IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පෞද්ගලික ඉදිකිරීම් සමාගම් රාජ්‍ය අංශයට වඩා ඉදිරියෙන්

(මුදිතා දයානන්ද)

අවුරුද්දකින් නිමවිය යුතු ඉදිකිරිමක් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මධ්‍යම කාර්යාංශය හැර අනෙකුත් රජයේ ඉදිකිරීම් ආයතනවලට බාරදුන්නොත් එය අවසන් කරන්නේ අවුරුදු දහයකින්. පෞද්ගලික ඉදිකිරිම් සමාගම් රාජ්‍ය අංශයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටිනවා යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද (23) පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ පැවසුයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජාතික ඉදිකිරිම් සංගමය සංවිධානය කරන ලද 19 වැනි ඉදිකිරිම් ප‍්‍රදර්ශනය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදි තවදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

අපේ රටේ ඉදිකිරිම් ක්ෂේත‍්‍රයේ දී පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා ප‍්‍රමිතියෙන් හා තත්ත්වයෙන් උසස් ලෙස ඉදිරියට ගිහින් තිබෙන බව මාගේ විශ්වාසයයි. ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මධ්‍යම කාර්යාංශය හැර අනෙකුත් රජයේ ඉදිකිරීම් ආයතනවලට යම් කිසි ඉදිකිරිමක් බාර දුන්නොත් අවුරුද්දකින් බලාපොරොත්තු වන ඉදිකිරිම අවසන් කරන්නේ අවුරුදු දහයකින් පමණ. එවැනි දක්ෂතාවයන් තමයි ඔවුන්ට තිබෙන්නේ. ඒ නිසා ඇතැම් සංවර්ධන ව්‍යාපෘති අපි බලාපොරොත්තු වන ආකාරයට කලට වෙලාවට අවසන් කරගන්න බැරි ප‍්‍රබල ගැටලූ රාජ්‍ය අංශයේ තිබෙනවා. 

ඒ නිසා රාජ්‍ය අංශයේ කටයුතු වලදී පවතින ආර්ථික තත්ත්වයන්, පාරිසරික තත්ත්වයන්, රටේ සංවර්ධන ඉලක්ක, පිළිබඳව සැළකිලිමත් වීමේදි මේ කරුණු ගැන සැළකිලිමත් විම ඉතා වැදගත්. අපේ රටේ ඉදිකිරිම් ක්ෂේත‍්‍රය වසර දහස් ගණනක් ඈත ඉතිහාසයක් සහිතයි. වසර දහස් ගණනකට පෙර අපේ පැරැන්නන් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ කර තිබෙන ඇතැම් නිර්මාණ නව තාක්ෂණික ලෝකයක වුව තවමත් වටහා ගැනීමට නොහැකිවි තිබෙනවා. ඒවා සිදුකළේ කෙසේ දැයි ඒවායේ සැලසුම කුමක්දැයි සොයාගැනීමට නව තාක්ෂණයටවත් නොහැකි වි තිබෙනවා. එවැනි අතීත කතාවක් සමගයි අපේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රය ගොඩ නැගී තිබෙන්නේ.



අදහස් (14)

පෞද්ගලික ඉදිකිරීම් සමාගම් රාජ්‍ය අංශයට වඩා ඉදිරියෙන්

Prabha Friday, 23 August 2019 03:00 PM

ඒවා බලලා කියලා කාර්යක්ෂම කරන්න තමයි ජනාධිපති කෙනෙක් පත්කරගන්නේ... නැතිව ආඩපාලි කියව කියව ඇවිදින්න නොවේ.

:       1       156

Raveendra Friday, 23 August 2019 03:46 PM

බොලේ හැබෑට... අපි අදමනේ මේ විස්තරේ දන්නේ... අපරාදේ කියන්න බැහැ අපේ පතෝල මුදලාලියත් ඉඳලා හිටලා විහිලුත් වගේම ඇත්තත් කියනවනේ... මේ එක එකා මොනතරම් මඩ ගහනවද අපේ මේ හාදයට අම්මපා...

:       0       85

රසික Friday, 23 August 2019 04:56 PM

මොන බොරුවක්ද මේ? මේවගේ කෙනෙක් ජීවිතේට පහළ වෙලා හිටියද මීට කලින්? පෞද්ගලික ආයතන ඔක්කොම බිම. කරන ඉලව් ඔක්කොම රජයේ ආයතන වලට... වාස්තු සහ ඉංජිනේරු නිර්මාණ කටයුතු වැඩි මුදලකට මොරටු විශ්ව විද්‍යාලයට. ඒකේ ඉන්න ආචාර්යවරු විශ්‍රාම යන්නේ නැතුව හැරමිටි ගගහ ඒ මහා පරිමාණ වැඩ කරකර හොඳට හම්බ කරනවා. කිසිම ටෙන්ඩරයකට සහභාගි වෙන්න අවස්ථාවක් දෙන්නේ නැති නිසා පෞද්ගලික ආයතන වහනවා. පෞද්ගලික ආයතන වල මහන්සියෙන් වැඩකරලා පඩියක් ගන්න, පඩියක් ගෙවන්න වෙරදරන මිනිසුන්ගෙන් ටැක්ස් ගහනවා රතුකට්ට පනින්නම... ඒ මදිවට රජයේ අය හැමදාම කලින් ගෙදර. ටැක්ස් ගෙවන්නෙත් නැහැ. මෙයා මගුලක් කියනවා...

:       4       90

රසික Friday, 23 August 2019 04:59 PM

චීන සමාගම් නම් ඉදිරියෙන්, මොකද ටෙන්ඩර හදන්නේ එවුන්ට ගැලපෙන්න...

:       1       16

Sapna Friday, 23 August 2019 05:39 PM

ඔබ කියන අනෙකුත් සියලු ඉංජිනේරු ආයතන...

:       0       1

de silva Saturday, 24 August 2019 04:35 AM

තිබෙන ප්‍රශ්න විසඳීමට කිසිම පියවරක් නොගෙන ආඩපාලි කියමින් රට වටේ ඇවිදින ඔබතුමාත් රජයේ නිලධාරිනුත් අතර කිසිම වෙනසක් මම නොදකිමි. ඔබතුමාත් ඉස්සර රජයේ නිලධාරියෙක් නේ?

:       0       1

kamal Saturday, 24 August 2019 04:50 AM

රජයට වඩා මුළු රටම ඉදිරියෙන් සිටින්නේ...

:       1       1

de silva Saturday, 24 August 2019 05:06 AM

ජනාධිපතිතුමා අවුරුදු 4 1/2ක් විතර අඳුරේ අතපත ගාලා දැන් රාජ්‍ය ආයතනවල ප්‍රශ්නය සොයාගෙන තිබෙන්නේ.., මේ ප්‍රශ්නය ගැන කොමිසමක් පත්කරලා තව අවුරුදු 2-3ක් අදින්න එතුමාව තව අවුරුදු 5කට ජනපති කරගනිමු. කොමිසම් වාර්තාව එනකොට තව අවුරුදු 4ක් විතර ගතවෙලා නිසා එ්ක විසඳන්න ව්‍යවස්ථාව හරි වෙනස් කරලා එතුමාව නැවත පත් කරගනිමු.

:       0       12

Bamunuarachchi Saturday, 24 August 2019 05:23 AM

ඕක කියන්න ඕනෑයැ... ජල මණ්ඩලය වගේ කොන්ත්‍රාත්කරුවන්ට කෝටි ගණන්වලින් වැඩිපුර ගෙවන විට පෞද්ගලික ඉදිකිරීම් සමාගම් රාජ්‍ය අංශයට වඩා ඉදිරියෙන්...

:       1       1

සෙනෙවි Saturday, 24 August 2019 05:35 AM

සමහර ලොක්කන්ට CECB එක ගානේ අත යට නොමිලේ නිවාස හදලා දෙන නිසා ඒක හොඳවෙලා තිබෙනවා කියලා ආරංචියි.

:       10       304

nimalSaturday, 24 August 2019 08:37 AM

නොදන්නා දේ කියන්න එපා සෙනෙවි. CECB තමයි ඉංජිනේරුවන් 1000ක් වැඩකරන එකම ලංකාවේ ආයතනය. වාසනාවට ඒක වැරදි ඇමතියෙකු අතට ගියේ නැහැ. ඒකනිසා හොඳට දුවනවා

:       45       0

සෙනෙවි Sunday, 25 August 2019 04:30 AM

සී ඊ සී බී එක ගැන හොඳට දැනගෙන තමයි කතා කරන්නෙ . එහි ඇස්තමේන්තු සකස් කරන්නෙ දේශපාලනඥයන්ට සහ බලවතුන්ට සන්තෝෂම් දෙන එකත් සැලකිල්ලට ගෙනයි.ඉංජිනේරුවන් ගණනින් එහි අවංක භාවය තීරණය කල නොහැක.එක් වරක් හිටපු ජනාධිපතිනියක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකදී එහි අක්‍රමිකතාවයන් ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව දන්නේ නැද්ද ?

:       0       0

ajith Saturday, 24 August 2019 07:09 AM

ආයතන ටික වැඩ බැරි දේශපාලන හෙන්චයියන්ගෙන් පුරවලා දැන් කියනවා වැඩ කරන්න බැරිලු. ඔය ආයතන වල රැකියා දෙනකොට සුදුසුකම් බලලා දෙන්න. එතකොට වැඩ ටික කෙරෙයි.

:       0       18

Kumar Saturday, 24 August 2019 02:42 PM

පුද්ගලික සමාගම්වල වැඩිපුර කෝටි ගණන් ගෙවනවා නම් ඉදිරියෙන් ඉන්න බැරිකමක් නැතිබව නොදන්නේ කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 662 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 127 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 889 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 921 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1268 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1146 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site