IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පොහොට්ටුවට සහය දක්වන බව ඩග්ලස් කියයි

(නිමල කොඩිතුවක්කු)
 
ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන බව ඊ. පී. ඩී. පී . පක්ෂයේ මහලේකම්  ඩග්ලස් දේවානන්ද මහතා අද(15) ලංකාදීපයට පැවසීය.
 
අනිකුත් නායකයන්ට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විහ්වාසය පළ කළ හැකි බැවින් ඔහු  නම් කරනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීමට තම පක්ෂය තීරණය කළ බවත් ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය.
 
ඉදිරි ජනාදිපතිවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩග්ලස් දේවානන්ද මහතා වැඩිදුරටත් මෙසේද කීය.
 
 ‘‘අපි නියෝජනය කරන ජනතාවගේ අවශ්‍යතාවය ඒ අයගේ  ගැටලූ ආදිය පිළිබඳ සලකා බලලා තමයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපිට තීරණයක් ගන්න වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතා සමග අපි  දීර්ඝ කාලයක්  එකට කටයුතු කළා. එතුමා  අපි පිළිගන්න නායකයෙක්. අපේ ප‍්‍රශ්නවලට අනිත් අයට සාපේක්ෂව එතුමන් කන් දීලා තියෙනවා. එතුමා නියෝජනය  කරන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා  විදියට ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරලා  තියෙනවා. 
 
එම පත්කිරීමේදී ඔහුට සහාය දෙන කණ්ඩායම් විදියට  මහින්ද රාජපක්ෂ මහතා  මගේ නම ප‍්‍රකාශ කළා. අපි ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ යුතුයි. අපේ ජනතාවගේ ප‍්‍රශ්න ගැටලූ පිළිබඳ එකඟතාවයකට පැමිණිය යුතුයි.
 
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට ප‍්‍රකාශ කරලා තියෙනවා දෙමළ ජනතාවගේ ගැටලූ විසඳීමට සූදානම් කළා. රට ඉදිරියට ගෙනියන්නනම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි නායකයෙක් අවශ්‍ය බවට රටේත් මතයක් තිබෙනවා.  
 
දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයත් සමග සහයෝගයෙන් කටයුතු කරන නිසා අපේ අවශ්‍යතා ඉටුකරන්න එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ඇතැයි කියා මම හිතන්නේ නැහැ’’ යැයිද ඔහු පැවසීය.



අදහස් (8)

පොහොට්ටුවට සහය දක්වන බව ඩග්ලස් කියයි

Bishan Thursday, 15 August 2019 12:07 PM

ඔබ දැන් දේශප්‍රේමියෙක්...

:       65       162

sirimal Thursday, 15 August 2019 12:31 PM

ඔබතුමාගේ ඡන්ද දායකයින් සියල්ලම ප්‍රවාහනය කරන්න අවශ්‍ය තනි දොරේ වාහනයක්ද, නැත්නම් ත්‍රීවීලර් එකක් තිබ්බොත් ප්‍රමාණවත්ද...?

:       39       116

සෙන්දේ Thursday, 15 August 2019 12:31 PM

ඔබ අද සිට දේශප්‍රේමියෙක්...

:       7       59

මාදව Thursday, 15 August 2019 03:06 PM

මහින්ද ඔයාලගේ දේවල්වලට එකඟ නෑ. එ.ජා.පෙ ට කියලා ඕන දෙයක් කරගන්න පුලුවන් කියපු දේශප්‍රේමියෝ කෝ!!! කමෙන්ට් කරන්නකෝ ප්ලීස්.

:       107       39

Chanak los angelesThursday, 15 August 2019 09:40 PM

බොරුනම් බලන්න තව ඉදිරියට සුළු ඡන්ද හිඟා කමින් යන්නේ නැද්ද කියා ?

:       0       16

SamanFriday, 16 August 2019 01:04 AM

ඒකනේ කෝ බමුණා..

:       0       13

Chanak los angeles Thursday, 15 August 2019 09:29 PM

ඔන්න දැන් බමුණා සාටකයන්ට හිටු කියා බැනලා කොටන කෙටිලි වලින් මුළු පිටුවම පුරවයි සුළු ජාතිකයන් පක්ෂයට ගාවා ගන්නවා කියා .

:       0       3

සිරිබිරිස් Friday, 16 August 2019 01:27 AM

මේ කථාව හරියට එක කුස උපන් මල්ලී කෙනෙකු අයියාගේ කැමැත්තට වැඩකරනවා කීම වැනි දෙයක්නේ. පොහොට්ටුවේ දැනට සාමාජිකයින් සමගම සිට ඔවුන් සමගම වැඩකර ඇමති තනතුරු දැරූ මොහු මෙවර වෙනස්වෙන්න බැහැනේ. ජනතාව නොමග යවන කථා.

:       0       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 191 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1548 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1289 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 743 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1828 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 91 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site