(රංජන් කස්තුරි)
බදු අභියාචනා කොමිෂන් සභාව අද (8) සිට ක්‍රියාත්මක වන පරිදි නැවත ක්‍රියාත්මක බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
බදු අභියාචනා කොමිෂන් සභාව කලක් තිස්සේ අක්‍රීයව පැවැති අතර නව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කර තිබේ.
ඒ අනුව විනිශ්චයකාර හෙක්ටර් යාපා මහතා බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන අතර විනිශ්චයකාර සුනිල් රාජපක්ෂ , හිටපු විගණකාධිපති එස්.ස්වර්ණජෝති යන මහත්වරු එහි සෙසු සමාජිකයෝ වෙති.
2011 අංක 23 දරන බදු අභියාචනා කොමිෂන් සභා පනත යටතේ පිහිටුවා ඇති මෙම බදු අභියාචනා කොමිෂන් සභාව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ සමඟ බදු ගෙවන්නෙකුට ඇතිවන යම් ආරවුලක් ඉක්මනින් විසඳා ගැනීමට අවස්ථාව හිමිවේ.
බදු ගෙවන්නෙකුට තමන්ගේ වාර්තාව අනුව ගෙවිය යුතු යම් බද්දක් , ගාස්තුවක් හෝ අයකිරීමක් පැනවීම හා අදාළ යම් කාරණාවක් සම්බන්ධ දුක්ගැණවිල්ලක් තිබේ නම් ඒවා බදු අභියාචනා කොමිෂන් සභාවට යොමු කළ හැකිය.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බදු අභියාචනා කොමිෂන් සභාව සක්‍රීය කෙරේ
shan saudi Thursday, 08 November 2018 01:25 PM
මේවා නිකන් වක්කඩේ හකුරු හංගනවා වගේ දේවල් 14 වෙනිදා පැරදුණාම මේවත් අහෝසි හොර අගමැතිත් අහෝසි ඇමතිලත් අහෝසියි. කමක් නැහැ තාවකාලික සතුට වෙනුවෙන් මේවා පිහිටුවා ගත්තාවේ... ඉක්මනින් ගණිකාවනුත් නීති ගත කළානම් හොඳයි..