(චමිල් රූපසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය අද (19) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එම විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සියලු සිසුන් අද (19) පස්වරු 6 ට පෙර විශ්ව විද්‍යාල භුමියෙන් ඉවත් විය යුතු බවද නිවේදනයේ සදහන්ය.
මේ දිනවල විශ්වවිද්‍යාලය තුළ සීසීටිවි සවි කිරීම සම්බන්ධව කළමනාකරණ පීඨයේ සිසුන් අරගලයක යෙදී සිටින අතර, මේ සම්බන්ධව දෙපාර්ශවයම සමඟ සාකච්ඡා කර විසඳුමක් නොමැතිවීමෙන් සිසුන්ගේ අධ්‍යපනික කටයුතු පවා සිදු නොවන අවස්ථාවක් උදාවී තිබේ.
මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීම සඳහා සියලුම නිලධාරීන් සමඟ සාකච්ඡා කර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය විසඳුමකට පැමිණෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවත් නැවත ඉතාම කඩිනමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ඇරඹීමට කටයුතු කරනු ලබන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා කීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය වහයි
latha Friday, 19 July 2019 10:25 AM
සී.සී.ටී.වී. වලට බයවෙන්නේ හොරුනේ... ළමයි මොකෝ හොර වැඩ කරනවයැ බයවෙන්න. ඉගෙන ගන්නවනේ.
lalith Friday, 19 July 2019 10:28 AM
විශ්ව විද්‍යාලය තුළ සීසීටීවි සවි කිරීමෙන් නවක වදයට සිදුවන බාධාව පිළිබඳවයි මේ සිසුන් අරගල කරන්නේ...
chandima Friday, 19 July 2019 12:24 PM
ලෝකේ ඕනෑම දියුණු රටක විශ්ව විද්‍යාලවල මේවා සවිකර තිබෙනවා. වෙනකක් තබා පෙර පාසල් වලටද සියලු පාසල් වලත් වැසිකිලියේ හැරුණු විට අනෙක් සම තැනකම කැමරා සවිකර තිබෙනවා. එනිසා මෙයට කැමති නැති උදවියට ගෙදර යන ලෙස කියා කැමති කට්ටියට අධ්‍යාපනය ලබාදීම තමයි කළයුතුව ඇත්තේ.
RaveendraFriday, 19 July 2019 02:48 PM
chandima මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. මෙය අන්තරේ ද මොකක්ද අටමගලේ ඉන්න අපේ උගත් බුද්ධිමත් අහිංසක දරුවන්ට නොතේරෙන්නේ ඔවුන් විසින් කරන හොඳ වැඩ ප්‍රසිද්ධ වේ යන බියෙනි... එබැවින් එම අහිංසක අන්දරේලා අනිකුත් සිසුන්ව තම තමන්ගේ වැඩවලට යොදා ගැනීමක් නොවේද ..?