IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පෞද්ගලිකව හානි වූ අයගෙන් රන්ජන් පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලයි

හඬ පට ප්‍රචාරය වීමෙන්  පෞද්ගලිකව  හානී වු  සියලු දෙනාගෙන්  අවංකවම සමාව ඉල්ලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ( 21)  පැවසීය.
 
පාර්ලිමේන්තුව අමතමින් රන්ජන් රාමනායක මහතා මේ බව පැවසීය.
 
වැඩි දුරටත්  අදහස් දැක්වූ  මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

හඬපට ප්‍රචාරය වීමෙන් හානි වූ සෑම මනුස්සයෙකුටම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සියලුම දෙනාගෙන් මම සමාව ඉල්ලා සිටිනවා. 

මම හිතාම හඬපට හෙළිදරව් කළේ නෑ.වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මගේ ආරක්ෂාවට මා තියාගෙන සිටිය හඬපට මිසක් මම කවදාවත් හෙළිකරලා කාගේවත් පවුල් ජිවිත හා සාමය නැති කරන්න ඒවා හෙළි කළේ නෑ. එක කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ----- ව්‍යාපාරිකයකුගේ ----- නාලිකාවක් කියන එක මම මේ අවස්ථාවේ කියනවා. 

මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කරපු හොරොන්ව ඇතුළට දාන්න මිසක් නිදහස් කරන්න නෙමෙයි. අපි ආවේ සියලු දෙනා එකතු වෙලා මේ සටන ජයග්‍රහණය කරමු. මා ළඟ තවත් රටට හංගන සංවාද මේ සභාවේ මා සභාගත කරනවා. මා සමඟ නිර්භයව කතා කළ අගවිනිසුරුවරු, විනිසුරුවරු, රාජ්‍ය නායකවරු මා සමඟ කතා කළා. ඒ අය කිවූ කතා ජනතාවට දැනගැනීමට අයිතියක් තියෙනවා. රාජ්‍ය නායකයාගේ හඬින්ම තියෙනවා. කැබිනට් ඇමැතිවරු ඉන්නවා. කැබිනට් ඇමැතිවරුගේ නෝනලා ඉන්නවා. ඒ අයගේ දරුවන් ඉන්නවා.ඒ අය මට දුක කියලා තියෙනවා. ඒ සියලුදෙනාගේ හඬපට මම සභාගත කරනවා.හැන්සාඩ් එකේ අයට ඒවා මගෙන් ලබා ගත හැකි මම ඒවා පාර්ලිමේන්තුවට ලබාදෙනවා.

මුලාසන මන්ත්‍රීතුමනි, රන්ජන් රාමනායක වන මම ඇයි මේවාගේ දෙයක් කළේ කියලා ජනතාව අහනවා. මුලාසන මන්ත්‍රීවරුනි,මම කෝප් කමිටුවේ සාමාජිකයෙක්. කෝප් කමිටුවේ තියෙන්නේ දුෂණ වංචා ගැන සොයන්න. ඒවාගේම දුෂණ වංචා ආංශික කාරක සභාවේ සාමාජිකයෙක්. 

මම පසුගිය ටිකේ සුනිල් හඳුන්නෙති මන්ත්‍රීතුමා සමඟ කෝප් කමිටුවේ වැටලීම් වලට සක්‍රීයව දායක වුණ මන්ත්‍රිවරයෙක්. ඒ වැටලීම් වලට යද්දී මාධ්‍යවේදීන්ටත් හොරෙන් මගේ විඩියෝ කැමරාවක් මම අරගෙන ගියා. එහෙම අරන් ගියේ ලංකාවේ මිනිස්සු වගේ වචනය වෙනස් කරන කිව්ව දේ නෑ කියන, දන්නේ නෑ කියන, මතක නෑ කියන ජනතාවක් මම ලෝක දැකලා නෑ. සමහර අය කියනවා මම කිව්වා නෑ කියලා කිව්වාම මට පෙන්නන්න තියෙනවා.මේක පසුගිය කාලේ වුණා.

රංගේ බණ්ඩාරට කතා කලා එස්බී දිසානායක මහතා. රංගේ ඔයා එනවාද කියලා දැන් මම ආවොත් ඔයාට කැබිනට් ඇමැතිකමක් ගන්ඩ පුළුවන්. රංගේ බණ්ඩාර ඕක ඇහුවා නම් ජනමාධ්‍යවේදීන්  කියයි බොරු බයිලා කියන්න එපා. අපිට රෙකෝඩින් පෙන්නන්න. සාක්කි පෙන්නන්න කියලා .

අපි දන්නවා ලෝක හොරෙක් කියලා. සුනාමි වංචාව, කතරගම වංචාව, මහබැංකු වංචාව,ඇවන්ට්ගාඩ් වංචාව මේ සේරම කියද්දී ජනතාව කිව්වේ සාක්කි කෝ කියලා. ඒ නිසා තමයි මම හැම දේටම සාක්කි, දත්ත, වෛද්‍ය වාර්තා, සහතික මේ සේම තියාගත්තේ.ඒ කළේ හොරු අල්ලන්න. හොරුන්ව කූඩු කරන්න. හොරුන්ව ඇතුළට දාන්න. හොරු නිදහස් කරන්න නෙමෙයි. 

මෙතන ඉන්න දුෂිතයන්ගේ චරිත සහතික මට ඕනෑ නෑ. මේ සේරම ඔප්පු කරන්න හඬපට වාගේම විඩියෝ පට තියෙනවා. කාටවත් සෙල්ලම් කරන්න බෑ. පහුගිය ටිකේ දැක්කා සාක්කි කරුවන් මිලදී ගැනීම. මේක මට කිව්වේ හිරුණිකා මැතිනිය. එතුමියගේ පියා ළඟ වැඩ කළා බෝලේ කියලා රියදුරෙක්. ඒ රියදුරා පළමු නඩුවේ දී භාරත පැත්තේ සිටියා. පස්සේ ලක්ෂ 70 ක් දීලා ඒ රියදුරු මිලට ගෙන වෙන සාක්කියක් දුන්නා. 

මම කාටවත් අපහස කරනවා නෙමෙයි නඩුව දැම්මා එෆ්සිඅයිඩිය එකේ. දැන් අලුත් ක්‍රමය තමයි විත්තිකාරයන් පැමිණිලි කාරයන් සෙට් වෙනවා.අපි දාමු දුර්වල නඩුවක් දුර්වල නඩුව දාපුවාම නඩුව මඟදී හැලෙනවා. ‘  



අදහස් (67)

පෞද්ගලිකව හානි වූ අයගෙන් රන්ජන් පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලයි

Cisco Tuesday, 21 January 2020 10:37 AM

මෙයත් කිතුලට නැග්ග මනුස්සයා වගේ. එයා කියන ආකාරයට හොරු ඇල්ලුවා නම් කොහොමද ඔය කියන කට්ටිය එළියේ ඉන්නේ? අවුරුදු හතර හමාරක් කරගන්න බැරි වුනු දේවල් ගැන දැන් කියලා වැඩක් නැහැ. ඔය අනෙක් අයගේ හඬපටත් එළියට දාන්න බොරුවට පොර වෙන්න බලන්නේ නැතුව.

:       2557       1864

BamunuarachchiTuesday, 21 January 2020 12:45 PM

මොන හොරුද හලෝ?

:       330       171

ඒකනායක Wednesday, 22 January 2020 12:59 AM

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල සිටින්නාවූ බැටළු හම පොරවාගත් වෘකයන් පිලිබදව සාක්ෂි සහිතව ජනතවට හෙලිකිරීම පිලිබදව පක්ෂ, පාට, ජාති බේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් ඔබගේ නිර්භීත ක්‍රියාව ට ගරු කරනු ඇත. මොවුන්ගේ සැබෑ චරිතය සහ ඔවුන්ගේ ක්‍රියාවන් අද ලංකාවේ පමණක් නොව ලොවපුරා සිටින ශ්‍රී ලාංකිකයන් හට නැරබීමට අවස්ථව ලැබී ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල ඔබ සිටිය යුතුම කෙනෙකි. කොහෙන් ඡන්දයට තරග කලත් ඉදිරි මැතිවරණයේදී සත්‍ය වශයෙන්ම ඔබව පාර්ලිමේන්තුවට පත්වී එනු ඇත.

:       263       625

Warnakulasuriya Wednesday, 22 January 2020 02:29 AM

බමුණු තුමා කලබල වෙන්න එපා. ඒ මහතා කියන්නේ සුනාමි හොරැ ගැනවත් මහබැංකු හොරැ ගැනවත් 10% කොමිස් කාරයෝ ගැනවත් නොවේ. ඒවා ඉතින් මල්වට්ටි හරහා වෙන නිසා අපිටද ගානක් නැත. ඔහු කියන්නේ ගමේ කුකුළු හොරැ ගැන. ඒවා මහා භයානකයි. අර රංජාගේ හඬපටි වගේ. මොකද හඬ පටියකින් කුඩුකාරයෙක්, මිනිමරුවෙක් නිදහස් වෙනවා නම් ඉතා භයානකයි.

:       2       204

මහා හොරාWednesday, 22 January 2020 05:28 AM

"මට හොරුන්ගෙන් චරිත සහතික මොකටද.... චරිත සහතික දෙන්න පුලුවන් අය මෙතන ඉන්නවද? කවුද ඉන්නෙ මෙතන? වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා එතනෝල් ගෙන්නන 4ක් ඉන්නවා කුඩු ගේන 2ක් ඉන්නවා රෙස් බයි රෙස් කරන එකෙක් ඉන්නවා උන්ගෙන් ද මම චරිත සහතික ගන්නේ...." ඔන්න අපි පාර්ලිමේන්තුවේ යවලා තියෙන අයගේ සංයුතිය. ඊලග පාරවත් රන්ජා වගේ අය පාර්ලිමේන්තුවට යවන්න.

:       22       125

BamunuarachchiWednesday, 22 January 2020 08:19 AM

දැන් රන්ජන් හොරු අල්ලන්න ගහිල්ලා අමාරුවේ වැටුනේ හොරුද රංජන්ද? මම දන්නා විදිහට රන්ජන් නළුවෙක් මිස ස්කොට්ලන්ඩ්යාඩ් වල පුහුණුව ලබපු කෙනෙක් නොවෙයි. නළුවන් සිනමාවේ කරන වික්‍රම ගෙදරදී කරන්න එපා කියලා ඒ වික්‍රම පෙන්වන තැන්වලදී කියනවා ඔබ දකින්න ඇති නේද? රන්ජන් කලේ සිනමාවේ කරන වික්‍රම ගෙදරදී කොරන්න ගිහින් එයා සහ වටපිආවේ සියලු දෙනා මාරුවේ දා ගත්තා. දන්නා විදිහට හොරු කියන්න ගිහිල්ලා ගුටිත් කෑවා. ඔබ දන්නා පරිදී බැංකුවල ආරක්ෂාවට ආරකෂ්කයෝ තුවක්කු තියාගෙන සිටියට බැංකු කොල්ල වලදී කවදාද ඔවුන් වෙඩි තිබ්බේ? ඒවගේ ස්ථානවලදී පිළිපදින්න තිබෙන උපදෙස තමයි වීරයෝ වෙන්න එපා හොරුන්ගේ විදාන වලට වැඩකර ජීවිත බේරා ගන්න කියන එක. එහෙම තැනක රන්ජන හිටියානම් අනික් මිනිස්සුන්ටත් හොරුන්ගෙන් වෙඩි කන්න වෙනවා. දැන් මොකද උනේ සමාව ගත්තා කියලා අනික් මිනිසුන්ගේ චරිතවලට උන හානිය මකන්න පුලුවන්ද ? පසුව තව කියන්නම්.

:       133       2

ranjanTuesday, 21 January 2020 08:40 PM

මේක කියවන ඔබගේ පුද්ගලික දුරකථන සංවාදයක් හෙට සිට නම් ගම රුප ඇතුළුව ටීවී රේඩියෝ වල සහ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වෙන්න ගත්තොත් ඔබට කොහොම හැඟීමක් දැනේවිද ? මට හිතාගන්න බැහැ රටේ මොන නිතියකින්ද , බලයකින්ද මේ වගේ පුද්ගලික සාමාන්‍ය දුරකථන සංවාද ප්‍රචාරය කිරීමට මාධ්‍යට අවසර ලැබුනේ කියලා.

:       2       190

රංගන Wednesday, 22 January 2020 11:02 AM

උදය ගම්මන්පිළ වහාම මාධ්‍ය සාකච්ඡාවක් කොට පැහැදිලි කිරීමක් නොකළහොත් ඔහු එම ප්‍රහාරයට වගකිවයුතු කොටස් කරුවකු වනු ඇත.

:       0       4

chinthakaWednesday, 22 January 2020 07:55 AM

අපි දැක්කා මේ රජය බලයට අපු වෙලාවේ මේ මනුස්සයා "අරලිය ගහ මැදුරට" පැනලා අර කඩු, කිනිසි පෙන්න පෙන්න රටට දුන්නු ආතල් එක. ඒ වගේම මතකයි හමුදුවරුන්ට අපහස කර කර නටපු නාඩගම, ඒ වගේම දැන් දැනගත්තා මෙයා "මරියතුමීටත්" කරපු අපහාස. මේ මනුස්සයට මේ පඩිසන් දීල තියෙන්නේ අන්න ඒ අනුන්ට කරපු අපහාස වල ආනිශංස. මේ පටන් ගත්තා විතරයි. තවත් ඉස්සරහට ලැබෙයි. හොදම දේ කියන්නේ මෙච්චර රටට, නීතියට, උසාවිවලට, මිනිස්සුන්ට හානියක්, අපහාසයක් කරපු මේ යකාව අපහු පාර්ලිමේන්තු යවන්න ඕන කියලා තපුල්ලන "අම්බරුවන්" නඩේකුත් මේ රටේම ඉන්නවනේ.

:       144       10

athuraWednesday, 22 January 2020 08:25 AM

ඔයත් අම්බරුවෙක් තමයි. මොකද ඔය හඩ පට මොකුත් එළියට දැම්මේ රන්ජන් නෙමෙයිනේ. අනෙක මේ රජය බලයට ආව වෙලාවේ මෙයා කොහෙද අරලියගහ මන්දිරේ ඇතුළේ හිටියේ ?

:       1       160

MaheshWednesday, 22 January 2020 08:51 AM

ඔය වගේ අය ඉන්න රටක කුඩ්ඩෝ, හොරු, පාර්ලිමේන්තු යෑම අහන්නත් දෙයක්ද ?

:       1       15

saman Tuesday, 21 January 2020 10:42 AM

තොර තොරන්චියක් නැතිව ෆෝන් වලින් වල් පල් කතා කරන අයට හොඳ පාඩම.

:       157       366

Janaka from Matara Tuesday, 21 January 2020 10:51 AM

ඕනෑම මෝඩයෙකුට සමාව ඉල්ලා සිටිය හැකිය. නමුත් වැඩිහිටියෙක් විශ්වාසය තහවුරු කළ යුතුය. විශාල මාංශ පේශි ඇති කුඩා ළදරුවන් පාර්ලිමේන්තුවට යවන්න එපා.

:       484       1145

rasika - colombo 7Tuesday, 21 January 2020 07:59 PM

ඔබ වැනි අයනම් සැහෙන්න දියවන්නාවේ ඉන්න බව පෙනෙනවා.

:       3       156

duminda Tuesday, 21 January 2020 09:49 PM

එක්කෙනෙක් ෆයිල් තියන් ඉඳල කට්ටියවම බ්ලැක්මේල් කරලා ඔක්කොම සෙල්ලම් දැම්මා. මෙයා ඊට එහා ගිහින් හඬ පටි තියන් හිටියෙත් කාලය ආපුවම ඒ වගේම සෙල්ලම් දාන්න කියලයි මම නම් හිතන්නේ. ලක්ෂ තුනක් හඬ පටි හංගගෙන හිටියේ ජනතාවට ආදරේට නම් නෙමෙයි කියලා මට හිතෙන්නේ. මෙයා ඕව ඔක්කොම තියන් ඉඳල ඉන්නේ තමන්ගේ ආරක්ෂාවට සහ අනිත් අයව අපහසුවට පත්කරලා ඕනෑම දෙකින් බේරෙන්න වගේ. කරුමෙට තුවක්කුව තියන් බුලට් නැතුව හිටපු එකාගේ අතටම බුලට් ටික ගිහින්. දැන් ඉතින් තුවක්කුව තියන් හිටපු එකා ඉලක්කෙට විතරක් නෙමෙයි වටේටම තියන්න ෂූටින් කරන පාටක් පෙන්නේ. කොහොම හරි ෂූටින් පෙන්නලාම නළුවවත් මරල චරිතෙත් බේරාගනී කියලත් මට හිතෙනවා.

:       140       212

mpWednesday, 22 January 2020 02:01 AM

ඒක ඇත්ත. ශරීීරය විශාල වුනත්, මොළය හිස්. ඒකයි තාමත් වැරැද්දේ බරපතල කාම තාම නොතේරෙන්නේ.

:       164       262

athuraWednesday, 22 January 2020 08:27 AM

ඇයි මෙයාගේ වැරැද්ද විතරක් අනුන්ගේ ඒවා මාධ්‍යයේ ප්‍රචාරය කරපු එක වරදක් නෙමෙයිද.?

:       0       51

mihira Tuesday, 21 January 2020 10:53 AM

අන්න හරි පුතා මහ අයගේ ඒවා එළියට දාන්න රෙදි ගැළවෙන්න.

:       8       701

ravinTuesday, 21 January 2020 12:36 PM

ඔව් රන්ජන් මහත්තයෝ, මුන්ගේ රෙදි ගැලවිලා,හෙළුවෙන් දුවන්න...ඔය ඔක්කොම හඬ පට එලියට දමන්න.හැබැයි සහතික කරලා.කොපියක් තියාගෙන එහෙම නැතිනම් කොපියක් දමන්න.ඔරිජිනලෙක ඔබතුමා තියාගන්න.මොකද දියවන්නාවේ ඉන්නේ මහා ගඩුවෝ.

:       14       445

RUCHITuesday, 21 January 2020 01:01 PM

මෙයා ලැජ්ජාව වහගන්න බොරු කියන්නේ. රැවටෙන්න එපා. මෙයා ගාව ඉතුරුවෙච්ච දෙයක් නැහැ. බොරු කියන්නේ. මෙයා කවදාවත් ලොකු අයව පාවලා දෙන්නේ නැහැ. දුන්නොත් යන එනමන් නැතිවෙන හින්දා............

:       526       445

athuraWednesday, 22 January 2020 04:01 AM

රුචී කියන්නෙ කොහොමත් පොහොට්ටුවේ කෙනෙක්, බය වෙලා දොඩවනවා.

:       1       64

jagath Tuesday, 21 January 2020 11:14 AM

රන්ජා හරි.....

:       149       1749

raviTuesday, 21 January 2020 06:18 PM

ඔව් අපිත් එකඟයි..

:       4       108

Raveendra Tuesday, 21 January 2020 11:20 AM

තමන්ගේ ජාන පිළිබදව මුළු සමාජයටම ප්‍රසිද්ධියේ මෙම " හරකා " විසින්ම ප්‍රකාශ කිරීම පිළිබදව එක අතකින් සතුටකි. ඒවාට සමාව දෙන එක දේව ගතිය. එනමුත් සමාව දීම නොවේ මෙහි ගැටලුව කරපු වැඩ නිසා හානියට පත් වුනු චරිත, පවුල් සංස්ථාවල් නැවත යථා තත්වයට ගෙන ඒමට හැකිවේද යන්නවත් " මේ හරකාට " නොතේරීම කණගාටුවකි.

:       2368       1107

mihira Tuesday, 21 January 2020 11:30 AM

පුළුවන්නම් රෙදි ගලවන්න.

:       565       231

Herath Tuesday, 21 January 2020 11:40 AM

මොනවා කරත් මෙම පිරිස් සමඟ සිටින අහිංසක, කිසිම සම්බන්ධයක් නැති දු දරුවන් සහෝදර සහෝදරියන් දෙමාපියන් නෑදෑ සැමට වන අසාධාරණයට වග කිව යුතු කවුද ?

:       295       140

Bimal Tuesday, 21 January 2020 12:00 PM

එතකොට ඕස්ට්‍රේලියාවේ හංගපු හඬපටි ? ඒවා එහෙ මිනිස්සුන්ගේ හොර අල්ලන්න පටිගත කළ ඒවාද ? මුළු රටේම ඉන්නේ විහිළුකාර දේශපාලකයන් කියලා ලෝකෙට කියන්නේ නැතිව ඕවා එලියට දාන්න බැරි වුණේ මොකද .?

:       131       157

නන්නාදුනන හාදයා Tuesday, 21 January 2020 12:38 PM

ඔබ හරි රන්ජන්. මේ හොර රැළේම රෙදි ගලවන්න.

:       930       1029

BamunuarachchiWednesday, 22 January 2020 12:57 AM

හොරු දිහා බලලා හොරු රැළගේ රෙදි ගැලවුනා විතරද පෙනෙන්නේ? හැරිලා බලන්න රන්ජන්ගේත් රෙද්ද ගැලවිලා. නීතියය කරන විනිසුරුවන්ට අල්ලස් හැටියට උසස්වීම් දෙන්න පොරොන්දුවෙලා නීතිය ඉදිරියේ අහිංසකයින් මිනීමරුවන් කරලා. ඒගැන මොකද කියන්නේ? මිනිසුන් ගේ පෞද්ගලික නඩුවලට බලපෑම් නොකලා කියාලා නොසිතන්න පුලුවනිද?

:       88       117

athuraWednesday, 22 January 2020 04:04 AM

හොරු ගැන කියනකොට බමුණුත් භූමිතෙල් ගෑවුණු ගැර ඩියා වගේනේ.

:       8       155

WasudewaWednesday, 22 January 2020 06:37 AM

මේ බමුණු කියන හඩ පට පස්සේ එඩිට් කරලා හදපුවා. ඒකවත් තේරෙන්නේ නැහැ.

:       87       10

BamunuarachchiWednesday, 22 January 2020 08:25 AM

නීතිය ඉදිරියේ හොරෙක් කියා ඔප්පු නොවුන කෙනෙකුට හොරු කියන්න ගිහිල්ලා මට කෝටි ගණන් වලින් වන්දි ගෙවන්න බැහැ.

:       7       0

Chandana F Tuesday, 21 January 2020 12:45 PM

මොන දේ කරන්නත් ශිෂ්ට සම්පන්න ආචාර ධර්ම පද්ධතියක් ඇත. එයයි විශිෂ්ටයකුගේ ප්‍රතිභාව.

:       208       221

samareTuesday, 21 January 2020 06:20 PM

ඔයා කියන්නේ මොන වගේ කට්ටිය ගැනද... ඒ ශිෂ්ට අය තමයි හොරු ටික නිදහස්කලේ.

:       1       53

RanjithWednesday, 22 January 2020 04:55 AM

ඒ ශිෂ්ට සම්පන්න ජනාධිපතිවරයෙක් තමයි යන්න ඉස්සෙල්ලා එක්කෙනෙක්ව නිදහස් කරලා ගියේ .... අනිත් අය ගැන කතා ඕනෙම නැහැ.

:       0       104

විපරමා Tuesday, 21 January 2020 01:05 PM

සුදනෝ වෙන්න හැදුවට ගොඩක් දේශපාලුවන්ගේ පැටිකිරිය ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       1       434

කුමාර Tuesday, 21 January 2020 02:05 PM

ඇයි ඔයා හිරුණිකාගෙන් සමාව ඉල්ලුවෙ. ඒ හඩ පට එයාගෙ නෙවෙයිලුනෙ..

:       161       788

Mahee Tuesday, 21 January 2020 02:14 PM

රන්ජන් මේ වැඩේ කළ හැටි සදාචාරාත්මක නැහැ. හැබැයි, මේ ඉන්න 225 දෙනාගෙන් කොයි හාදයද සදාචාර සම්පන්න? දැන් සිද්ද වෙන්නේ මොකක්ද කියන එක වහලෙකු නොවන ඕනෑම කෙනෙකුට තේරෙන්න ඕන. හඬ පට වලින් අපිට මෝඩ චුන් එකක් දෙන ගමන් දෙරණේ අයියගේ මල්ලි හෙමිහිට එලියට එයි. කොහොම වුණත් රන්ජන් අගමැතිගේ හඬ එලියට දාන එක හොඳයි. බලමුකෝ ඒවායින් මොනවද කියවෙන්නේ කියල.

:       13       333

225ත් එලවමු Tuesday, 21 January 2020 02:15 PM

රංජන්ගේ හඬපටි ඔහුට අයත් පෞද්ගලික වස්තුවක. ඔහු ඒවා ප්‍රසිද්ධ කළේ නැහැ.ඔහුගේ අනුදැනුමකින් හෝ අවසරයකින් තොරවයි ජනතාව හමුවට පත් කරලා තියෙන්නේ. සැබෑ වැරදිකරුවන් ප්‍රසිද්ධ කළ උදවියයි.

:       1463       1511

Mahesh Tuesday, 21 January 2020 02:54 PM

බොහෝමයක් දේශපාලන චරිත සුදු ඇදන් හිටියට කුණු ගොඩවල්. හැබයි ඉතින් අපේ රටේ මෝඩයන් වැඩි නිසා කොහොමත් එයාලා දිනනවා.. උගත් බුද්ධිමත් හෝ ප්‍රායෝගික මිනිස්සු වෙනුවට කසිප්පු මුදලාලිලා, බුකී කාරයන්, කුඩු කාරයන්, ලෝක හොරු සහ නලුවෝ පාර්ලිමේන්තු යන්නේ ඒකයි... මිනිස්සු කතාවලට රැවටෙනවා ලස්සනට ..

:       0       154

samaranayakaTuesday, 21 January 2020 06:26 PM

ඔව් , රටේ වැඩිහරියක් තවම ප්‍රාග් අයිතිහාසික යුගවල ඒ වගේම ගෝත්‍රිකයින්. ඉතින් කොහොමද රටට හොඳ නායකයෙක් හොයාගන්නේ.

:       0       11

lanka Tuesday, 21 January 2020 02:55 PM

මෙය කියලා තියන්නේ හරි දේ ලංකාවේ අය අංක 01 වචන මාරුකරනවා !!!!!!

:       0       240

JP Tuesday, 21 January 2020 03:04 PM

මම රංජා හරි කියනව නෙවෙයි. ඒත් මනුස්සයෙක් ට ඕනෙ කෙනෙක් එක්ක ඕනෙ දෙයක් කතා කරන්න පුලුවන් . ඒව පටිගත කරගන්නත් පුලුවන් ඒත් ඒක සදාචාර විරෝධී ව ප්‍රචාරය කීරීම සම්පූර්ණ යෙන් ම වැරදි වැඩක් . මෙක රංජා කළානම් වැරදියි. රංජා ගෙ පුද්ගලික දේවල් වල තියෙන දේවල් වැරදි වෙන්න පුලුවන් ඒක අපිට අදාල නැත. රටේ වෙන දේවල් අමතක කරවන්න මේකෙන් මිනිස්සුන්ගෙ කාලය යවන්න තමයි බලන්නෙ.

:       70       715

Ramajiva Tuesday, 21 January 2020 04:03 PM

රන්ජන් ඔබ නිවැරදී.

:       420       516

Kumara Tuesday, 21 January 2020 04:10 PM

ඔබට ජය.!

:       267       326

කරුණාපාල Tuesday, 21 January 2020 04:24 PM

රන්ජන්ගේ හඬපට වලින් කුණු රසය බුක්ති විඳිනඅයට දැන් හොඳට බඩකට පිරෙන පාටයි. විල්පත්තුව කපපු අය, ෂරියා විශ්ව විද්‍යාල ආරම්භ කල අය, පාස්කු ප්‍රහාරයට වගකිවයුතුහ්තන්, මහබැංකු හොරු ගැන වගේ වගක් නැහැ. "තැලෙන යකඩේ දැක්කම උඩ පැන පැන තලනවාලු"

:       0       20

danushka Tuesday, 21 January 2020 04:43 PM

රන්ජ දිනුවානම් නම් ඔය හඩ පටි එලියට එන්නේ නැත, එහෙනම් හොදට නීතිය නවන්න පුළුවන්, කෙසේ වෙතත් කාගේ කාගේත් කිල්ලොටේ හුණු පොඩ්ඩ පොඩ්ඩ ඇත. ඔක්කොම දේශපාලුවෝ එකයි මොන පක්ෂේ වුනත්

:       0       2

Ishan Tuesday, 21 January 2020 05:57 PM

මන් ඔය එක පැත්තකවත් නැහැ. එත් රන්ජන් කරපු දේ අගය කරනවා

:       383       415

Ratne Tuesday, 21 January 2020 06:06 PM

මෙහි ඇති වැරැද්ද තමයි අධිකරණ තීන්දු වෙනස් කිරීමට කර ඇති බලපෑම.

:       78       324

sumudu Tuesday, 21 January 2020 08:44 PM

රන්ජන් කරන්නේ මෝඩ වැඩක්. රන්ජන් ලංකාවේ මිනිස්සු හරි හැටි දන්නේ නැහැ . රන්ජන් හිතන්නේ මිනිස්සු ඔතන ඉන්න අය හොරු , මිනීමරුවෝ ,ස්ත්‍රී දූෂකයෝ කියල දන්නේ නැහැ කියලා. මිනිස්සු හොඳට දන්නවා. එකයි මිනිස්සු කැමති.

:       0       6

විකුම් රංගන Tuesday, 21 January 2020 09:15 PM

අගවිනිසුරු වරියන්ව පයින් ගහලා පන්නපු රටක, රන්ජන් නඩුකාරයෝ සමග සංවාද කරන එක සමහරකට පුදුම උනාට අපට නම් ඕවා විහිලු.

:       311       87

රොෂාන් Tuesday, 21 January 2020 10:37 PM

මොනා උනත් රන්ජන්, පොකට් එකට නම් විදලා නැහැ කාගේ වත්, හා නැද්ද?

:       25       126

ලුම්බිණි Tuesday, 21 January 2020 11:14 PM

රන්ජන් කරපු වැරැද්දට සමාව ඉල්ලලා තියෙනවා. එයා වැදගත් දෙයක්. පුද්ගලික හඬ පටි ප්‍රචාරය කලේ රන්ජන් නොවෙයි. අන්න ඒ අයට විරුද්ධව තමයි නඩු දැමිය යුත්තේ.

:       2       230

Bamunuarachchi Wednesday, 22 January 2020 12:38 AM

"මම රංජා හරි කියනව නෙවෙයි. ඒත් මනුස්සයෙක් ට ඕනෙ කෙනෙක් එක්ක ඕනෙ දෙයක් කතා කරන්න පුලුවන් " ඒ අනික් තැනැත්තා කැමතිනම් පමණයි. දෙදෙනාම හිතනවානම් අනිකාගෙන් ප්‍රයෝජනයක් තිබෙනවා කියලා දෙදෙනාටම කතා කලහැකී . රන්ජන් දේශපාලනයේ ඉන්න නිසා සමහර මිනිසුන් ඔහු සමග කතාකලා. රන්ජන් නළුවෙක් පමණක් වෙලා හිටියානම් විනිසුරුවන් ඔහු සමග කතාවට යාවී කියා සිතන්න බැහැ. රන්ජන් විනිසුරුවන්ගෙන් තොරතුරු ගත්තේ අල්ලස් හැටියට උසස්වීම් පොරොන්දුවෙලා. එක බලවත් වරදක්. ඒ වැරැද්ද දෙගොල්ලොම කර තබෙනවා. රන්ජ තමන්ගේ සීමාවන් දැනගෙන සිටියේ නැහැ.

:       267       215

dare Wednesday, 22 January 2020 12:46 AM

හඩපට ආවත් නැතත් පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු 225 ක් කියලා දැනගෙන ගොඩක් කල්. වැඩේ තියෙන්නේ ඒ අයට කත්අදින්නේ, රෙදි හෝදන්නේ පක්ෂ වලට බෙදිලා අපේම මිනිස්සුනේ.

:       0       132

vijitha Wednesday, 22 January 2020 01:02 AM

රන්ජන්ට පොඩි වාතයක් ගියා. එය ටිකක් ගඳයි තමා. එත් කක්කුස්සි එහෙම පිටින් ගිලපු අයට එහි ගඳ ගැන කතාකරන්න අයිතියක් නැහැ.

:       243       366

Asanga Wednesday, 22 January 2020 01:53 AM

දැන් අපිට තියෙන්නේ ඊළඟ ඡන්දෙදි අපේ වගකීම ඉටුකරන්න.

:       0       215

hira Wednesday, 22 January 2020 02:43 AM

මේ විකට නළුවා ෆෝන් එකෙන් කතාකරන කරන ගමන් ඒවා රෙකෝඩ් කරලා. ඒ මදිවට පාර්ලිමේන්තුවට ඇවිල්ලා තවත් කෙබර හලනවා තමන් නිර්දෝෂී කියලා හගවන්න.

:       884       1771

mahida Wednesday, 22 January 2020 03:04 AM

පාර්ලිමේන්තුවේ සිටිය යුතු මිනිහෙක්.

:       1529       1567

p.d goonawardena Wednesday, 22 January 2020 03:37 AM

ඕනවට වැඩිය තැන දීලා කරගත්තු හදියක්....

:       63       38

jaya Wednesday, 22 January 2020 05:32 AM

අපේ මිනිස්සු කැමතිම අනුන්ගෙ කුණු හොයන්න. තමන්ගෙ කුණු කප්පරක් තියෙද්දි. මට නම් මේ මනුස්සය ගැන තියෙන්නෙ පිලිකුලක්.

:       122       40

Jude Wednesday, 22 January 2020 06:02 AM

රන්ජන් සත්‍ය ප්‍රකාශ කිරීම අගේ කොට සලකමි. ඇත්ත කියන කෙනාට තැබෑරුමේත් ඉඩක් නෑ කියලා කතාවක් තියනවා. ජේසුතුමා එකළ සත්‍ය ප්‍රකාශ කළ නිසා භිය වූ ජුදෙව් සහ රෝම පාලකයෝ ජේසුතුමා කුරුසියේ ඇන ගසා මරා දැමුවා. පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන් විශේෂයෙන්ම නිතර බොරු කියා මහජනයා රවටන ජඩ මාධ්‍ය වලින් රන්ජන්ට කරදර ප්‍රශ්න එන්න පුළුවන්.

:       2       216

vipula Wednesday, 22 January 2020 07:00 AM

වුනු දේ ඉවරයි. දැන් නළු නිළියන්, ක්‍රීඩකයන් පාර්ලිමේන්තුවට යවන එක නවත්වන්න. 1977 ට කලින් තිබුණු රට නැවතත් ගොඩ නගමු. මේ හැමදෙයක්ම වෙන්න ජනතාව තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන විදිහ අනුව. මේ හැම දෙයකටම ජනතාව වග කියන්න ඕනේ

:       1       65

athuraWednesday, 22 January 2020 08:31 AM

නළු නිළියෝ, ක්‍රීඩකයෝ විතරක් නැවැත්තුවම ඇතිද ? එතකොට හොරු, කුඩු මුදලාලිලා වගේ එකී නොකී අය කමක් නැද්ද මහත්මයා ?

:       0       89

prakaash Wednesday, 22 January 2020 07:59 AM

බටහිර කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරවන යු. එන්.පී.එකේ ඉත්තෙකි. මොහුට රටක් ජාතියක් ජන්මයක් නැත. ද්‍රෝහියෙකි.

:       489       72

Bernard Perera Wednesday, 22 January 2020 11:19 AM

කවදහරි දවසක සත්‍ය ජය ගන්නවා.

:       0       2

s silva Wednesday, 22 January 2020 09:14 PM

අපේ රට පාලනය කරනලද සියලුම නායකයින් වත්මන් තත්වය පිළීබදව වගකිව යුතුයි සියලුම අයගේ හෙලුව ස්භාවධර්මයා විසින් හෙලිකර ඇත. පුද්ගලික මෙන්ම නඩු බඩු වන විඩියෝ පට එලි කිරිමද වැරැද්දක් නොවේද කෙසේ වෙතත් සියලුම හොරුන් පිළීබද රටට දැනගන්නට ලැබීමත් එක් වාසනාවක්. රංජන් කියන දෙය නිසා ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති මහජනතාවගේ ඇස් දැන් ඇරේවි පාලනය කරන ලද නායකයන් නිසි අයුරින් ඉටු කලේ නම් අපේ රට සිංගප්පූරුවට නොදෙවෙනි විය යුතුයි.

:       0       601

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 177 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 479 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1183 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1458 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 472 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 217 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site