IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බකිංහැම් මාලිගය අර්බුදයක

හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ වන මේගන් මේකල් මහත්මිය විසින් බකිංහැම් මාලිගය තුළ ජීවිතය පිළිබඳ හෙළිදරව් කිරීමෙන් පසුව, එංගලන්තයේ දෙවැනි එළිසබෙත් රැජින අර්බුදකාරී සාකච්ඡාවල නිරත වූ බව එංගලන්තයේ මාධ්‍ය වාර්තා කරයි.

සියදිවි නසාගැනීමේ සිතුවිලි, ජාතිවාදය සම්බන්ධ කාරණා මෙන්ම එංගලන්ත කිරීටයේ උරුමක්කාරයන් සම්ප්‍රදායට කොටුවී සිටීම සම්බන්ධයෙන් ඇමරිකාවේ සුප්‍රකට රූපවාහිනී සාකච්ඡාවකදී මේගන් මේකල් සහ හැරී කුමරු දෙදෙනා හෙළිදරව් කළහ. සුප්‍රකට රූපවාහිනී නිවේදිකාවක වන ඔපාරා වින්ෆ්‍රී සමඟ සසෙක්ස්හි ආදිපාදවරයා (හැරී කුමරු) සහ සසෙක්ස්හි ආදිපාදවරිය (මේගන් මේකල් මහත්මිය) එකට වාඩි වී සිටීමත් බොහෝ දෙනා විමතියට පත්කරන්නක් විය. එහෙත් මේ වන  විට දෙදෙනාම රාජකීය තනතුරු අතහැර ඇති හෙයින් සසෙක්ස්හි අදිපාදවරයා හෝ අදිපාදවරිය ලෙසින් හඳුන්වනු නොලැබේ.

මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව, හැරී කුමරුන්ගේ අභාවප්‍රාප්ත මව වූ, ඩයනා කුමරිය විසින් 1995 දී ලොව සළිත කරවමින් කළ හෙළිදරව්වට පසුව එංගලන්තයේ බකිංහැම් මාළිගය දෙදරවූ සිදුවීමක් විය.

තම පියා වන චාල්ස් කුමරු තමන්ව “හුදෙකළා කරදැමූ” බවත්, තමන්ගේ දුරකථන ඇමතුම් වලට උත්තර දීම නතර කර ඇති බවත් හැරී කුමරු විස්තර කළේය. එංගලන්ත රජ කිරුළේ උරුමක්කාරයා වන චාල්ස් කුමරු මෙන්ම තමන්ගේ වැඩිමහල් සහෝදරයා වන විලියම් කුමරු යන දෙදෙනාම රජ පවුලේ සම්මුතීන් වලට “කොටු වී සිටින” බවද හැරී කුමරු මෙම රූපවාහිනී වැඩ සටහනේදී පැවසීය.

“ඔවුන්ට ගැලවීමක් නෑ... ඒ සම්බන්ධයෙන් මට විශාල අනුකම්පාවක් තියෙනවා” යයි හැරී කුමරුන් සීබීඑස් රූපවාහිනී සේවය ඔස්සේ ඉරිදා (7 වැනිදා) රාත්‍රියේ විකාශය කළ සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය. හැරී කුමරුන් එසේ පවසා සිටියේ එංගලන්තයේ රජ පවුලෙන් ඉවත්වී යාම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමිනි.

එංගලන්ත රජ පවුලේ රාජකාරි වලින් පසුගිය වසරේදී ඉවත් වූ හැරී කුමරුන් සහ ඔහුගේ බිරිඳ වන මේගන් මේකල් රජ මාළිගය හැරපියා ඇමරිකාවේ පදිංචියට ගියහ. කළු ඇමරිකානු සම්භවයක් සහිත, හිටපු රූපවාහිනී නිළියක වන මේගන්, රාජකීය පවුලේ ජීවිතයට සූදානම් නැති “අහිංසකාවියක” ලෙස ඇයම හඳුන්වා දුන්නාය.

තමන් සිය පළමු දරු ප්‍රසූතියට සූදානම්ව සිටියදී, මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටි අතර උපදින්නට සිටි තම පුතාගේ සමේ පැහැය ගැන රජ පවුලේ අය නිල වශයෙන් සැලකිලිමත් වූ බවත් පැවසුවාය.

“මට... තවදුරටත් ජීවත්වෙන්න උවමනාවක් තිබුණේ නෑ” යයි ඇය ඔපාරා වින්ෆ්‍රීට පැවසුවාය.

මේගන් මේකල් මහත්මිය, තම පුතාගේ සම කෙතරම් අඳුරු වනු ඇත්ද යන්න ගැන රාජකීයයන්ගේ “කනස්සල්ල” සම්බන්ධයෙන් බියවී සිටියාය.

ඇගේ පුතු වන ආචීගේ පෙනුම පිළිබඳ රාජකීයයන්ගේ උනන්දුව ගැන මෙන්ම 2019 මැයි මාසයේ උපත ලැබීමට පෙර සිටම ඔහුට හිමිවිය යුතු ආරක්ෂාව පිළිබඳවද මහරැජිනගේ මුණුබුරා වන හැරී සිය බිරිඳට හෙළිදරව් කර තිබිණ. ආචි කුමරුන් උපත ලද්දේ 2019 මැයි මස 6 වැනිදාය.

“මම ගැබිනියක්ව සිටි ඒ මාසවලදී ... “ඔහුට ආරක්ෂාව දෙන එකක් නෑ... ඔහුට (රාජකීය) තනතුරක් දෙන එකක් නෑ...වගේ දේවල් අපි එක දිගට සාකච්ඡා කළා”. ඔහුගේ සමේ පැහැය කෙතරම් අඳුරු විය හැකිද යන්න ගැනත් ඔහු උපදින්න පෙර ඉඳන්ම සාකච්ඡා ඇතිවුණා” යයි මේගන් ඔපාරා වින්ෆ්රිට පැවසුවාය.

ආචි කුමරුන්ගේ සමේ පැහැය සම්බන්ධයෙන් උනන්දු වූයේ කවුරුන්ද යන්න හෙළිදරව් කිරීමට හැරී කුමරුන් මෙන්ම මේකල් මහත්මියද ඉදිරිපත් නොවූහ. එහෙත් වින්ෆ්‍රී පසුව කියා සිටියේ මේ වනවිට 94 හැවිරිදි වියේ පසුවන දෙවැනි එළිසබෙත් මහරැජින හෝ ඇයගේ ස්වාමියා වන 99 හැවිරිදි පිලිප් කුමරුන්ද මෙම සාකච්ඡා වලට සම්බන්ධ නොවූ බවයි.

රාජකීය යුවළ උතුරු ඇමරිකාවට පදිංචියට යාමේ තීරණයෙන් පසු මේගන් මේකල් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පුවත්පත්වල විවිධ ආකාරයෙන් ඇය සම්බන්ධයෙන් වාර්තා කෙරිණ. ඔවුන් කියා සිටියේ හැරී කුමරුන් සහ බිරිඳ සිය පුතුද රැගෙන ඇමරිකාවට යාම නොසැලකිලිමත් හා ආත්මාර්ථකාමී තීරණයක් ලෙසිනි.

- 2021 මාර්තු 9 දා 2021 (ලන්ඩන් - ඒ.එෆ්.පී.)

 



අදහස් (2)

බකිංහැම් මාලිගය අර්බුදයක

Demuni Uduwara Tuesday, 09 March 2021 06:41 PM

සංස්කෘතික සීතල යුද්ධයක්.

:       0       1

sampath Thursday, 11 March 2021 05:05 PM

මාන්නාධික බවේ විපාක බුදුදහමේ විග්‍රහ කරලා තියෙනවා. මේ අයට තියෙන්නේ අධික පුහු මාන්නයක්... එය වර්තමානයට නොගැලපෙන්නක්... එය නැවත ඔප්පු වී හමාරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 143 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 310 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 58 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 508 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1440 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3655 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site