(නිමන්ති රණසිංහ)
‘පොලිස් ඥාති සංසදය’ නැමැති සංවිධානයක් විසින් හෙට (12) කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සංවිධානය කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය තහනම් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොටුව පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (11) ප‍්‍රතික්ෂේප කළේය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති අයිතියක් වැළැක්වීමට අධිකරණයෙන් නියෝග නිකුත් කළ නොහැකි බවත්, යම් හෙයකින් උද්ඝෝෂකයින් එම අයිතිය උල්ලංඝණය කරමින් කටයුතු කළ හොත් පොලිස් බලතල පාවිච්චි කරන ලෙසත් දැනුම් දෙමින් මහේස්ත‍්‍රාත්වරයා කොටුව පොලීසියට කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.
පොලිස් නිලධාරින්ගේ සංයුක්ත දීමනා සහ මෑතකදී කණීෂ්ඨ නිලධාරින්ට ලබාදුන් උසස්වීම්වල ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ‘පොලිස් ඥාති සංසදය’ විසින් හෙට (12) කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි කොටුව පොලිසිය අද (11) අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පොලිස් ඥාති සංසදයේ උද්ඝෝෂණය වළක්වන්න’යි කළ ඉල්ලීම ඉවතට