IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිස් කොමිසමේ ලේකම් අද සිට ඉවතට

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට එම ධුරයෙන් ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණයක කළේය.
 
අද උදෑසන පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කළ බවත්, කොමිෂන් සභාවේ නිලධාරීන් ඊට සහභාගී නොවූ බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. එහි තීන්දුවක් ලෙස කොමිෂන් සභා ලේකම්වරයාගේ සේවය අවසන් කර ඇති අතර ඒ බව ආරියදාස කුරේ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
 
මේ ගැන කළ විමසීමක දී පොලිස් කොමිෂන් සභාවේ සභාපති පී එච් මනතුංග මහතා ප්‍රකාශ කළේ  2018 පෙබරවාරි පළමු වැනිදා තම 3/2018 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් සේවයේ යොදා නොගන්නා ලෙස දැනුම් දී ඇති බවයි. එබැවින් කුරේ මහතාගේ සේවය අදින් වසන් කිරීමට තීරණය කළ බව ඔහු කීවේය.

කොමිසමේ වැඩ බැලීමට හෝ ස්ථිර ලේකම් වරයෙකු පත් කිරීම ගැන අද අවධානය යොමු නොවූ බවත්, ඒ ගැන බ්‍රහස්පතින්දා රැස්වීමේදී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් මනතුංග මහතා පැවසීය.
 
එහෙත් ඒ වන තෙක් ක්‍රියාත්මක වූ 09/2007 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව ද විශ්‍රාමික රාජ්‍ය සේවකයන් තනතුරුවලට පත් කළ නොහැකි අතර අනුප්‍රාප්තිකයකු හෝ සුදුසු නිලධාරියකු පත් කිරීමට නොහැකි නම් පමණක් වයස අවුරුදු 67 දක්වා වූ නිලධාරීන් පත් කළ හැකිය.  

3/2018 නව චක්‍රලේඛය අනුව ද අනුප්‍රාප්තිකයකු හෝ සුදුස්සකු තෝරා පත් කර ගත නොහැකි තත්ත්වයකදී වයස අවුරුදු 67 දක්වා වූ නිලධාරීන් පත් කළ හැකිය. 
 
නිලධාරීන් විශ්‍රාම යන වයස සම්පූර්ණ වන විට සුදුස්සන් තෝරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මීට පෙර චක්‍රලේඛවල මෙන්ම මෙම චක්‍රලේඛයේද දන්වා තිබේ. ආරියදාස කුරේ මහතා විශ්‍රාම ගැන්වුවද මේ වනතෙක් වැඩ බලන ලේකම්වරයකු හෝ පත් කර නැත. 
 
මීට පෙර පොලිස් කොමිෂන් සභාවේ තීරණ සම්බන්ධයෙන් ආරියදාස කුරේ මහතාගෙන් මාධ්‍යය තොරතුරු ලබා ගත් අතර එය වහාම නතර කරන ලෙස කොමිෂන් සභාව මීට සති කිහිපයකට පෙර ඔහුට දැනුම් දී තිබිණි. ආණ්ඩුව අපහසුතාවට ලක් වන ආකාරයේ ප්‍රකාශ කරන්නේයැයි ඔහු සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබිණි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 2018 පෙබරවාරි මාසයේ නිකුත් කළ අතර එය නිකුත් කළ දිනවල කොමිසම මෙවැනි තීරණයක් ගෙන තිබුණේ නැත.  පොලිස් කොමිෂන් සභාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස එහි නිලධාරීන් කිහිප දෙනෙකු විගණකාධිපතිගෙන් ලිඛිතව ඉල්ලීමක් ද කර තිබේ. 



අදහස් (0)

පොලිස් කොමිසමේ ලේකම් අද සිට ඉවතට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 425 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 806 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 694 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 969 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 759 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 108 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site