IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පොලිසියේ තුන් දෙනා ඇල්ලුවේ අත්වැරදීමකින්ලු - උසාවියෙන් මුදාහරී

(තරිඳු ජයවර්ධන සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොල්ලකෑමේ සැලසුමක් ඇතැයි කියමින් අද උදේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මුදා හැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
ඔවුන් මුදා හැර ඇත්තේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
 
පොලිස් විශේෂ කාර්ය බළකායෙන් මේ පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයෙන්  මූලික විමර්ශනයක් සිදු කළ බවත්, එහිදී අනාවරණය වී ඇත්තේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධිමය කරුණු ගැන වැරදීමකින් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
 
ඔවුන් සමඟ තවත් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයකු ද මුදා හැර තිබේ. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හතර දෙනා 23 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූ අතර අසනීප තත්ත්වෙයන් පසු වූ එක් සැකකරුවෙක් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.
 
පසුගිය කාලයේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සැකකරුවන් යැයි කියමින් කිහිප දෙනකු මරා දැමුණු අතර ඒ සියල්ල මේ සමඟ ප්‍රශ්නකාරී වන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.



අදහස් (2)

පොලිසියේ තුන් දෙනා ඇල්ලුවේ අත්වැරදීමකින්ලු - උසාවියෙන් මුදාහරී

sameera Wednesday, 22 August 2018 03:43 AM

ඒ පාර පොලිසිය වගේම උසවියත් විහිළුවක් වෙලාද?

:       0       3

de silva Wednesday, 22 August 2018 10:20 AM

විශ්වාස කරන්න බැහැ, රාජකාරියකට ගියා නම් එවෙලවේම උසස් නිලධාරියකුට කතාකර මේ අවුල නිරාකරණය කරගන්න තිබුනනේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 19 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 318 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1043 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2476 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1670 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 982 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site