IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පෞද්ගලික රෝහල් නියාමනය කරනවාමයි

පෞද්ගලික රෝහල් නියාමනය අනිවාර්යෙන් සිදු කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
එම තීරණයට එරෙහිව පෞද්ගලික රෝහල් විසින් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණද   එය අනිවාර්යයෙන් සිදු කරන බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.
 
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිත හමුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
 
සෞඛ්‍ය සේවාව ව්‍යාපාරයක් මෙන්ම සේවාවක් වන බවත් පෞද්ගලික රෝහල් ගෙන යන අක්‍රමිකතා  මුළුමනින්ම නතර කිරීම සඳහා මෙවැනි පියවරක් ගත යුතුව ඇතැයිද කීවේය.
 
වර්තමානයේ රජයේ රෝහල් සමග පෞද්ගලික රෝහල් තරඟ කරන බවත්  ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමට සියළු පහසුකම් රජයේ රෝහල්හි ඇති බවත් ආමාත්‍යවරයා පැවසීය.
 
එමෙන්ම ඒ වෙනුවෙන් සෑම  මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන අයුරින් ඔසුසල බැගින් ඇරැඹිමට  උපදෙස් ලබා දී ඇතැයි  කී අමාත්‍යවරයා ගුණාත්මක සෞඛ්‍ය සේවයක් රටතුළ ඇති කරීමට සැමවිටම ක්‍රියා කරන බවද සඳහන් කළේය.
 
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල ශාඛා 39 ක් ක්‍රියාත්මක වන අතර, නියෝජිත ඔසුසල 48 ක් ද, වරලත් ඔසුසල 103 ක් ද, මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවති.
 
(36698) 



අදහස් (6)

පෞද්ගලික රෝහල් නියාමනය කරනවාමයි

සතයපාල Sunday, 21 October 2018 04:01 PM

අනිවාර්යයෙන්ම පෞද්ගලික රෝහල් නියාමනය කළ යුතුයි. ඒ සඳහා සෞඛය ඇමැතිවරයාට සෞඛය පනත අනුව බලතල ඇතත් ඔහු විසින් කළ යුතුව තිබෙන්නේ පෞද්ගලික රොහල් නියාමනය කිරීම සඳහා අධිකාරියක් හෝ කොමිෂන් සභාවක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තු පනතක් ගෙන ඒමයි. එය වඩාත් ඵලදායී හා උචිත ක්‍රියාමාර්ගයක් වනු ඇත.

:       1       114

විකුම් රංගන Sunday, 21 October 2018 05:13 PM

ඕවා රෝහල් නොවේ, ඉස්පිරිතාල කළුකඩ කියලයි අපි නම් කියන්නේ. විශේෂයෙන්ම කොළඹින් පිටපලාත්වල තියන මේ ඉස්පිරිතාල කළුකඩවල තියන සෞඛ්‍ය ප්‍රමිතියේ තරම කොහොමද දැනගන්න පුළුවන් වෙයි. අහිංසක රෝගීන්ගෙන් ගසාකන දොස්තර මුදලාලිලා මේවලින් ගසාකන මුදල් කරගහගෙන යන්නේ නාට්ටාමිලා මුට්ට කරගහගෙන යනවා වගෙයි. රජයේ රෝහල් වලට ලැබෙන ඖෂධ බොහෝ වෙලාවට නතර වෙන්නේ මේ කළුකඩ වල බව සෞඛ්‍ය ඇමති තුමා දන්නවද දන්නේ නැහැ?

:       11       45

Gamage Sunday, 21 October 2018 10:30 PM

ලංකාවේ තිබෙන අසාධාරණ හා රෝගීන් සූරා කන ව්‍යාපාරය.

:       1       3

Hafeel Monday, 22 October 2018 08:02 AM

ඔයා මහජන මුදලින් ප්‍රතිකාර කල සිංගපුරු ඇලිසබත් රෝහලත් මේ නීතිය වලංගුද?

:       0       22

කරුණාපාල Monday, 22 October 2018 08:03 AM

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන මහපාරේ හු කියමින් ගිය රැල, පෞද්ගලික රෝහල් මාෆියාව හා සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය ගැන නැට්ට බඩ යට ගහගෙන සිටීමේ ප්‍රතිපත්තියක් වගෙයි අනුගමනය කරන්නේ?

:       19       37

Nandana Tuesday, 23 October 2018 07:08 AM

ඔබතුමා කෙසේ හෝ මෙය ඉටුකරන්න. පෞද්ගලික රෝහල් වලින් දෙන බිලට දොස්තර මහතාට ගෙවපු මුදල දොස්තර ගේ නමත් සදහන් කරන්න ,එතකොට රජයට බදු අයකරගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 141 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 69 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 83 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 241 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2681 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 244 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site