(එෆ්.අස්ලම්)
ආරක්ෂක හමුදාව භාරයේ පවතින පෞද්ගලික අයිතිකරුවන්ගේ ඉඩම් හැකිතාක් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත් ජාතික ආරක්ෂක කටයුතු වෙනුවෙන් නිදහස් කළ නොහැකි ඉඩම් ප්‍රකාශයට පත්කරන ලෙසත් උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් මහතා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආරක්ෂක කටයුතු සඳහා භාවිතා වන ඉඩම් හැර අනෙක් සියලු ඉඩම් නිදහස් කර තිබෙන බවත් නිදහස් කළ හැකි ඉඩම් තවත් තිබේ නම් ඒ පිළිබඳ සොයා බලා පියවර ගන්නා බවත් යුද හමුදාපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා වෙත දැනුම් දී තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේෂ් රාඝවන් මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවැති හමුවකදී මේ බව සඳහන් කර ඇත.
යුද සමයේදී උතුරු පළාතේ ආරක්ෂක හා මානුෂීය ක්‍රියාකාරකම් සිදුකළ ආකාරය පිළිබඳ යුද හමුදාපති ආණ්ඩුකාරවරයාට පැහැදිලි කර දී ඇති අතර එකී කාර්යන් ඉදිරියටත් සිදුකරගෙන යන බවද එහිදී සඳහන් කර තිබේ.
2015 ජනවාරි 8 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසු උතුරු පළාතේ මිලිටරි ක්‍රියාකාරකම්වල විශාල වෙනස්කම් සිදුවූ බව ආණ්ඩුකාර යුද හමුදාපතිවරයා වෙත පෙන්වා දී ඇති අතර උතුරු පළාතේ ඉඩම් ආරවුල සම්බන්ධයෙන් සිය කණස්සල්ල ද පලකර ඇත.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පෞද්ගලික ඉඩම් නිදහස්කරන්න’යි උතුරු ආණ්ඩුකාරයා හමුදාපතිගෙන් ඉල්ලයි
බිංදු Sunday, 22 September 2019 08:24 AM
උතුරට දෙමල මිනිහෙක් ආණ්ඩුකාරවරයා වශයෙන් දැමීම ගැන මම මෛත්‍රීපාල සිරිසේනට බනිනවා. දැන් සිංහලයන් අන්තිමට අසරණ වෙලා...
chinthaka Sunday, 22 September 2019 08:48 AM
වෙලාවට මේ හමුදාපති ඉන්නේ... ඉස්සෙල්ලා හිටපු අගමැතිතුමාගේ කෙනා හිටියා නම් මහා ඇමති "ඉ" කිව්ව ගමන්ම ආණ්ඩුවෙන් හමුදාවට දුන්නු ඉඩමුත් නිදහස් කරලා දීලා ඉවරයි.
සේන Sunday, 22 September 2019 09:17 AM
මේ මනුස්සයා උතුරේ ආණ්ඩුකාරවරයාද? නැත්නම් රටේ ජනාධිපතිද?
වත්සලා වක්වැල්ල Sunday, 22 September 2019 10:18 AM
දැන් හමුදාවට තියෙන්නේ ගොඩනැගිලි පමණයි. ඉඩම් නැහැ.
Sumana Sunday, 22 September 2019 01:26 PM
මේ අය හදන්නේ කොහොමහරි දෙමළ ජනතාව අවුස්සලා දේශපාලන වාසි ගන්න.
sharm warn Monday, 23 September 2019 09:24 AM
ඉඩම් වලට කලින් මුලතිව් වල අර පන්සලකට කරන කෙනෙහිලි කම් නවත්වන්න..
Truth Tuesday, 24 September 2019 03:19 AM
යාපනයේ විසූ 25000 අධික සිංහල ජනතාව ඔවුන්ගේ ඉඩම් වල නැවත ආරක්ෂිතව පදිංචි කරන තුරු එක අඟලක් දෙන්න එපා.