IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිස් කොමිසමේ ලේකම්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
වැඩ තහනමකට ලක්ව සිටින ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක , නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට මාසිකව අර්ධ වැටුපක් ගෙවන ලෙස කරන ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලබන පෙබරවාරි 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නොතීසි නිකුත් කරන ලදී.
 
ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින සිය සේවාදායකයාගේ මූලික ආදායම් මාර්ගය අහිමිවීම නිසා  දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බවත් , ඔහුට මාසිකව අර්ධ වැටුපක් ගෙවන්නැයි  වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා කළ ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.
 
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප‍්‍රභන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට නීතිවිරෝධී බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නාලක ද සිල්වා මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (09) සලකා බැලූ අවස්ථාවේදීය.
 
බුවනෙක අළුවිහාරේ , මුර්දු ප‍්‍රනාන්දු සහ එස්.තුරෛයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ ආරක්ෂක ලේකම් , පොලිස්පති , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක යන තනතුරු දැරූ නිලධාරීන් මේවනවිට වෙනස් වී ඇති බව පෙන්වා දෙමින් පෙත්සම්කාර පාර්ශවය එහිදී අධිකරණයට කළ කරුණු දැක්වීමට නීතිපතිවරයා මෙහිදී විරුද්ධත්වයක් නොදැක්වීය.
 
ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ නම් ඇතුළත් ශීර්ෂය සංශෝධනය කිරීමටද විනිසුරු මඩුල්ල එහිදී පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දුන්හ.
 
පෙත්සම සලකා බැලීම ලබන පෙබරවාරි 17 වැනිදාට කල් තබන ලදී.
 
වැඩතහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම් , පොලිස්පති , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
 
හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප‍්‍රභන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගත් බවත් , එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසත් , එම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම්කාර නාලක ද සිල්වා මහතා සිය පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.
 
පෙත්සම්කාර නාලක ද සිල්වා මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතාද නීතිපති වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් යන මහත්වරු පෙනී සිටියහ.



අදහස් (0)

පොලිස් කොමිසමේ ලේකම්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 161 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 342 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 457 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 783 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1179 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 953 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site