IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පොහෙට්ටුවේ ජයග‍්‍රහණයෙන් පසු ප‍්‍රචණ්ඩත්වය වැඩිවෙලා - පාඨලී

ඩයනා උදයංගනී
      
පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණයෙන් පසු සෙසු පක්‍ෂවලට එරෙහි ප‍්‍රචණ්ඩත්වයක් ආරම්භ වී ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
      

පසුගිය ජනාධිපතිවරණයෙන් හෝ මහ මැතිවරණයෙන් පසු රටේ මෙවන් තත්ත්වයක් ඇති නොවූ බව ද අමාත්‍යවරයා කීවේය. 
      
නමුත් මෙම මැතිවර්ණයෙන් පසු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නඩු හබ පවා ඇති පිරිස් රජයේ කටවුට් විනාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණට සහය දුන් අයට තර්ජනය කිරීමට හා පහරදීමට ද පටන් ගෙන ඇතැයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
      
මෙවන් පිරිසකට බලයක් ලැබුණහොත් ඔවුන් කෙසේ හැසිරෙයිද යන්න එයින් පැහැදිලි වන බව කී අමාත්‍යවරයා කී අමාත්‍යවරයා ඇතැමුන් පැරණි අ`දුරු යුගයට රට ගෙනයාමේ උත්සාහයක නිරත වී සිටින බවද සඳහන් කළේය.
 
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ මහරගම නගර සභාව සඳහා එක්සත් ජාතික පෙරමුණින් තරඟ කළ අපේක්‍ෂිකයින්ගේ විශේෂ හමුවක් අමතමිනි.
      
මෙම මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන්හි නිරත වූවන් සම්බන්ධයෙන් ශක්තිමත්ව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස සියළුම නීති අංශවලින් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 



අදහස් (17)

පොහෙට්ටුවේ ජයග‍්‍රහණයෙන් පසු ප‍්‍රචණ්ඩත්වය වැඩිවෙලා - පාඨලී

Cisco Monday, 19 February 2018 03:04 PM

මෙතුමාට නම් ලැබුණේ 5/65. කියපු බොරුව මේක පමණක්ම නොවෙයි.

:       809       1240

රත්නායක Monday, 19 February 2018 04:00 PM

අපේ අයනම් අැල්වතුරත් නිවලා බොන්නේ. හරිම සාමකාමීයි...

:       0       0

Raveendra Monday, 19 February 2018 04:13 PM

කියන්නකෝ කලදුටු කල වල හිදින්නද යන්නේ නැත්නම් බොරදියේ ගෙම්බොද කිබුල්ලු ද "ඇතිකරන්න" යන්නේ ?

:       0       0

chathuri Monday, 19 February 2018 06:25 PM

පොහොට්ටුව කාක් කුඩුවේ බිත්තර දමලා. පැටුව් එලියට ආවාම තමයි දන්නේ එයා සාමාජිකයෙක් නොවෙන වග දැන් සේරමලා කොටනවා එලව එලව

:       0       0

gunawardena Monday, 19 February 2018 06:38 PM

පාඨලී ඉතින් මොනවා හරි කියවනවා පුදුම විදිහට වැඩකට නැති දේවල් ගැන කියල ගිය ආණ්ඩුවට බනිනවා . දැන්වත් තේරුම් ගන්න බැරිද ? පැරදීම ගැන ඒනිසා දැන්වත් රටට වැඩක් කරන්න

:       0       0

Sathyayaa Monday, 19 February 2018 11:57 PM

මගේ සිත 88-89 යුගය කරා දිවෙනවා.

:       0       0

mangala Tuesday, 20 February 2018 01:18 AM

පරණ තැටියම දැම්මා නේද.

:       0       0

ajith Tuesday, 20 February 2018 02:12 AM

අපේ පැත්තේ පොහොට්ටුව දිනුවේ ජාතිවාදය වපුරලා.

:       0       0

rocky Tuesday, 20 February 2018 02:13 AM

පොහොට්ටුවෝ කොහොමටත් ගණන්කාරයෝ. ඔවුන්ට මේක මරාගෙන මැරෙන සටනක් වගෙයි.

:       0       0

රංග Tuesday, 20 February 2018 02:38 AM

මහා මැතිවරණෙන් පස්සෙ ප්‍රචණ්ඩත්වයක් ඇති වුනේ නැහැ..අනෙ මගෙ කට...!

:       0       0

Senarath Tuesday, 20 February 2018 03:28 AM

රජය කරන්නේ පොහොට්ටුවද ?

:       0       0

Nandaka Tuesday, 20 February 2018 03:55 AM

නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස සියලුම නීති අංශවලින් ඉල්ලා සිටින බව ......... ඇයි ඉල්ලුවේ නැත්නම් වැඩේ වෙන්නේ නැති යහපාලනයක් නේද හදල තියෙන්නේ මහා ලොකුවට පම්පෝරි ගැහුවට ?

:       0       23

Hafeel Tuesday, 20 February 2018 08:40 AM

මෙයා දැන් රනිල්ට කඩේ යන්නේක වැඩී.... මහ බැංකු වංචාව ගැන කට අරින්නම නැහැ. මොකද්ද රනිල්ගේ නම ගාවනවනේ. මහින්දලාගේ වැරදි පමණයි උඩ දාල කතාකරන්නේ. කලින්නම් මෙහම නැහැ. මෙහම ගියොත් කව්රුවත් විශ්වාස කරන්න බැරිවේවි.

:       50       184

rama Tuesday, 20 February 2018 09:18 AM

ඉතින් ආණ්ඩුව, හමුදාව පොලෝසිය ඔයාලගේ නේද අල්ලලා දමන්නකෝ කූඩුවට.

:       0       0

sugath Tuesday, 20 February 2018 09:40 AM

ජන මතයට හිස නොනමන විට ජනතාව ප්‍රචණ්ඩත්වය දෙසට යොමු වන බව තේරුම් ගන්න

:       0       0

prakaash Tuesday, 20 February 2018 12:09 PM

මේ වගේ නිවට නින්දිත අසමජ්ජාති එකෙක් රටකට කරන්නේ මොනවාද? බොරුවෙන් ජීවත් වෙන කුමන්ත්‍රණය සමගම ඉපදුන මොහු තප්පුලන්නේ පිටරටවලින් ලැබෙන ඩොලර් නිසාය.බලයට කෑදර මේ වගේ පින්ගුත්තරයින් පලවා හැරිය යුතුය.

:       0       0

ගුණවර්ධන Tuesday, 20 February 2018 09:51 PM

දැන් ඉතින්‍ මෙහෙමවත් මොනව හරි කියන්න එපායැ ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 425 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 843 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 631 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1479 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2969 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1916 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site