( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් පරීක්ෂකවරයකුගේ නිවසට පොලිස් වෙසින් ඇතුළු වු නාඳුනන පිරිසක් ඒ මහතාගේ පොලිස් නිල ඇඳුමක් සොරාගෙන නිවසෙහි ප්‍රධාන දොරටුවට වෙනත් අගුලක් සවිකර පලා ගොස් ඇති බව පැමිණිල්ලක් කර ඇතැයි දෙහිවල පොලිසිය පවසයි.
මෙලෙස රැගෙන ගොස් ඇත්තේ පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිල ඇඳුමක් වන අතර එහි සියලු නිල ලාංඡන ආයිත්තම් සවි කර තිබී ඇති අතර තවද නිවසට දමා තිබු රුපියල් හාරදහසක් පමණ වටිනා ඉබියතුරු හි දම්වැල් රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.
රාජකාරී නිම වී නිවෙස බලා ගිය පොලිස් පරීක්ෂකවරයා නිවසේ ඉදිරි දොර විවෘත කිරීමට යාමේදී එය විවෘත කිරීමට නොහැකි වීමෙන් පසු සෝදිසි කර බැලීමේදී වෙනත් ඉබි යතුරු දමා ඇති බව හෙළි වී ඇති අතර පසුව කළ සෝදිසියකදී සිය නිල ඇඳුමකක්ද අතුරුදන් වී ඇතැයි සොයාගෙන ඇත.
නිවසට යාබද නිවසක කාන්තාවක් පවසා ඇත්තේ රහස් පොලීසියෙන් යැයි කියාගත් පිරිසක් පැමිණ නිවසේ ටික වේලාවක් රැදි සිටිමින් මෙවැනි ක්‍රියාවක් සිදු කර ගිය බවට එම පැමිණිල්ලේ ඔහු සඳහන් කර ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.
මෙම පොලිස් පරීක්ෂවරයා 2014 වසරේ සිට මෙම ස්ථානයේ පදිංචිව සිටින බව පොලීසිය සඳහන් කළේය.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොලිස් ලොක්කෙකුගේ නිවෙසට ඇතුළු වී නිල ඇඳුම සොරාගනී
Mahee Sunday, 16 December 2018 11:45 PM
අම්මෝ, මේකේ පසු බිම් කතාව චිත්‍රපටියකට සුදුසු ඇති කියලා මට හිතෙනවා.
Akila Monday, 17 December 2018 12:41 AM
තවත් මදුෂ් ගේ ගොලයෝන්ගේ වැඩක් ද දන්නේ නැහැ.
rocky Monday, 17 December 2018 12:58 AM
තමාගේම ස්ථානය ආරක්ෂා කර ගන්න බැරි පොලිස් නිලධාරියෙක්නේ. ඒ කොහොමටත් ගෙට ඇතුළු වුන මිනිසුන් බොහොම දක්ෂ පිරිසක්. ඇත්ත වශයෙන් ඔවුන් රහස් පොලිසියට බඳවා ගැනීම සුදුසුයි.