IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පොලිසිය අංක තහඩු නැතිව සභාවට යාම හරි

 

තරිඳු ජයවර්ධන

පාර්ලිමේන්තුවේදී පසුගියදා ඇතිවූ ගලඹගෑනියේදී පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන්  නිලඇඳුම්වල අංක තහඩු ආදිය නැතිව පැමිණියේ මන්ත්‍රීවැරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට යැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

පොලිසියේ ඉදිරියෙන් සිටි නිලධාරීන් අංක තහඩු සහ නම් සඳහන් තහඩුව නැතිව පැමිණීම ගැන ඇතැම් දේශපාලකයෝ චෝදනා කළහ.  මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිසියේ සේවය කරන නිලධාරීන්ගෙන් සහ උසස් පොලිස් නිලධාරීන්ගෙන් කළ විමසුමක දී ඔවුන් තහවුරු කළේ මීට පෙර පොලිස් නිලධාරීන් අංක තහඩු නැතිව සභා ගැනට ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙක් පැහැදිලි කළ උසස් පොලිස් නිලධාරියෙක් මෙසේ ද කීවේය.

‘‘පාර්ලිමේන්තුවේ සභාවට යෑමට පොලිසියට තහනම්. නමුත් කතානායකවරයාගේ විශේෂ අවසරයක් ඇත්නම් හා කතානායකවරයා කැඳවීමක් කළොත් පොලිසියට ඇතුළට යන්න පුලුවන්.  මීට පෙරත් පොලිසියෙන් සභා ගැබට ගිහින් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා මන්ත්‍රීවරයකු ලෙස සිටිය දී පවා එක් අවස්ථාවක එවකට කතානායකවරයාගේ නියෝගය අනුව පොලිසිය සභාවට ගිහින් මන්ත්‍රීවරයා උසවාගෙන සභාවෙන් එළියට ගෙනාවා.

මෑතක හොඳම උදාහරණය තමයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ සිද්ධිය. 2017 මාර්තු 08 වැනි දා කතානායකවරයා නියෝගයක් දුන්නා දිනේෂ් ගුණවර්ධන මහත්මයව සභාගැබෙන් ඉවත් කරන්න කියලා. එදා පොලිසියේ අය ගියෙත් මේ විදියටම තමයි. එදා වීඩියෝ දර්ශන සහ ඡායාරූප පරීක්ෂා කළා නම් බලාගන්න පුලුවන් පොලිසිය හිටිය විදිය.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු පොලිසියට උපදෙස් පන්තිවලදිත් උපදෙස් දෙනවා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂාවෙන විදියට වැඩ කරන්න කියලා. සභාව ඇතුළට කතානයකගේ කැඳවීමකට ගිය පසු මන්ත්‍රීවරුන් පොලිසිය සමඟ පොර බදන්න පුලුවන්. උදාහරණයක් විදියට මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස නියෝග කළොත් පොලිසිය මන්ත්‍රීවරයා අරගෙන යද්දි පොරබැදීමක් වෙන්න පුලුවන්. ඒවගේ වෙලාවට නම් සහිත තහඩු සහ අංක තහඩු මන්ත්‍රීවරුන්ගේ ඇඟේ පැටලිලා තුවාල සිදුවෙන්න පුලුවන්. ඒ නිසා තමයි සභාවට යද්දි අංක තහඩු සහ නම් සටහන් තහඩු ගලවලා යන්න කියන්නේ. මේක සාමාන්‍ය දෙයක්.‘‘

දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් එළියට දැමීමට පොලිසියෙන් පැමිණීම සහ පෙරේදා පොලිසියෙන් පැමිණීම යන අවස්ථා දෙකේ ඡායාරූප පහත දැක්වේ.



අදහස් (13)

පොලිසිය අංක තහඩු නැතිව සභාවට යාම හරි

රවින් Sunday, 18 November 2018 08:57 AM

මේකේ එක් පින්තූරයක තියනවා දුරකථනයකින් පින්තූර ගැනීමක් ගැන.... ඔහු කව්රු වුවත්, මෙම ක්‍රියාව සඳහා අවසර ලබාගත යුතු නොවේද? දුරකථන භාවිතය සභා ගැබ තුළ තහනම් නොවේද? කරුණාකර දැනුවත් කරන්න.

:       85       121

hasithaSunday, 18 November 2018 09:16 AM

හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලනවයි කියන්නේ ඕකටයි මහත්තයෝ...

:       200       192

hazitha Sunday, 18 November 2018 09:20 AM

හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලනවා කියන්නේ ඕකටයි මහත්තයෝ...

:       23       50

thusitha Sunday, 18 November 2018 09:46 AM

එතකොට මේ තහඩුවලට දුප්පත් අපිව කැපුණට කමක් නැද්ද මහත්තයෝ?

:       1       276

Udara Sunday, 18 November 2018 10:37 AM

එතකොට සැරයන්වරුන් නිලඇඳුම්වල අංක තහඩු ආදිය නැතිව පැමිණියේ මන්ත්‍රීවරු සමග පොර බදන්න වුනත් බලාගෙන නම්, ඒ අය‍ට මන්ත්‍රීවරු පහරදීම වැරදිද? එයාලා එ්කට සූදානම් වෙලා නේද ඇවිත් තියෙන්නේ?

:       471       544

NuwanSunday, 18 November 2018 12:25 PM

තණකොළ කෑවට කමක් නැහැ... රටටම පෙන්නන්න එපා. පොරබදලා හරි මන්ත්‍රීවරයා තුවාල නොකර එතැනින් ඉවත්කරන එක පොලිසියේ රාජකාරිය. එහෙම නැතිව මේ අාවේ පොරබදන්න කියලා අර්ථකථනය කරන්න හදන්නේ ඔබ ජීවත්වෙන්නේ හරක් මඩුවකද? අර කතාවක් තියෙන්නේ දූෂණයින්ට අවශ්‍ය අායුධ මා ගාව තියන නිසා මාවත් හිරේ දාන්න කියලා කියවෙන ඔබත් ඒ වගේද?

:       627       534

UdaraMonday, 19 November 2018 07:03 AM

පොරබදින්න එන අයට හාදු දෙන්නද ඔහේ කියන්නේ? පොලිසිය කලේ එයාලගේ රාජකාරිය වගේම මන්ත්‍රීවරු කරේ කතානායක අසුනට එන එක වැළැක්වීම... මම කාලා ඉවරයි. තමුන්ගේ ටික එතුරු කරලා තියෙන්නේ. මුල් ගැලවෙන්නේ නැතිවෙන්න ඉතුරු ටික කන්න.

:       18       0

samadhi Sunday, 18 November 2018 11:02 AM

පොලිසිය දැන් තියෙන්නේ ජනාධිපති යටතේ නිසා මින් ඉදිරියට පොලිසියාම ජනාධිපතිතුමාට නවත්තන්න පුළුවන්නේ. කතානායක ජනපතිට උඩින් යනවද?

:       69       106

naradha Sunday, 18 November 2018 11:26 AM

මා සිතන්නේ මෙවැනි අසික්කිත හැසිරීමක් ඇති රැලක් පාලනය කිරීම සඳහා පොලිසියේ කැරලි මර්ධන ඒකකය යැවිය යුතුයි කියයි...

:       0       1

janis Sunday, 18 November 2018 11:58 AM

එස්.ටී.එෆ්. එක දාලා මේ අයට පාඩමක් උගන්වන්න තියෙන්නේ...

:       0       1

himal Sunday, 18 November 2018 01:12 PM

මෙවැනි අනවබෝධයක් වෙන්න මූලිකම හේතුව නම් පාර්ලිමේන්තුවට පත් වන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් පවත්වන දැනුවත් කිරීමේ වැඩමුළු සඳහා සහභාගී නොවීමයි. මෙතැන කියා නැහැ පොලිස් නිලධාරීන් එන්නේ පොර බැදීමට කියා. ඔවුන් එන්නේ තමන්ට ලද කැඳවීම මත... ජනපති හෝ වෙනත් ඇමතිවරයෙක් යටතේ පොලිසිය පවතින නිසා කථානායකට පොලිසියට එන්න කියන්න බැරි නම්, ගෙදරට හොරු පැන්නම ඒ ගෘහ මූලිකයාටත් පොලිසියට කතා කරන්න ඇමති අවසරය ගන්න වෙනවා. පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වෙන්නේ කථා නායක. හරියට අධිකරණයේ විනිසුරු වගේ....

:       0       153

tikiri Monday, 19 November 2018 06:36 AM

හොඳටම ෂුවර් ද ඔය මැර හමුදාවක් නොවෙයි කියලා ?

:       0       43

Dissanayaka Monday, 19 November 2018 11:04 AM

පාර්ලිමේන්තුවේ හරක් අල්ලන්න යන්නේ අංක තහඩු ගලවලා. එතකොට මේ තහඩුවලට රටේ අනෙක් මිනිස්සු කැපුණට කමක් නැද්ද?

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 67 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 334 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1076 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2508 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1691 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 992 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site