IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බදුයුදීන් - හිස්බුල්ලා - සාලි ඉවත් කරන්නැයි ඉල්ලා ජනපතිට සංඝ සංදේශයක්

(හසිත රංග ගුණතිලක)

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුග්‍රහය සහ අනුබලය දුන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.ඒල්.ඒ.එම් හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසාද් සාලි යන මහත්වරුන් දැනට දරන සියලුම තනතුරු වලින් වහාම ඉවත් කරන්නැයි ඉල්ලා දහස් ගණනක මහා සංඝරත්නයේ අත්සනින් යුත් සංඝ සංදේශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාතික සංඝ සම්මේලනය අද (22) භාර දුන්නේය.

භික්ෂූන් වහන්සේලා පිරිස අද කොළඹ නිදහස් චතුරස්‍රයට රැස්වී අන්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් අධිෂ්ඨාන සත්‍යක්‍රියාවකද නිරත වූහ.

සත්‍යක්‍රියාවෙන් පසුව භික්ෂූන් වහන්සේලා පිරිස ජනාධිපතිවරයාට සංදේශය භාර දීම සඳහා නිදහස් චතුරස්‍රයේ සිට වාහන කිහිපයකින් කොළඹ  ගාලුමුවදොර පිටිය අසළට වැඩම කළහ.

පසුව භික්ෂූන් වහන්සේලා පිරිස කොළඹ ගාලුමුවදොර ඉදිරිපිට මාර්ගය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින්  වැඩම කළහ.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

 



අදහස් (9)

බදුයුදීන් - හිස්බුල්ලා - සාලි ඉවත් කරන්නැයි ඉල්ලා ජනපතිට සංඝ සංදේශයක්

janahith Wednesday, 22 May 2019 03:58 PM

අපේ හාමුදුරුවනේ සමා වුව මැනවි.... අහනවට ඔය කියන අය මොකුත් වැරද්දක් කරලා තියනවද? ආණ්ඩුවෙන් නම් කියන්නේ එහෙම වැරද්දක් කරලා නැහැ කියලනේ.

:       485       1017

දර්ශනThursday, 23 May 2019 01:31 AM

ඒ අය වැරැද්දක් කරලා තිබුනත් ආණ්ඩුව ඒවා පෙනෙන්නේ නැති විදියට ඉන්නවා .....

:       0       0

ranjith Wednesday, 22 May 2019 10:02 PM

බල ලෝභීකමට රට පවා නොදෙන නායකයෝ තෝරාගනිමු ඉදිරියේදී....

:       0       0

sisil Thursday, 23 May 2019 03:56 AM

එය නිවැරැදි තීරණයක් විය හැකියි. නමුත් නිවැරැදි විමර්ශණයකින් පසුව සිදුවිය යුතුය.

:       0       0

Sanka Thursday, 23 May 2019 03:57 AM

ඉතාම කාලෝචිතයි හාමුදුරුවනේ... මොකද මේ දේශපාලුවන්ට නොතේරුණාට බදියුදීන් - හිස්බුල්ලා - සාලි තුන්දෙනාම මුස්ලිම් අන්තවාදී සංවිධානවලට කෙලින්ම සම්බන්ධ බවට සහ මේ තිදෙනා සමග බෝම්බකරුවන් පෙනීසිටින ඡායාරුප තොගගණන් අපි ඊයේ පෙරේදා ඕනෑතරම් දැක්කා. හරිනම් මේ තිදෙනාම සිරගත කළ යුතුමයි. මොකද 300 ගාණක් අහිංසක මිනිස්සු මැරිලා තව 300කට වැඩිය දරුණු තුවාල වෙලා.. මෙහෙමත් රටක්...

:       0       0

shiromi Thursday, 23 May 2019 04:27 AM

ස්වාමීන් වහන්සේලා රට, ජාතිය, ආගම වෙනුවෙන් හඬක් නැගුවත් වැරදී නැතත් වැරදී අපේ මිනිස්සුන්ට.... ත්‍රස්තවාදීන්ව පෝෂණය කරන අන්තවාදීන්ට එරෙහිව අවිහිංසාවාදීව කරන සටනට මගේ නමස්කාරය..!

:       0       0

දිමුත් Thursday, 23 May 2019 05:19 AM

බලමුකො ජනාධිපතිතුමා මොකද කරන්නේ කියලා

:       0       0

C.K.Lankaputhra Thursday, 23 May 2019 07:43 AM

හිස්බුල්ලා සහ සාලි ඉවත් කරන්න පුලුවන්. ඒවා ජනාධිපති කරන ලද පත්වීම්. බදියුර්දීන් ඉවත් කරන්න ජනාධිපතිවරයාට බැහැ. හාමුදුරුවනේ, රටේ නීතියක් කියලා එකක් තියනවා...

:       0       0

wimale Thursday, 23 May 2019 08:11 AM

5 පාරක් ගහන්න යනවා කියලත් උඩබලන් ඉඳල රට පැනපු හාදයට මොකද කරන්නේ හාංදුරුවනේ ???

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 69 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 93 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 163 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 136 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 541 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 914 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1518 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site