගේ මිනිස්සු එන්නේ නැහැ.ප්‍රචණ්ඩ ක්‍රියාත් නැහැ.

:       0       1

sumith Monday, 22 January 2018 06:36 AM

ගුරු මෑණියනි ඔබ තුමී කඳුල හල හල අඩනවා දැක්කම , හරියට දුක හිතුන, අවන්කවම ඇත්ත කියන්නේ මගේ දුවල දෙන්න පවා නෙව්ස් බලන කොට ඔබ තුමී අඩනකොට අඩනවා . හිතට දිරි ගන්න , අපි රජයේ සේවකයෝ උනාම හැම දේටම මුහුණ දෙන්න ඕන , ජීවිතය ගැන කලකිරෙන්න එපා

:       0       25

wedage Monday, 22 January 2018 09:05 AM

ඔබ තුමියට සාදාරණයක් ඉටු නොවුනහොත් විදේස රටකට සිය පවුල සමගින් යන්න

:       0       10

Bamunuarachchi Monday, 22 January 2018 12:57 PM

අපි රජයේ සේවකයෝ වුනාම හැම දේටම මුහුණ දෙන්න ඕනලු. නැහැ නැහැ ඔය කතාව වැරදී. අපි රජයේ සේවකයෝ නම් රාජකාරිය හරියට කරනවානම් මොන කෙනාටවත් බය වෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 786 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 330 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 324 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 244 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 399 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 423 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site