IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය චාල්ස් කුමරුට


බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා ලෙස මහ රැජිනගේ පුත් චාල්ස් කුමරු පත් කිරීමට එම මණ්ඩලයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන් එකඟත්වය පළ කර ඇතැයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරයි.
 
තමාගෙන් පසු තම පුත් චාල්ස් කුමරු වගකීම් බාරගෙන කටයුතු කරන දැකීම තම බලාපොරොත්තුව යැයි මහ රැජින පවසා ඇතැයි ද බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේය. 
 
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත් කරගන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ලන්ඩනයට පැමිණ සිටින එම මණ්ඩලයේ සාමාජික රටවල නායකයන් වින්ඩ්සර් මාලිගයේ දී වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව සාකච්ඡා පවත්වා තිබෙන අතර මීට පෙර අවස්ථා කිහිපයදීත් එවැනි සාකච්ඡා පැවැත්වුණු බව වාර්තා විය.
 
පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානී තනතුරු උරුමයක් නොවන අතර එය සාම්ප්‍රදායිකව චාල්ස් කුමරුට පැවරෙන්නේ නැත. ප්‍රධානී තනතුර සාමාජික රටවල් 53 නායකයන් අතර හුවමාරු කිරීම සුදුසුයි යනුවෙන් ද මෙම සාකච්ඡාවලදී යෝජනා වී තිබේ.
 
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානී තනතුර පිරිනැමීමට සහාය දක්වමින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සහ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ මීට පෙර අවස්ථා කිහිපයකදීම අදහස් දැක්වීය. 
 
දින දෙකක් මුළුල්ලේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවට සමගාමීව මෙම සාකච්ඡා පවත්වා තිබෙන අතර ඊට පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල ජනාධිපතිවරුන් 46 දෙනකු සහ ඉතිරි රටවල් 7 ක විදේශ කටයුතු අමාත්‍යවරු සහභාගී වූහ.
 
මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයේ කාර්යභාරය සම්බන්ධයෙන් අර්බුදයක් සහ විවේචනයක් ඇති වී තිබේ. 
 
බිලියන 2.4 ක ජනගහනයක් නියෝජනය කරන පොදු රාජ්‍ය මණ්ඩලය ස්ථාපිත කර ඇත්තේ කුමටද එහි අරමුණ කුමක් ද එහි කාර්යභාරය කුමක් ද යන්න සම්බන්ධයෙන් විවේචනයක් ඇති වී තිබේ. 
  
 
055



අදහස් (17)

පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය චාල්ස් කුමරුට

menna Friday, 20 April 2018 02:57 PM

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික අවශ්‍යමද? අපේ අයට හේතු හදාගෙන රට යන්න හොඳයි. ගැතිකන් කරන්න හොඳයි ඔය සාමාජිකත්වය. බ්‍රිතාන්‍යය ඊයූ එකට රිංගලා, පාඩුවෙනවා කියලා දැනගත්තම අයින් වෙන්න හදනවා. අපේ රටට පොදු රාජ්‍ය මණ්ඩලයේන් හොඳක් වෙයි කියල හිතන්නේ නැහැ. මේ අයට ඕන දේවල් කර කර අධිරාජ්‍යවාදය පතුරනවා.

:       247       430

බණ්ඩාර Friday, 20 April 2018 04:20 PM

මම යෝජනා කරනවා මේ තනතුරට චතුර සේනාරත්න සුදුසුයි කියලා.

:       5       85

samarageSaturday, 21 April 2018 08:09 AM

ඔව් ඉතින් එයානම් මහ රැජිනටත් රජකම් කරන හැටි උගන්නල ඇතිනේ...

:       0       59

RaveendraSaturday, 21 April 2018 09:40 AM

බණ්ඩාර මයාගේ යෝජනාව අප ස්ථිර කිරීමට කැමැත්තෙමු. මොකද තරුණ අම්බරුවන් නිතරම නැට්ට උස්සගෙන තප්පුලන එකනේ වැඩේ. ඉතින් රැජිණට වුනත් කියලා දෙයි කොහොමද නැට්ට උස්සගෙන තප්පුලන්නේ කියා...

:       0       107

naradha Friday, 20 April 2018 06:03 PM

අද රටේ වැටි තිබෙන ආර්ථිකය ගොඩ නැංවීමට නම්, තේ, රබර්, ඇගලුම් වැනි අපගේ අපනයන භාණ්ඩ ජාත්‍යන්තර වෙළෙඳපොළට පහසුවෙන් ඇතුල් කිරීමේ හැකියාව අත්‍යවශ්‍ය දෙයකි. එමෙන්ම, ණය බරට යට නොවී, ආර්ථිකය දියුණු කල හැකි අනෙක් විකල්පය නම්, විදේශ ආයෝජන රට තුලට ගෙන ඒමයි. මෙවැනි දේ කිරීමට නම් අපි වැඩි වැඩියෙන් ජාත්‍යන්තරය සමග සම්බන්ධතා පැවැත්විය යුතු අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය එයට ඇති එක පිවිසුමකි. එම නිසා අද පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය වැනි දෙයකින් ඉවත් වීම නුවනට හුරු දෙයක් නොවේ.

:       88       22

sirimal Friday, 20 April 2018 06:35 PM

මීට බොහෝ කලකට පෙර පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව හැඳින්වුයේ " අතමිට සරු නෑයෙක් මුණගැසී අතමාරුවක් ඉල්ලාගන්න යන අග හිගකම් බහුල පිරිසකගේ නෑ ගමනක්" ලෙසටය. නමුත් මේ වනවිට ඒ සියල්ල වෙනස්වී ඇත. කලින් මහා බ්‍රිතාන්‍යයට යටත්ව නොතිබූ රටවල්ද දැන් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගෙන ඇත. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පුරුව වැනි සාමාජික රටවල්ද බ්‍රිතාන්‍යයට සම සමව ආර්ථික දියුණුවක් ලබා ඇත.විවිධ හැල හැප්පීම් අතරේ මේ සමාගම නොකැඩී තබාගන්නා ලද්දේ බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනගේ රාජ්‍යතාන්ත්‍රික දැනුම හා උපායශීලී විදග්ධ ක්‍රියා පටිපාටිය නිසාය. නමුත් චාල්ස් කුමරු හට එවන් නිපුණත්වයක් ඇත්ද යන්න සැක සහිතය. පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය බාරදුන් දවසේම එංගලන්තයේ ජීවත්වෙන බටහිර ඉන්දියානු සම්භවයක් ඇති තරුණ කාන්තාවක් මුහුණදුන් අත්දැකීමක් පිළිබඳව බ්‍රිතාන්‍ය මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබුණි. එහිදී ඇය පැවසුවේ චාල්ස් කුමරු හමුවූ අවස්ථාවකදී තමන් පැමිණියේ මන්ච්ස්ටර් සිට බව කීවිට " එබවක් පෙනෙන්නේ නැනේ" යැයි උපහාසාත්මකව පැවසු බවයි.

:       51       167

Sunil Saturday, 21 April 2018 06:22 AM

බ්‍රිතාන්‍ය ඒගොල්ලෝ අල්ලගත්තු රටවලින් පිට වෙනකොට ඒවා තමුන්ට යටත් විජිතයන් තවත් අන්දමකින් තමන් යටතේ තියාගන්න ගැටයක් ගහලයි ගියේ. ඒ නිසයි පොදුරාජ්‍ය මණ්ඩලයක් කියා දෙයක් ඇති කලේ. එ්කේ නායකයා බ්‍රිතාන්‍ය රැජිනයි. ඒ ගොල්ලෝ හූරන්කාපු රටවල් තවත් දුරට ඒ ගොල්ලන්ගේ වහලුන් හැටියට මේ සංවිධානය යටතේ තියාගන්න සමත් වුණා. අපිත් අපේ සල්ලි වියදම් කරකර එකේ තවත් එල්ලිලා ඉන්නවා. රටටවත්, ජාතියටවත් කිසිදු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. රටේ නායකයෝ එකේ රැස්වීම්වලට යනවා කියලා මහජනතාවගේ ධනය නාස්ති කරනවා.

:       33       280

naradhaSaturday, 21 April 2018 10:40 AM

එතකොට, අැයි පසුගියදා ජනාධිපතිතුමා බ්‍රිතාන්‍යට ගිහින් එහෙ අයට ලංකාවට ඇවිත් ආයෝජනය කරන්නට ආරාධනා කළේ? අතීතය කෙසේ වෙතත් අද ලංකාවට අවශ්‍ය හුදකලා වීම නොව, ලෝකයේ වෙනත් ජාතීන් සමග වැඩි වැඩියෙන් සම්බන්ධතා ඇති කර ගැනීමයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ඊට හොඳ පිවිසුමක්...

:       228       155

ලුම්බිණි Saturday, 21 April 2018 09:10 AM

පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වුනා කියල අපට ලැබෙන වාසිය මොකද්ද?

:       25       93

aseSunday, 22 April 2018 06:17 AM

වහල් බවින් මිදිලා අපිට අපේම අන්නයතාවයක් හදා ගන්න පුළුවන් නේද.?

:       28       105

tommySunday, 22 April 2018 11:30 AM

අපි වහල් බැවින් මිදිලා පසුගිය අවුරුදු 70 ට ලබාගත් මහා ජයග්‍රහණය කුමක්ද? ඇත්ත කතා කරනවා නම්, අපි තවමත් ණය බරින් පීඩිත, තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් !!!

:       0       48

sathyapalaSunday, 22 April 2018 06:25 AM

පොදුරාජ්‍ය මණ්ඩලයේ සිටීමෙන් සමහර වාසි තිබෙනවා? මොනවද ඒ.

:       0       0

de silva berlin Saturday, 21 April 2018 09:53 AM

පොදුරාජ්‍ය මණ්ඩලයේ සිටියා කියලා රටේ සාමාන්‍ය ජනතාව වන අපට ලැබෙන වාසිය මොකක්ද? මේ උත්සවවලට සහභාගි වෙන්න දේශපාලකයෝ යවන්න සහ මේරටේ උත්සව පවත්වන්න විශාල මුදලක් වියදම් වෙනවා. අඩුම තරමේ යුරෝපා සංගමය වගේ සාමාජික රටවල් අතරේ වෙළඳාමේදී බදු අයකර නොගැනීම, රටවල පුරවැසියන්ට සාමාජික රටවල රැකියා කිරීමට අවස්ථාව ලැබීම, ආර්ථික අතින් දිළිඳු සාමාජික රටවලට ආර්ථික ශක්තියක් ඇති සාමාජික රටවලින් ලබාගන්න මුදල් වලින් ආධාර දීම වැනිදේ මෙම පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් අතර නැත. මේකෙන් ඉවත්වීම හෝ එම රටවල පැවැත්වෙන උත්සවවලදී ලංකාව නියෝජනය කිරීම එම රටේ ශ්‍රී ලාංකික තානාපතිවරයාට බාරදීම වැනි ක්‍රියාමාර්ග වලින්, කෝටි ගණනක මුදලක් රටට ඉතුරු කරගත හැකිය.

:       27       126

de silva berlin Saturday, 21 April 2018 11:24 AM

ලුම්බිණි මහත්මියගේ ප්‍රශ්නයට උත්තරය මෙන්න. මේවට සහභාගී වෙන්න යවන දූත පිරිස්වලට සහ කාර්ය මණ්ඩල වලට වාර්ෂිකව වැයවෙන රුපියල් කෝටි 5-10 අතර මුදල ඉතුරුකර ගත හැක

:       0       134

Kumar Saturday, 21 April 2018 04:39 PM

පොදුරාජ්‍ය මණ්ඩලය කියන්නේ කට්ටිය එකතු වෙලා කාලා බිලා යන තැනක්

:       0       73

ලුම්බිණි Sunday, 22 April 2018 03:23 AM

පොදුරාජ්‍ය මණ්ඩලයේ සිටීමෙන් සමහර වාසි තිබෙනවා. ඒ වගේම අපේ දේශපාලකයන් මේ තුලින් රුපියල් කෝටි ගණන් නාස්ති කරනවා.

:       0       31

sanath Sunday, 22 April 2018 05:53 PM

අවුරුදු 92ක් වුනත් එලිසබෙත් රැජින නිරෝගිව ඉන්නවා. චාර්ල්ස් කුමාරයා රැජිනට වඩා වේගයෙන් වයසට යන නිසා රජකම නම් කවදාවත් ලැබෙන එකක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 273 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 123 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 188 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 231 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 366 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 831 4

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site