(ටී.කේ.ජී.කපිල )
බංග්ලාදේශයේ රැදී සිටි ශ්රීා ලාංකිකයන් 276 දෙනෙකු යළි මෙරටට රැගෙන , ශ්‍රී න්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(24) දින අලුයම ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1423 දරන එම විශේෂ ගුවන් යානය බංග්ලාදේශයේ ඩකා නුවර ගුවන් තොටුපළේ සිට අද(24) දින අලුයම 1.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම සහ ඔවුන් රැගෙන පැමිණි බඩුබාහිරාදිය ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු වීමට පෙර විශබීජ හරණය කිරීමට ලක් කෙරුණි .
පසුව මෙම ගුවන් මමගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න සොයා බලන්නට ද කටුනායක ගුවන් තොටුපළේ පියවර ගුවන් තිබුණි .
ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ යොදා ගෙන , මෙම ගුවන් මගීන් පිරිස , නීරෝධායන කටයුතු සදහා එම මධ්යවස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණි .
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බංග්ලාදේශයේ රැදී සිටි ලාංකිකයින් 276 ක් යළි ශ්‍රී ලංකාවට