(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුවේ ප්‍රකට සහල් ව්‍යාපාරිකයෙකුට බඩ ඉරිඟු වගාවක් සඳහා ලබා දී ඇති සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් භූමියක අක්කර 100 ක් පමණ මේ වන විට ඩෝසර් දමා හෙළි කර ඇතැයි පොළොන්නරුව කලාප බාර වනජීවී සහකාර අධ්යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම කැලෑ හෙළිකිරීමෙන් විශාල පරිසර හානියක් සිදුව ඇතැයිද ,මාදුරුඔය සහ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානවල වෙසෙන වන අලි සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ගමන් ගනු ලබන්නේ මෙම අලි මංකඩ ඔස්සේ යැයිද සහකාර අධ්යක්ෂවරයා පැවසීය.
එහෙත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට එම භූමිය එවැන්නක් සඳහා ලබාදීමට කිසිදු බලයක් නොමැති බවද කීය. මේ වන විට එම සහල් මෝල් හිමියා විසින් බුල් ඩෝසර් ආදී යන්ත්‍ර සූත්‍ර යොදාගෙන දැවමය වටිනාකම් ඇති විශාල ප්‍රමාණයේ ගස් ඇතුළු ශාක වර්ග රාශියකට හානි කර තිබෙන බව සිදු කළ විමර්ශන වලදී හෙළිවී ඇතිබවද ඒ මහතා කීවේය.
මෙම වන විනාශය සහ පරිසර විනාශය නිසා අලි ඇතුන් ප්රමුඛ වනජීවින්ගේ චර්යාවන්ට විශාල වශයෙන් බාධා එල්ලවී තිබෙන බවද චන්ද්‍රරත්න මහතා පැවැසීය. එම නිසා ඒ නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් වහාම නැවැත්වීමට පියවර ගත් බවත් අදාල පාර්ශවකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අප මේ සම්බන්ධයෙන් මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු සුගත් වීරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා කීවේ‘ මෙම භූමිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු බවත් එම නිසා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්වරයාගේද අනුමැතිය ඇතිව මෙයට මාසයකට පමණ පෙර මෙම ව්‍යාපාරිකයාට බඩ ඉරිඟු වගාවක් සඳහා නියමිත බදු මුදල් අයකරගෙන එම භූමිය ලබාදී ඇති බවද කීය.
එහෙත් එම ව්‍යාපාරිකයා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අවසරයකින් තොරව නීති විරෝධී ලෙස එම භූමියට දහයියා සහ දහයියා අළු මුදාහැර තිබෙන බවත් සතියක් ඇතුළත එම දහයියා ඉවත්කර ගන්නා ලෙස ඔහුට දැනුම්දී තිබෙන බවද නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා කීවේය.
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බඩඉරිඟු වගාවට ජලගැළුම් නිම්නයත් විකුණං කති
සමරේ Sunday, 20 September 2020 02:29 PM
ඇයි නම නොදාන්නේ? බයටද? එහෙම නැත්නම් සල්ලි වලට ඔක්කොම යට නිසාද?
කසුන් Sunday, 20 September 2020 03:06 PM
ඇයි මේ නිවුස් එකේ දාලා නැත්තේ මේක කරන්න අවසර දීලා තියෙන්නේ ගිය ආන්ඩු කාලේ කියලා
මෝ Sunday, 20 September 2020 05:26 PM
මුලු රටම උලාගෙන කන්න. කරුමෙ කියන්නෙ විපක්ශ නායකවත් කට අරින්නෙ නෑ
Akila Monday, 21 September 2020 02:38 AM
මේක නම් නවතින පාටක් නැහැ , කැලෑ පාලු පෙරමුණ ආණ්ඩුවේ කට්ටිය ලංකවේ ඔක්කොම කැලැවල් ටික බෙදාගෙන වගේ
Ashan Monday, 21 September 2020 03:44 AM
යන්ඩ හිතෙන රටක්!!!
Champa Monday, 21 September 2020 07:27 AM
මොන තරම් නම් විශාල විනාශයක්ද? අනුග්‍රහය ආණ්ඩුවෙන්. දැන් තියෙන්නේ රාජපක්ෂ නීතිය. රටේ නීතිය බල්ලට ගිහින්. සිංහරාජයත් කපන්න කිව්වට පස්සේ තවත් මොනවාද?
Athula Monday, 21 September 2020 08:41 AM
මේවාට තමයි එ් දවස්වල සර් ගෙන්වලා උඩ තිබ්බේ. ඔය පැත්තේ ඉන්නේ සහල් මාෆියාවේ දෙන්නයි.. එක් කෙනෙක් නිපුන හාල් ගම්ලත්, අනෙක් කෙනා ඩඩ්ලි සිරිසේන අරලිය හාල්... මැතිවරණයට අතපය දිගහැරලා වියදම් කරපු අය දැන් කවුද දිනලා තියෙන්නේ? කිරිබත් කාපු අයද? අහස උසට හාල් මිල වැඩි කරපු අයද..?
Kamal Koyrala Monday, 21 September 2020 10:03 AM
කෝ සෝමාවතියේ ඉඩම් බේරාගන්න ගිය ලේකම්ලා..? දැනුත් ගිහින් අක්කර 72ක් 36ක් කළා වගේ මේවත් බලන්න ගස්ටික උණවටුනට වත් ආවාද කියලා..
deepti Monday, 21 September 2020 12:19 PM
ඡන්දෙ දුන්නේ කන්නනේ...