IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොලිසියෙන් ඇල්ලූ ටිපර් අයිතිකරු කී විදියටම පොලිස් නිලධාරියාට මාරුවක්

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විකෘති කළ බලපත්‍රයක් උපයෝගී කර ගෙන පස් ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගත්  පොලිස් කොස්තාපල්වරයකුට පස් ජාවාරම්කරුගේ තර්ජනයෙන් පැය විසි හතරක් යාමට මත්තෙන් දෙහිවල පොලිසියට මාරුවීමක් ලැබීමේ සිද්ධියක් පානදුර පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ. පානදුර කොට්ඨාස රථවාහන අංශයේ හොරණ පොලිසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල් 42116 ඩබ්ලිව්.ඒ.ටී. පෙරේරා මහතා ඉකුත් 01 වැනි දින තවත් පොලිස් කොස්තාපල්වරයකු සමඟ වාද්දුව තල්පිටිය පාලම අසල සිට පොතුපිටිය දක්වා රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියදී පස් පටවන ලද ටිපර් රථ කිහිපයක් එක පෙළට ගමන්කර ඇත.

එම රථ පෙළ නතර කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ටිපර් රථ දෙකකට තිබූ බලපත්‍ර පරීක්ෂා කිරීමේදී ඒවා විකෘති කර ව්‍යාජ අත්සන් යොදා සකස් කර ඇති බවට පෙනී ගිය හෙයින් එම ටිපර් රථ දෙක අත්අඩංගුවට ගෙන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීමේ වරද යටතේ වාද්දුව පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් සටහන්
යොදා ඉදිරිපත් කර තිබේ. එම බලපත්‍ර පැහැදිලිව පස් ප්‍රවාහනය කිරීමට අවසර ඇත්තේ බෙන්තොට සිට කොල්ලුපිටිය හෝටල් ව්‍යාපෘතියකට පමණක් බව සටහන්ව ඇතත් එකම අවස්ථාවකවත් මෙම ලොරි රථ දෙක එම ව්‍යාපෘති භූමියට පස් රැගෙන ඇතුළු වී නොමැති බවට එහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගෙන් විමසීමේදී පොලිසියට දැනගත හැකි වී ඇත.

එයින් සිවු දිනකට පසු එනම් අප්‍රේල් 5 වැනිදා එම පස් ව්‍යාපාරයේ හිමිකරු පොලිස් කොස්තාපල්වරයාගේ (42116) ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ඔහුගේ පස් ලොරි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තර්ජනය කර පැය විසි හතරක් තුළ මාරු කරන බව ද ‘මගේ හැටි තමුසේ දන්නේ නැහැ’ යැයි ආදී වශයෙන් පවසා තර්ජනය කර තිබේ.

එම පස් ජාවාරම්කරුගේ තර්ජනාත්මක ඇමතුම මල්ඵල ගන්වමින් පසුදිනම (6) බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අංකීෘ ෂඨරැඋඡරැඔඍරැ37රැ2018 දරණ ස්ථාන මාරුවීම් නියෝග අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දෙහිවල පොලිස් ස්ථානය වෙත මාරුවීමක් කර ඇත. මෙම ස්ථාන මාරුව ලබාදීමට හේතුව පස්ජා වාරම්කරු විසින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් ප්‍රවාහනය කරන ලද ටිපර් රථ අත්අඩංගුවට ගැනීම බව තමන්ට හැඟී යන බවත් තමන් කිසිදු අක්‍රමිකතාවක් කර හෝ පොලිස් සේවයේ නමට කැළලක් වන අයුරින් කටයුතු කර නොමැති බවත් රාජකාරිය නීත්‍යානුකූල ආකාරයට ඉටු කිරීම හේතු කොටගෙන මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑමට සිදුවී ඇති බව කියන කොස්තාපල්වරයා ඔහුට සාධාරණයක් කරන ලෙස පොලිස්පතිවරයාට හා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාට යොමු කරන ලද ලිපියකින්ඉ ල්ලා තිබේ.

පොලිස් නිලධාරියකු නීත්‍යානුකූල ක්‍රියා කලාපය තුළ කටයුතු කිරීමට යාමේදී සිදුවන මෙවැනි සිදුවීම් හේතු කොටගෙන අසරණ තත්ත්වයට පත්ව ඇති අතර නීත්‍යනුකූලව කළ රාජකාරියක් සම්බන්ධයෙන් මෙවන් ඉරණමකට මුහුණ පෑමට සිදුවන්නේ නම්මහජනතාවට සේවය කිරීමට බැඳී සිටින අවංක නිලධාරියකුට අත්වූ ඉරණම පිළිබඳ කනගාටුවට පත්වන බව ඔහු පොලිස් කොමිසම වෙත යොමු කරන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (21)

පොලිසියෙන් ඇල්ලූ ටිපර් අයිතිකරු කී විදියටම පොලිස් නිලධාරියාට මාරුවක්

ලුම්බිණි Tuesday, 24 April 2018 06:11 AM

වහාම කල යුත්තේ මෙම නිලධාරියාට මාරුව ලබා දුන් පුද්ගලයාගේ සේවය අත්හිටුවන එකයි. එතකොට වත් මෙවැනි දේවල් වලට අත තියන එකක් නැහැ.

:       1       287

Shan Tuesday, 24 April 2018 06:21 AM

පොලිස් දෙපාර්තමේන්තුව ඉවරයි මේ පොලිස්පති යටතේ.

:       141       925

Saththaya Tuesday, 24 April 2018 06:24 AM

මෙම නීති විරෝදී වැඩ දිගටම කරගෙන යන්නේ පසුගිය වකවානුවේ කෙරීගෙන ආපු විදියටමයි. ඒ සමයේත් ප්‍රසිද්ධ වැලි ජාවාරමේ යෙදුනේ කව්ද කියල මුළු ලංකාවම දන්නවා. ඒ පුරුදු, විශේෂ අණ පරිදි තවමත් ලංකාවේ කරගෙන යනවා. කව්ද ඉතින් මේවා නතර කරන්නේ? තමන්ගේ මාඉමෙන් ඇතුලේ තියෙන අඹ කඩන්න අනුන්ට අයිතියක් තියෙන රටක . මේවා නතර කරන්න ඉන්නේ කව්ද? දුෂිත වැඩ ඔක්කම ඡන්ද , ඊළගට පක්ෂය විතරයි.

:       67       419

Ruwan Tuesday, 24 April 2018 06:44 AM

ජනපතිතුමනි, සාගල රත්නායක මැතිතුමනි, මෙන්න කරනවානම් වැඩ. ඔබලාගේ නිර්දෝෂී බාවය පෙන්වීමට මහගු අවස්තාවක් ලබී ඇත.

:       222       282

wimal wijekoon Tuesday, 24 April 2018 06:56 AM

ලෝකෙන් උතුම් රට ලංකාවයි

:       76       89

Hafeel Tuesday, 24 April 2018 07:29 AM

මට මතකයි හිටපු DIG කොටකදෙනිය මහතා වරක් කිව්වා මෙම පොලීස් තනතුර ඇවිල්ල හරියට පාපන්දු වගේලු. පාපන්දු ගහන්න ගහන්න තැන් වලට වීසිවෙනවනේ.

:       0       186

Sanath Tuesday, 24 April 2018 07:30 AM

රුවන්, ඔබගේ දැනුම යාවත්කාලීන වී නොමැතිබව පෙනේ. සාගල රත්නායක නීතිය සහ සාමය පිලිබඳ ඇමති නොවේ. දැන් ඒ ඇමති රංජීත් බණ්ඩාර මහත්තයනේ.

:       0       65

සඳුන් Tuesday, 24 April 2018 07:35 AM

මෑතකදී සිංහල භාෂාවේ ඉතාම විකෘතිවූ වචනයක් වූයේ නම් එය "යහපාලනය" නම්වූ ශුද්ධ වචනයයි.

:       0       70

Nandalal DE SILVA - France Tuesday, 24 April 2018 08:04 AM

මොකද මේ පස් ජාවාරම්කාරයට පොලිස් නිලධාරියාගේ ජංගම දුරකතන අංකය දුන්නේ ? "වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුනා" වගේ දෙයක්නේ මේ පොලිස් නිලධාරියට වෙලා තියෙන්නෙත්! නීතිය ඉටුකරනවා වෙනුවට, දෑස පියාගෙන ඉන්නද මොවුන්ට වෙන්නේ?

:       0       1

Mahee Tuesday, 24 April 2018 08:25 AM

මේ එක සිද්ධියක් විතරයි. තව ඕන තරම් ඉන්නවා. අසාධාරණය හිතේ දරාගෙන කියන කියන තැනට විසිවෙලා යන පුංචි මිනිස්සු මේ. ලොකු මිනිස්සුත් ඉන්නවා ඊට වඩා ලොකු මිනිස්සු නිසා තැන් තැන්වලට විසිවෙලා ගිය සහ විසිවෙලා යන. මේ කුනුවෙච්ච ජරා ජීර්ණ දේශපාලනයයි, තනතුරු රැකගැනීම සඳහා දේශපාලුවන්ට නැවෙන උසස් නිලධාරීනුයි ඉන්න අපේ රටේ මේවා සුළු සිදුවීම් පමණයි.

:       0       48

parakkrama Tuesday, 24 April 2018 11:54 AM

පසුගිය යුග කිහිපය තුලම ක්‍රියාත්මක් කැරගෙන එන දේවල් , උතුම් ලෙස සලකන සිංහල ක්‍රමයේ හැටියට පාරම්පරික දෑ බවට පත් වෙමින් ඇත . පරම්පරාවක කාල පරිච්ඡේදයක් ගතවී ඇත. දැන් පෙනෙන හැටියට ගලන ගඟ ආපස්සට හැරවීමට නොහැකි බවකි. උගුරට හොරා බෙහෙත් කන බලධාරීන්ද එමට සිටින බව පසක් වේ. තමන්ගේ මඩිය තර වේ නම් රට බල්ලට ගියත් කමක් නැත. තුන්වන ලෝකයේම දිගටම නම රඳවා තබා ඇති අප‍ මාතෘ භූමියට ජය වේවා .

:       0       10

රවින් Tuesday, 24 April 2018 01:38 PM

පොලිස් මහජන සම්බන්ධතා අධ්‍යක්ෂවරයාගේ විශ්ලේෂණය කුමක්ද?

:       0       21

අර්ජුන Tuesday, 24 April 2018 01:57 PM

වෙන රටක නම් උසස් වීමක්...ඒකට මෙහෙ දඩුවම් මාරුවක්....

:       0       17

Sincere Tuesday, 24 April 2018 02:15 PM

නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන ලෝකේ එකම රට නේ?

:       0       23

පූජාපිටියේ සමිත හිමි Tuesday, 24 April 2018 02:19 PM

වහාම ඒ පොලිස් නිළධාරි මහතාට සාධාරණය ඉටුකරන්න. මාරුවීම කළ උසස් හෙවත් "පහත්" පොලිස් නිළධාරියාට හොඳ පගාවක් ලැබෙන්න ඇති.

:       0       107

Sapumal. Tuesday, 24 April 2018 03:32 PM

හරියට රාජකාරිය කල නිලධාරියාට ඉහලින් දී ඇති ගෞරවය සහ ඇගයීම අතිශයින්ම පුදුම සහගතය. වැලි පස් ආදී ට්‍රක් වලින් අල්ලස් ගන්නා නිලධාරීන් කව්දැයි වටහා ගැනීමට මේ පුවත හොඳටම ප්‍රමාණවත්. වරදට වහාම දඬුවම් දී අසාධාරණයට ලක්වූ පොලිස් නිලධාරියා ඇගයීමට ලක් කල යුතුයි.

:       0       1

Perakum Tuesday, 24 April 2018 03:34 PM

කෝ දැන් අර පොලිස් කොමිසමේ ලොක්කා?

:       0       1

buddhi Thursday, 26 April 2018 04:51 AM

දැන් පේනවනේ පොලිස් සේවය මහජනයාට එපා කරවන්නේ මහපාරේ දුවිලි, වැසි වාහන දුම් කකා මහා පාරේ හිටගෙන ඉන්න පොලිස් නිලධරීන් ට වඩා අපට නොපෙනෙන ලොකු පුටු රත් කරන දූෂිත පොලිස් නිලධාරීන් කියලා.

:       0       0

frank Friday, 27 April 2018 07:47 PM

ඔය ගොල්ලන් මොනවා කිව්වත් පානදුර කොට්ටාස රථ වාහන අංශයේ හැටි අපි දන්නවා. එක් කෙනෙක් නෙමේ ඕකේ ඉන්න ඔක්කොමලා මාරුකරන්න ඕනෑ.

:       0       0

Namal Bandara Saturday, 28 April 2018 08:48 AM

මගේ සහෝදරයා දිගින් දිගටම වැලි සම්බන්ධ වැටලීම් කළ නිසා ඔහුව වෙනත් පොලිස් ස්ථානයකට මාරු කළා. ඔහුව මාරු කළ දවසේ වැලි ජාවාරම් කරුවන් නගරය මැද රතිඤ්ඤා පත්තු කළා. මොනතරම් අවාසනාවන්ත රටක්ද?

:       0       0

de silva Saturday, 28 April 2018 08:42 PM

"යස් සර් ඇරෙස්ට් කරන්නේ නැහැ... සර් ප්‍රොමිස් යූ සර් ,"

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1142 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 368 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 438 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 359 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 535 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4438 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site