IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බදියුදීන්ට එරෙහි විශ්වාසභංග ගැන දෙමළ ජාතික සන්ධානය දෙලොවක් අතර

(එෆ්.අස්ලම්)

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායකවරයා වෙත බාරදී තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වන ස්ථාවරය දෙමළ ජාතික සන්ධානයේ නිල ස්ථාවරය නොවන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව සුදුසු වේලාවේදී තීරණය ගනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ අදහස සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පලකරමින් සම්බන්ධන් මහතා මේ අදහස් පළ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කීය.

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 64 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයා වෙත බාර දී තිබෙන මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ථකයට ඇතුළත් කිරීමට යුතුව තිබෙනවා.මෙ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් අරන් නැහැ.අපේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙලා සුදුසු අවස්ථාවේදී මේ ගැන සාකච්ඡා කරල තීරණයක් ගන්න ඕන.හදිසි වෙලා මේ ගැන කතා කරන්න මම කැමති නැහැ.

ඇමති රිෂ්ඩ් බදියුදීන් මට දුරකතනයෙන් කතා කළා.ඔහුට දුන්නෙත් මේ උත්තරේම තමයි.මෙනිසා දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වන අදහස් දෙමළ ජාතික සන්ධානයේ නිල ස්ථාවරය නොවන බව ප්‍රකාශ කරන්න කැමතියි",යැයිද සම්බන්දන් මහතා කීය.

 



අදහස් (4)

බදියුදීන්ට එරෙහි විශ්වාසභංග ගැන දෙමළ ජාතික සන්ධානය දෙලොවක් අතර

ප්‍රියන්ත Tuesday, 21 May 2019 05:02 PM

ඔයාට එයා එහෙනම් කතා කලාද.

:       0       0

sampath pathirana Wednesday, 22 May 2019 03:12 AM

එයාල හැමදාම ඉන්නේ දෙලොවක් අතර. එත් අන්තිම මොහොතේදී ආණ්ඩුව රකිනවා

:       0       21

Sathya Wednesday, 22 May 2019 04:47 AM

"ඇමති රිෂ්ඩ් බදියුදීන් මට දුරකතනයෙන් කතා කළා.ඔහුට දුන්නෙත් මේ උත්තරේම තමයි.", මේක තමයි හොඳම ටික. ලැජ්ජාවක් නැතිව තවමත් බලපෑම් කරනවා බලය රැක ගන්න. දුරකතනයෙන් කතා කරල ඡන්ද ටිකට සල්ලිත් දෙන්නම් කිව්වද කියල සාධාරන සැකයක් අපිට එනවා.

:       0       8

Bamunuarachchi Wednesday, 22 May 2019 03:38 PM

දෙමළ ජාතික සන්ධානය දෙලොවක් අතර කියනවාට වඩා දෙමළ ජාතික සන්ධානය වලපයයි, ගොඩපයයි කීවොත් වඩා හොඳයි නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 20 0

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1465 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 450 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 536 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 406 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 569 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site