IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේ දිනය වරද්දාගනී

(නිමල කොඩිතුවක්කු)

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව වැරදි දිනයක් සහිතව ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

ඒකාබද්ධ විපකෂයේ මන්ත‍්‍රීවරුන් ඊයේ (16) දිනයේදී මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත බාර දුන් අතර එහි දිනය සටහන්ව තිබුණේ 2018 වසරේ මැයි 9 ලෙසයි.

එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ දිනය ගිය වසරේ ලෙසට සඳහන්ව තිබීම නිසා එය විවාදයට ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.

මේ හේතුවෙන් එම විශ්වාසභංග යෝජනාව නැවතත් අලුතින් සකස් කර භාරදීමට සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල මහතා සඳහන් කළේ එම ලේඛනයේ සඳහන්ව තිබෙන දිනයට වඩා භාරදුන් දිනය වැදගත් වන බැවින් එවැනි ගැටලුවක් ඇති නොවන බවයි.

එමෙන්ම කතානායකවරයා වෙත භාරදුන් ලේඛනයේ එම දිනය නිවැරදි කර බාරදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 64 ක් අත්සන් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ප‍්‍රසන්න රණතුංග සහ සනත් නිශාන්ත යන මන්ත‍්‍රීවරුන් විදේශ ගතව සිටීම හේතුවෙන් එයට සහාය දක්වමින් කතානායකවරයා වෙත ලිපි යොමු කර තිබේ.

 



අදහස් (61)

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේ දිනය වරද්දාගනී

රවින් Friday, 17 May 2019 01:34 PM

ඔන්න අපිව රවුමේ අරන් යන හැටි. පොඩි ළමයෙකුට වුවත් දන්නා කාරණාවක් තමයි දිනය හරිද කියා බලන එක. කොහොමත් ඔය 225ම මොලේ කචල් අය හින්දා අපිව ගොනාට අන්දන්න හිතන් නැති . කොහොම කොහොම හරි ශේප් එකෙන් කට්ටියම එකහු වෙලා වැඩෙන් ලිස්සලා යාවි.

:       0       0

wimal Friday, 17 May 2019 01:40 PM

මේ අය කවුරුවත් කාටවත් නරකක් කරන්නේ නැහැ.මහජනයාට බොරු ෂෝ විතරයි.අන්තිමට මහ ජනයා ජහ මනයා වේ.

:       0       0

අනේ පවු Friday, 17 May 2019 01:41 PM

අනේ පවු දෙයියනේ .. දිනය වරද්දගෙන.... පොඩි උන් නේ...

:       0       0

saliya Friday, 17 May 2019 01:51 PM

64 දෙනාම අත්සන් කලේ කියවන්නේ නැතුවද? එක්කෙනෙක් වත් ඕක දැක්කේ නැත්තේ කොහොමද? කට තිබ්බාට සාක්ෂරතාවය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා වගේ....

:       2650       2637

NuwanSaturday, 18 May 2019 09:07 AM

ඔබට තේරෙන්නේ නැද්ද මොවුන් සේරම බදියුර්දීන්ට කැමැති බව... ? මේක හැමෝම එකතුවෙලා අපිව බොරුවට රවට්ටන්න කළ වැඩක්... සිඟිති ආතල් කියන්නේ මේවට... ආයිත් අපිව රැවැට්ටුවා...

:       0       0

කපිල Friday, 17 May 2019 02:04 PM

මම කිව්වා මේක වෙනව‍ා කියලා. මොවුන් අපිව අන්දනවා ඉවරයක් නැතුව... දිනේ බලන්නැති මී හරක්ද රට කරන්නේ?

:       2438       2415

Kandambi Friday, 17 May 2019 02:04 PM

නොකෙරෙන වෙදකම‍ට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක් ඕනෑ...

:       1277       1262

sirimal Friday, 17 May 2019 02:14 PM

ඕකට මුල් වූ කට්ටිය ගැන හිතන කොට පුදුමවෙන්න දෙයක් නෙවේ. දවස් 52ක කාලයේදී බහුතරය හදාගන්න ලක්ෂ ගණන් දීලා හරි ඔය කියන කෙනාගේ මන්ත්‍රී ගොල්ලන් බාගන්න දඟලපු දැඟලිල්ල අපට මතකයිනේ... ඉස්සරහට ඒ ගොල්ලෝ ආණ්ඩුවක් හැදුවොත් අනිවාර්යයෙන්ම ඔය දැන් විශ්වාසය භංග වුනා කියන අයත් අනිත් කට්ටියත් ඇමති මණ්ඩලයට ගන්නවා නියතයි...

:       531       1783

parakkramaFriday, 17 May 2019 04:40 PM

සිරිමල් මහත්මයෝ...! ඔබතුමාගේ අදහස පිළිගන්න පුළුවන්. පැහැදිලිවම පෙනෙන දෙයක් තමයි බොර දියේ මාළු බෑම... කල දුටු කල වළ ඉහ ගැනීමට උත්සුක වන ඊට උපන් හපන් නඩයකි. තදියම නොහොත් හදිසිය නිසා කොරොස් කටෙත් අත දමාගන්න බැරිව දිනද වරද්දාගෙන ඇති බව පෙනේ. චේතනාව නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් ඩිස්ලයික් දමයි. මෙහෙම අයටද අපි රට භාර දෙන්න ඕනෑ?

:       0       0

Amara Friday, 17 May 2019 02:22 PM

ඉංජිනේරුවෝ ඉන්නවා.. වැඩ කරන්න දන්නේ නැති..

:       362       541

SisiraFriday, 17 May 2019 08:03 PM

කරන්න පුලුවන්ද? නැද්ද? කියලා බලන්න අපි වගේ ඉංජිනේරුවන් එක්ක එන්නකෝ. අපි වැඩ පෙන්නන්නම්.

:       0       0

ගොන් වස්සාTuesday, 21 May 2019 05:50 AM

ලංකාවේ ඉංජිනේරුවන්ට හොදට වැඩ කරන්ඩ පුළුවන් !

:       1       2

chathuri Friday, 17 May 2019 02:47 PM

රාහු කාලේදී වැඩේ පටන් ගන්න ඇත්තේ.., රාහුව පන්නලා තව පාරක් ට්‍රයි කරන්න.. අනුන්ට වල කපන කොට එහෙම වෙනවා. කප්පම් ගන්නකොට අන්තවාදීන් හොඳයි. ඒවා එළිකරන කොට ලැජ්ජයි. දැන් විශ්වාස බංග ගේනවා තමන්ගේ පක්ෂේ රැකගන්න. දෙකට කඩන්නේ නැතිව... එතකොට හැම වැඩක්ම පහසුයි.

:       114       563

අනිල් Friday, 17 May 2019 03:11 PM

මුළු පාර්ලිමේන්තුවම එක පැත්තකත් මහජනතාව විපක්ෂයත් බව තේරුම් ගන්න තවත් මොන සාක්ෂිද? මේ කාලකණ්ණි එකෙකුටවත්, 225ටම, රට ගැනවත් මේ රටේ මිනිස්සු ගැනවත් සත 5ක හැඟීමක් නැහැ. මුන් ඡන්දෙ අරගෙන උන්ගේ වැඩ.

:       96       2750

Athula Friday, 17 May 2019 03:53 PM

225 න් ජනතාවගේ ප්‍රශ්න ගැන කවුද පෙනී හිටින්නේ කියල බලන්න සොයල බලන්න පාර්ලිමේන්තු ප්‍රකශ හදපටි... ඒක නිසා 6 දෙනෙක් ඔය කියන චෝදනා වලට අයිති නැහැ.

:       0       0

PA - RA Friday, 17 May 2019 03:29 PM

එයාගේ වෙලාවද? අපේ වෙලාවද?

:       0       125

saliya Friday, 17 May 2019 03:48 PM

කලින් උදව් කරලා තිබෙනවා නේද? 2/3 හදා ගෙන ව්‍යවස්ථාව වෙනස් කරලා තුන් සැරයක් ඉල්ලන්න හදා ගන්න කොට එහෙම, ආයේ වුවමනා නොවේවි කියලා කොහොම කියන්නද? මෙයා නැතුව ඔයාලටත් අමාරුයි. දුර දිග හිතන්න...

:       2       150

Nandalal DE SILVA - France Friday, 17 May 2019 03:53 PM

හරියට දිනයක් වසරක් ලියාගන්න නොදන්නා අය "ආචාර්ය" වගේ උපාධි හිස් මුදුනේ තියාගෙන ජනතාව රවටන බව අපි දැනගෙන හිටියේ 2500කින් පවුලකට ජීවත්වන්න පුළුවන් බව කිවූ අවධියේ සිටයි!!!

:       0       0

Kumara Friday, 17 May 2019 04:04 PM

ඕවා හොඳයි එයාලටම. දැන්නම් ජනතාව ඇන්දීම බොරු...

:       0       0

Sunil gikiyanage Friday, 17 May 2019 04:11 PM

බයවෙන්න එපා... මචන් අපි මේ පොඩි විහිළුවක් කරන්නේ... මහජනයා හරක්නේ අපේ රටේ..

:       0       0

[email protected] Friday, 17 May 2019 04:17 PM

අට පාස් අයව පත් කරලා යැව්වම ඔහොම තමයි...

:       0       0

wije Friday, 17 May 2019 04:27 PM

මේ කාලකන්නින්ට ඕකවත් හරියට කරගන්න බැරිද? දැන් ඉතින් මුන්ද අපිට කියන්නේ රට බාරදෙන්න කියලා... ඇත්තටම මේ රටට නිදහස නොදී සුද්දම පාලනය කළා නම් මීට වඩා හොඳයි නේද?

:       0       0

chandana Friday, 17 May 2019 04:35 PM

සේරම බොරුව... පුළුවන් නම් මහින්ද රාජපක්ෂ කියන්න අපේ ආණ්ඩුවකට මෙයාලව ගන්නේ නැහැ. මදි වුනොත් ආණ්ඩු පිහිටුවන්නෙත් නැහැ. ඉදිරි අපේ රජයක් අාවම මෙයාලට උපරිම දඬුවම් දෙනවා කියලා...

:       0       0

Laksitha paris Friday, 17 May 2019 05:37 PM

ඉන්න හරක් ගැන පව් කියලා හිතෙනවා.. 2018 .. 2019 දන්නේ නැහැ.

:       1       270

Shan Friday, 17 May 2019 05:44 PM

දේශපාලන සෙල්ලම. මිනිස්සු හිතන්නේ මොවුන් නියම සිංහලයෝ කියලා...

:       0       421

D.c priyalal Friday, 17 May 2019 06:02 PM

බදුර්දීන් යුද හමුදාපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමෙන් මනාව අවබෝධ කර ගත හැකියි. මොහුගේ කුමක් හෝ සම්බන්ධයක් මේ ප්‍රහාර මාලාව පිටුපස තිබෙන බව.. එහෙත් මෙම විශ්වාස භංග යෝජනාවට මෙවන් සුළු පිරිසක් අත්සන් කිරීම සම්බන්ධව හා රටේ මහජනතාවට කරුණු සහ කාරණා යන ආදිය තේරුම් ගැනීමට කාලය දැන් එළඹ ඇති බව මාගේ විශ්වාසයයි....

:       0       425

Asith Friday, 17 May 2019 06:05 PM

ඕක තමයි දැක්කේ නැත්තේ. මොවුන්ට කෝටි 10 ගාණේ හම්බවෙන දෙයක් නම් දිනය දකින්නේ නැතිව යයිද?

:       0       201

sg Friday, 17 May 2019 06:20 PM

අවම වශයෙන් අපොස උසස්පෙලවත් පාස් අය දේශපාලනයට වද්දා ගැනීම මින් තව දුරටත් තහවුරු කර ඇත. කෙසේනමුත් මෙය දිග්ගැස්සා ගැනීමේ උපායක්ද විය හැකිය..

:       0       187

samurai Friday, 17 May 2019 06:31 PM

තප්පුලන හරක්ට වෙලාවක් කලාවක් ගැන දන්නා එකක්ද?

:       1       252

[email protected]Saturday, 18 May 2019 03:44 AM

පාලනය කරන තප්පුලන හරක්ටත් දෙකොන පැටලිලා. රට විනාශයට යනවා. රාජගිරියේ කුලියට ගත්ත විශාල ගොඩනැගිල්ලේ ගිවිසුමත් මේ වගේ වැරැද්දක් වෙලා කියනවා. එතැනින් අදාල හිමිකාරියට වාසි, ශ්‍රී ලන්කන් ගිවිසුම් අවලංගු කරලා වන්දි ගෙවිමේදීත් කෝටි 67 87ක් වෙනකම් වැරදිලා ගෙවළලු මේකට විරුද්ධ වුනේ කබීර් ඇමතිතුමා... ඔහු රටට ආදරය කරන කෙනෙක්.

:       1       58

BamunuarachchiSunday, 19 May 2019 03:11 AM

වැරදි පෙන්නුවේ රටට ආදරය නිසා නොවෙයි තමන්ට ලකුණු දාන්න. තව කොපමණ රටට අහිතකර දේවල් අනුමත උනාද සිදු උනාද රටට ආදරය කරනවා නම් ඒවායේ වැරදි පෙන්වන්න තිබුනානේ. අපේ මිනිසුන්ගේ අවබෝධ කරගැනීමේ හැකියාව තමයි ඔය පෙන්වුවේ. ඔයිට වඩා පුළුල් විදිහ හිතුවොත් නරකද? මොන හේතුවකටද මන්දා සජිත් කියන පුද්ගලයාට ප්‍රති ත්‍රස්ත පනත රටට හොඳ නැහැ කියලා පෙනිලා තිබෙනවා. දැන් සමහරුන්ට සජිත් රටට ආදරය කරන කෙනෙක් හැටියට පෙනේවි.

:       3       104

ranjith Friday, 17 May 2019 06:48 PM

64 දෙනෙකුගේ තත්වය මෙහෙමද? ජනතාවට විහිලු සපයන එක නතර කළානම් හොඳයි..

:       133       299

Chanak los angeles Friday, 17 May 2019 08:49 PM

ගමයා අත ගහන ඔක්කොම කණපිට . ඒ මදිවට කියනවා බාරදුන් දිනයලු වැදගත් . කොහොම නීතිවේදියකු වුනාද දන්නේ නැහැ .බද්යුදීන්ට නොවෙයි ඕවා ගෙනෙන්න ඕනේ බලයට කෑදරකමට අන්තවාදීන් සමග එකතු වී කුමන්ත්‍රණ කර තිබෙන සාටකයන්ටයි .

:       0       0

Amith Friday, 17 May 2019 09:37 PM

කට්ටියමගේම හැටි පේනවා නේද? පක්ෂ, පාට හා ජාතිය නොබලා 225 ම ප්‍රතික්ෂේප කිරීමට කාලය එළඹී ඇත. මේ දවස අපේ රටට ආදරය කරන මිනිසුන් නැතිතරම්...

:       0       0

Nuwan Friday, 17 May 2019 10:24 PM

දැන් මේක විසිකරන්නද යන්නේ? මේකේ වැදගත්කම තියෙන්නේ දින්න පරදින එක නෙවෙයි. කලුසල්ලි වලින් බ්ලැක්මේල් වෙන දේශපාලකයන් කවුද කියලා ලැයිස්තුවක් හදාගන්න පුළුවන්... දැනටම ජවිපෙ 6 එළියේ...

:       0       0

sandy123 Saturday, 18 May 2019 12:22 AM

ඊළඟ ඡන්දයකදී තමන්ගේ පැවැත්ම උදෙසාම පමණක් හිතන බලලෝභී දේශපාලනය ඡන්ද දායකයා මුරුංගා අත්තේ තියන්න ගත් උත්සාහයක් පමණි. වෙනයමක් අන්තර්ගත වී නැත. අපි අන්තවාදයට විරුද්ධයි යන පණිවිඩය මෝඩ පාට කණ්ණාඩි ඡන්ද දායකයාට දැනෙන්න ගත් පොඩි උප්පරවැට්ටියක් පමණයි. වෙන යමක් මෙහි නැත...

:       0       0

sarath perth Saturday, 18 May 2019 12:28 AM

ඉතින් කොහොමද මේ මී හරක් ටික රටක් පාලනය කරන්නේ...? හොඳයි ගොඩ, මඩ වැඩට...

:       0       0

chandima Saturday, 18 May 2019 12:39 AM

එ්කනේ කියන්නේ 225 දෙනාම හරක් කියලා... මුන් කොහෙද රටක් හදන්නේ?

:       0       0

Demuni de silva Saturday, 18 May 2019 01:07 AM

සාක්ෂරතාවය නම් දුර්වලයි. උගත් අය ගේන්න තරම් බුද්ධිමත් විය යුතුයි.

:       0       0

Demuni de silva Saturday, 18 May 2019 01:07 AM

සාක්ෂරතාවය දුරුවලයි. උගත් අය යැවීමට ජනතාව කටයුතු කළ යුතුයි

:       0       0

nimal Saturday, 18 May 2019 01:38 AM

ඒකෙ රිසාඩ් බදියුදින් කළ එක වරදක්වත් නැහැ. තියෙන්නේ එයාගේ ළගින් හිටපු අය කළ දේවල්. මේක එයාට දිනන්න හදපු විශ්වාස භංගයක්.

:       0       0

Lal Saturday, 18 May 2019 04:14 AM

ඔක්කොම බොරු කාරයෝ. අපිව ගොනාට අන්දන්න හදනවා. ඔක්කොම එක වල්ලේ පොල් තමයි...

:       3       175

athuraSaturday, 18 May 2019 09:48 AM

ජීවිත කාලෙම බලයේ ඉන්න 18ට අත උස්සපු කෙනාට විරුද්ධව කොහොමද විශ්වාස භංගයක් ගේන්නේ...

:       0       0

කාවින්ද Saturday, 18 May 2019 04:37 AM

මං හිතන්නේ දිනයේ නම් වැදගත් නෑ. වැඩේ තමයි වැදගත්. වැඩක් කරනකොට දිරිමත් කරන මිනිස්සු බොහොම අල්පයි. අපේ නම් බලාපොරොත්තුව පැත්තෙන් හරි, පිත්තෙන් හරි අන්තවාදී දේශපාලඥයින් එකෙක් හෝ පලවා හැරීමයි. 225ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන එක බොහොම ජනප්‍රිය මාතෘකාවක්. සුදුසු උගත්තු පසෙකලා මෙවැනි 225 පත් කළේ ඔබ වැනි අඳබාලයෝම තමයි කියලයි මට හිතෙන්නේ. ඉදිරියේදිවත් එවැනි ගොන් වැඩ නොකර සිටියි කියලා මේ අඳ බාලයින්ගෙන් මම බලාපොරොත්තු වෙනවා...

:       16       133

Asoka Saturday, 18 May 2019 05:15 AM

ඔන්න ඔහොම ගොන් හරක් තමයි ඔය දියවන්නාවේ ඉන්නේ... කියවන්නේ නැතිව අත්සන් කලේ....

:       0       82

ase Saturday, 18 May 2019 05:51 AM

දැනට වුවමනාව විශ්වාස භංගයක් නොව මොවුන්ට දඬුවම් දීමයි. වහාම අත්අඩංගුවට ගන්න. ඒ තුළින් ජනතාවට සාධාරණත්වයේ පණිවිඩය දෙන්න...

:       0       147

sandy123 Saturday, 18 May 2019 06:14 AM

ඊළඟ ඡන්දයකදී තමන්ගේ පැවැත්ම උදෙසාම පමණක් හිතන බලලෝභී දේශපාලනය ඡන්ද දායකයා මුරංගා අත්තේ තියන්න ගත් උත්සාහයක් පමණි. වෙනයමක් අන්තර්ගත වී නැත. අපි අන්තවාදයට විරුද්ධයි යන පණිවිඩය මෝඩ පාට කන්නාඩි ඡන්ද දායකයාට දැනෙන්න ගත් පොඩි උප්පරවැට්ටියක් පමණයි. වෙන යමක් මෙහි නැත...

:       0       166

nille Saturday, 18 May 2019 06:23 AM

කතානායකට ඕනෑ නම් දිනය ප්‍රශ්නයක් කර නොගෙන ඕක කරන්න පුළුවන්... දින 54 කාලේ ටිපෙක්ස් දාලා එතුමා අත්සන් පිළිගත්තනේ...

:       99       251

GG Saturday, 18 May 2019 06:33 AM

දිනයක් වත් හරියට ලියන්න දන්නේ නැති අයනේ පාර්ලිමේන්තුවට පත් වෙලා ඉන්නේෙ... තව මොනවද මොවුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්...?

:       0       109

රාජුන් Saturday, 18 May 2019 10:22 AM

ඒව මේවා කරකර, අපිව ගොනාට අන්දව අන්දවා, රට්ටු හිනස්සවන ගොන් පාට් දාන්නේ නැතිව, ඔය සිංහල යැයි කියා ගන්නා පක්ෂ ඇණ කොටා ගන්න එක නවත්වලා, සමගි ගිවිසුමක් ගහල එක් සිංහල අපේක්ෂකයෙක් පමණක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න. එතකොට ඔය සුළු සුළු පක්ෂ වටේ කැරකෙන්න ඕනෑවෙන්නේ නෑ රට කරන්න.

:       0       37

ravi Saturday, 18 May 2019 10:50 AM

" උදය ගම්මන්පිල " අතගහපු කිසි දෙයක් හරියන්නේ නැහැ.. !!!

:       1       157

menna Saturday, 18 May 2019 12:16 PM

අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ විශ්වාශ භංගය දිනේ කෙසේවෙතත් ලංකා කොඩියේ තියෙන ඉන්දීය කොඩියේ පාට දෙක නැතිවුනොත් ලංකාව ජාතින් ලෙස බෙදෙන එක මානසිකව අඩුවෙයි. ලංකා කොඩියේ සමබරතාවය, සරල ගාම්භීරත්වය නැතිවෙලා. ඉරි වැඩියි. ව්‍යාකූලයි. අනික සිංහයා කැලේ රජාවුණාට. පැය 18ක් නිදාගන්නවලු. සිංහධේනුව දඩයමේ ගිහින් හොයාගන්න මස් රංචුවේ කාටත් කලින් කාලා ඉතිරියලු අනෙක් එවුන්ට කන්න වෙන්නේ. සිංහධේනුවගේ දඩයම අසාර්ථකවී කෑමට දෙයක් නැත්නම් අවස්ථාව අාවොත් තමන්ගේ පැටවුන් වුවද කන සතෙක්ලු. අද ලංකාවට නියමෙට ගැලපෙනවා කියල හිතෙනවා. ගැනුන්ව පිටරට යවල හම්බ කරගෙන කන්න හදන්නේ. එයද අරාබිකරයටයි. ළමයින්ට මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. එදා හෙළයා කුඹුරේ හොඳට වැඩ කරලා හොඳට කාපු ජාතියක්ලු. අද පණ යනකන් වැඩත් කරලා හරියට කන්නත් නැහැලු. බෙලහීනවී ඇත.

:       0       0

de silva Saturday, 18 May 2019 01:08 PM

ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ කම් තිබෙන බවට සහ ත්‍රස්තවාදීන්ට විරුද්ධ කරන, සටන්කරන, මෙහෙයවන හමුදා නිලධාරින්ට තම ඇමතිකම භාවිතා කරමින් බලපෑම් කරපු බවට සාධාරණ සැකයක් තිබෙනවා නම්..., පොලිසියට පුළුවන් අත්අඩංගුවට ගන්න. ඇමෙරිකාවේ වුණත් ත්‍රස්තවාදී සම්බන්ධකම් තිබෙනවා නම් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට හැංගිලා බේරෙන්න බැහැ. දැනට පවතින හදිසි නීති යටතේ පුළුවන් හමුදාපතිට වුණත්, මොහුව අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා මොහුව රඳවාගෙන ප්‍රශ්න කරලා නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු පවරන්න. ඔහුට නීති උපදෙස් අවශ්‍යනම් හමුදාවේ ඉන්නවා නීති නිලධාරියන්, මේවා ඔක්කොම තියාගෙන අඳ බාලයෝ වගේ මාධ්‍ය හරහා එකඑක ප්‍රකාශ කරන එක ලොකු දුර්වලතාවයක් ලෙස මම දකිමි...

:       0       0

Sriyal Saturday, 18 May 2019 03:13 PM

ඕක හිතලාම කලාද කියලා හිතෙනවා, අපි බලමු ඡන්ද කල් දැමීමට තීරණය කරාවි ද කියලා

:       0       0

yaha Saturday, 18 May 2019 10:36 PM

මෙව්වා මුන්ගේ බොරු.......විශ්වාසභංගය අසාර්ථක කරගන්න තම මුන්ට ඕනේ.....ආයි දිනයක් හරියට දාගන්න බැරිද මුන්ට....බොරුව් ....බොරුව....මුන් මිනිස්සු චූන් කරලා නිකන් ඉන්නවා....මේ සක්කිලින්ට අහු වෙන්න එපා. ඊළඟ ඡන්දෙදි මුන් ඔක්කොම අරින්න ගෙදර.........

:       0       0

ranjith Saturday, 18 May 2019 11:48 PM

ජනතාව නැවත ගොනාට අන්දන්නද හදන්නේ අන්තවාදීන් එක්ක ගිවිසුම් ගහන එකෙකුටවත් නැවත ඡන්දෙ දෙන්නේ නෑ....

:       0       0

බදුර්දීන් Sunday, 19 May 2019 12:41 AM

මොකක්හරි කරුමයක් හින්දා දිනේ අමතකවෙලා තිබියන්......

:       0       0

ලාවෝ මිලානෝ Sunday, 19 May 2019 05:34 AM

මේ 64 දෙනාගෙන් එක්‌කෙනෙක්‍ හරි නැවත පාර්ලිමේන්තුවට යවන්න තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරන අයට කියන්ලන දේවල් නැහැ !

:       0       19

Ajantha Sunday, 19 May 2019 05:42 AM

කිසිම වගකීමක් ඇතුව වැඩකරන්න බැරි අයට පුලුවන්ද රටක් පාලනය කරන්න .....

:       0       8

ravi Sunday, 19 May 2019 09:57 AM

මේ " විශ්වාසභංගය " සකස් කලේ .... අපේ නීතිය හදාරපු නීතිවේදීන් පිරිසක් ... , මේ වැදගත් ලිපියක "" දිනය "" සඳහන් කරන්න තරම් වත් මුන්ට දැනීමක් නැහැ .... ඉතින් වැඩිය කියන්න ඕනේ නැහැ නේද ... මොන වගේ නීතිය හදාරපු බුරුවෝද .. අපේ රටේ දේශපාලනයට සම්බන්ද වෙලා ඉන්නේ කියල ..

:       0       21

Kriss Sunday, 19 May 2019 12:24 PM

ඕක හිතාමතාම කරපු දෙයක්. දිගින් දිගටම කරන්නේ ජනතාව ගොනාට ඇන්දවීමයි. ඒත් ඕවා හැමදාම කරන්න ලැබෙන්නේ නම් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 235 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1008 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 127 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 317 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 293 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site