IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේදී ශ්‍රීලනිප ස්ථාවරය අමරවීර සඟවාගනී

(චන්ද්‍ර සේන ගමගේ)

"ජන නායකයන්ගේ හද ගැස්ම පිළිබඳව අපට වැටහීමක් තිබෙනවා. ජනතාවට ද්‍රෝහී වෙන්න අපට පුළුවන් කමක් නෑ. බදියුදීන් ඇමැතිවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ අනුව අපි විශ්වාසභංගයේ දී ඡන්දය ප්‍රකාශ කරනවා" යැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පැවසීය.

හම්බන්තොට කටුවැව සාමෝදාගම ග්‍රාමීය විදුලි ව්‍යාපෘතිය  අද (19) දින විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ මහින්ද අමරවීර මහතා එසේ පැවසීය.

"පාස්කු දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මේ රටේ මහානායක හිමිවරුන් කාදිනල්තුමා යම් යම් අදහස් පළ කළා. ඒ අදහස්ද සැලකිල්ලට අරගෙන අපේ පක්ෂය විශ්වාසභංග යෝජනාව පිළිබදව තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ තීන්දුව කුමක්ද කියා ඉදිරියේදී මේ රටේ ජනතාවට දැන ගන්න පුළුවන්.

එමෙන්ම ආණ්ඩුව ගෙන ඒමට තැත් කරන ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කරන්න අපි කටයුතු කරනවා. කිරිඇල්ල ඇමතිවරයාට වුවමනා විධියට බටහිරින් එන ඕනෑම දෙයක් පිළිගන්නට අප සූදානම් නෑ. රටේ ස්වාධීනත්වයට හානි කරන කිසිම ගිවිසුමකට අප එකඟවෙන්නේ නෑ. කිරිඇල්ල ඇමැතිවරයා ප්‍රමුඛ සමහරුන්ට බටහිරින් එන ඕනම දෙයක් හොඳ වුණාට අපිට එහෙම කටයුතු කරන්න බෑ" යැයිද ඔහු පැවසීය.

 



අදහස් (6)

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේදී ශ්‍රීලනිප ස්ථාවරය අමරවීර සඟවාගනී

මුණසිංහ Sunday, 19 May 2019 03:09 PM

දැනට මත් රටට අහිතකර අණ පණත් කියක් සම්මත කරල ද? දැන් ද ඇහැරුණේ. ඡන්ද කිට්ටුයිනේ.

:       0       0

Bamunuarachchi Sunday, 19 May 2019 03:19 PM

නුඹලා බදුයුදීන්ගේ විස්වාසභංගයට ඡන්දය නොදුන්නොත් අපිට නුඹලා ගැන තිබෙන විස්වාස භංගවෙන බව සිතා ගනිල්ලා

:       0       0

Prabha Sunday, 19 May 2019 04:14 PM

කියන්න මොවුන්ට ස්ථාවරයක් තියෙන්න එපෑයැ...

:       0       0

Bamunuarachchi Sunday, 19 May 2019 04:44 PM

ඡන්දය ලංව‍ෙනවිට අපි ඔහෙලගෙ කෙරුවාවල් මතක් කරන්නම්.

:       0       0

ranjith Monday, 20 May 2019 12:47 AM

ජනතාවගේ පැත්තේ හිටියොත් පක්ෂයට අනාගතයක් තියේවි.. නැතිනම් දේශපාලන කුණුකූඩයට වැටේවි.. !!!

:       0       0

Saman Monday, 20 May 2019 01:56 AM

බදියුදීන්ට පළමු ගල ගසන්නට තරම් කිසිදු පාපයක් නොකළ අයෙක් මේ පාර්ලිමේන්තුවේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 178 0

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 535 0

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 165 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 284 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1488 1

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 284 3

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 292 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1658 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site