IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පේරාදෙණිය සරසවියෙන් බත්කොළ ඉවතට

(විනීතා එම් ගමගේ)

         

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන් මුල් වී විශ්ව විද්‍යාල භූමිය බත් කොළ භාවිත නොකරන පෙදෙසක් බවට පත් කර ඇත.

ශිෂ්‍ය පිරිස් විසින් ආපන ශාලාවලින් කළ ඉල්ලීම් අනුව ආපන ශාලාවල බත්කොළ භාවිතයෙන් ඉවත් කර ඇති අතර මේ වනවිට එහි කිසිදු ස්ථානයක බත්කොළ භාවිතා නොවන්නනේ යැයි එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාමර ජයසුන්දර මහතා පැවසීය.

2016 දී පේරාදෙණි විශ්ව විද්‍යාලය පොලිතින් රහිත කලාපයක් බවට ප‍්‍රකාශයට පත් කළ නමුත් එය නීතිමය වශයෙන් ක‍්‍රියාත්මක නොවුණු බවත් සිසුන්ගේ මැදිහත්වීම මත පොලිතින් රහිත බවට පත්වෙමින් ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මේ නිසා විශ්ව විද්‍යාලයේ ජනනය වන කසළ ප‍්‍රමාණය 80% අඩුවී ඇතැයි පෙන්වා දුන් ජයසුන්දර මහතා උත්සව සඳහා ද රිජිෆෝම්, පොලිතින් හෝ ප්ලාස්ටික් භාවිතා නොකිරීමට සිසුන් තීරණය කර ඇතැයි සඳහන් කළේය.

සැරසිලි සඳහා ඔවුන් යොදා ගන්නේ ස්වභාවික අතු,කොල, වැල්, මල් ආදී දේ බව ද කියා සිටියේය.

විශේෂයෙන් එක වරක් භාවිතා කර ඉවත දමන පොලිතින් ඉවත් කරගත හැකි නම් පොලිතීන් වලින් වන හානියෙන් 80% ක් මඟ හැරෙන බව ද ඔහු පැවසීය.



අදහස් (11)

පේරාදෙණිය සරසවියෙන් බත්කොළ ඉවතට

රජින්ද Sunday, 19 January 2020 11:10 AM

විශ්වවිද්‍යාල ශිෂයින්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ වැදගත් දේවල් මිසක් මහ පාරවල් වල රස්තියාදු වෙන කාලකන්නි පිරිස් නෙවෙයි.

:       2       281

විපරමාSunday, 19 January 2020 12:30 PM

ඒ දේවල් කරවන්නේ අන්තරේ අයනේ..?

:       2       31

Piyal Sunday, 19 January 2020 12:17 PM

අන්තරේ අයත් එකඟද මේ හොඳ වැඩේට? එහෙම නම් පුදුම හිතෙන එකක්...

:       0       50

Ruhunu Sunday, 19 January 2020 02:13 PM

බලන් ගියාම බත් කන අයත් ඉන්නවා එහෙනම්...

:       25       41

IndunilSunday, 19 January 2020 02:49 PM

බත් කන හරක්නේ ඉන්නේ..

:       26       1

සත්‍යපාල Sunday, 19 January 2020 04:08 PM

ඒක නම් සහතික ඇත්ත. අනික් සරසවි වලත් බත්කොළ අරන් දාන්න කට්ටිය යෙදෙව්වා නම් තමයි වැඩිය හොඳ...

:       0       8

Raveendra Sunday, 19 January 2020 04:37 PM

බොහොම හොඳයි. අප සැමවිටම අපේ අනාගත පරපුරෙන් බලාපොරොත්තු වන්නේ රට ඵලදායි දෙයක් කිරීමට හැකි දරුවන් බව කීමට කැමැත්තෙමු. කෙසේවෙතත් අන්තරේ ඉන්න හරක් අන්දරේලාගේ නූගත් වහසිබස් වලට නොරැවටී තමන්ගේ යුතුකම් කිරීමට ඉදිරිපත් වූ ඔබලාට ජය දරුවනේ...

:       0       58

indra Sunday, 19 January 2020 06:45 PM

අන්තරේ අය අතුගාලාම දාන්න ඕනෑ. අහිංසක දරුවන් ඇපයට තියාගෙන හම්බ කරගන්න පිරිසක් මිනිස් වෙස් ගත්ත සතුන් කොට්ටාශයක් දරුවනේ.. මේ අයගේ වහසි බස්වලට හසු නොවන්න...

:       1       29

vidya Monday, 20 January 2020 03:48 AM

විශ්ව විද්‍යාලයේ කැන්ටිමට යනකොට ගෙදරින්ම බෙලෙක් පිඟානක් අරගෙන එන්න පුරුදු වෙන්න. ඔය අපුරුවට, ලැප්ටොප්, ටෙලිෆෝන්, බෑග්වල දාගෙන එනවා වගේ මෙය කරන්නට පුළුවන් දෙයක්.... ඉන්දියාවේ කන්නේ බෙලෙක් පිඟන්වල. අපූරුවට මොලේ තියන මිනිස්සු අභ්‍යාවකාශටත් යන්නේ... පස් දෙනෙක් පටන්ගත්තොත් වැඩේ කළ හැකියි. ඉස්සර අපිට කිරි ඉස්කෝලේන් දෙනකොට අපි බෙලෙක් කෝප්පයක් ගෙදරින්ම අරගෙන ගියා. කෝප්ප නැත්නම් කිරි නෑ.

:       0       2

Rohana Monday, 20 January 2020 05:02 AM

පොලිතින් භාවිතයෙන් ඉවත්වීම පරිසරය රැකගැනීමට කරන මහඟු මෙහෙයක්. විශේෂයෙන් වෙළඳසල්වලින් භාණ්ඩමිලදී ගැනීමේදී පොලිතින් බෑග් නිකුත් කිරීම නවත්වනවා නම් පරිසරයට පොලිතින් මුදාහැරීම අවම කරන්න පුළුවන්. ඉස්සර වගේ ගෙදරින් ගෙනෙන බෑග්වලට බඩු භාණ්ඩ ඇසිරීමට එතකොට කවුරුත් පුරුදු වෙනවා. පොලිතින් බැග් අලෙවිසල් වලින් නිකුත් කරන නිසා එවැනි පුරුදුවලට ජනතාව යොමුවන්නේ නැහැ. මෙය අපහසු කාර්යයක් වුණත් අකමැත්තෙන් වුණත් පුරුදු වන්න සිදුවන්නේ පරිසරය රැකගැනීම ඊට වඩා වැදගත් වන නිසයි... බොහෝ රටවල දැනටමත් මෙවැනි ක්‍රම අනුගමනය කරනවා.

:       0       0

samarajeewa Monday, 20 January 2020 05:30 AM

මෙවැනි ඉතා හොඳ පරිසර හිතකාමී වැඩපිළිවෙලවල් සෑම ආයතනයකම ක්‍රියාත්මක කර අනාගත පරපුර වෙනුවෙන් අපේ යුතුකමක් ඉටුකරමු. අනවශ්‍ය පොලිතීන්, ප්ලාස්ටික් ඇසුරුම් සහිත භාණ්ඩ ආනයනය තහනම් කරනු...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 109 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 247 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1050 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 134 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 329 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 307 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site