මොහොමඩ් ආසික්
පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුර ප්‍රනාන්දු මහතා සහ උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ ඒ.එල්.එම් රසාන් මහතා අද මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඡන්ද විමසීමේ දී තේරී පත් වූහ.
පසුගිය පෙබරවාරි මස 10 වැනි දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ කිසිදු පක්ෂයක් මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් අඩකට වඩා ප්‍රමාණයක් ලබා නොගත් බැවින් සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කර ගනීම සඳහා ඡන්ද විමසීම සිදු විය.
මෙහිදී නව සභාපති ධූරය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුර ප්‍රනාන්දු මහතාගේ නමත් එක්සත් ජාතික පක්ෂයේ සුරංජිත් කුමාර වික්‍රමසූරිය මහතාගේ නමත් යෝජනා විය. ඒ අනුව පැවැති විවෘත ඡන්දයෙන් අනුර ප්‍රනාන්දු මහතා ඡන්ද 17 ක් ලබා ගත් අතර සුරංජිත් කුමාර වික්‍රමසූරිය මහතා ඡන්ද අටක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුර ප්‍රනාන්දු මහතාට පොදු ජන පෙරමුණට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සිව් දෙනාද , ශ්‍රී ලංකා මුස්ලිස් කෝන්ග්‍රසයේ මන්ත්‍රිවරයාද ඡන්දය දුන්හ. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන දිල්ෂාන් රූපසිංහ මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ ඒ.එල් එම් රසාන් මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යෝජනා කළ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සුරංජිත් කුමාර විකුමසූරිය මහතා නැගී සිට තම පක්ෂයට සභාවෙන් ඉවත්ව යාමට අවසර දෙන ලෙස ඉල්ලීය. එය තමන්ගේ කැමැත්ත බව පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා ප්‍රකාශ කිරිමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් අට දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සිව් දෙනා උප සභාපතිවරයාට විරෝධය දක්වා සභා ගැබෙන් පිටව ගියහ.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොහොට්ටුවයි අතයි ගහයි පූජාපිටියේදී එක්වෙයි