එළැඹෙන පෙබරවාරි මාසය අවසන් වනතුරු ශ්‍රී පාද වන්දනාවේ නොඑන ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.
දෙසැම්බර් උදුවප් පෝය දිනෙන් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා වාරයට ජනවාරි මුල් සති කිහිපය වනතුරු ම බැතිමතුන්ගේ පැමිණීම අධික ය. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නුවරඑළිය, හැටන් වතු ආශ්‍රිතව පැතිරයාමේ වැඩි අවදානමක් පවතින බැවින් බැතිමතුන් වැඩිවශයෙන් පැමිණීම ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් මෙම පියවර ගෙන තිබේ.
ශ්‍රීපාද වන්දනාවේදී බැතිමතුන් ගතයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග සහ ඒ සඳහා සෞඛ්‍ය අංශ මැදිහත්විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් දෙසැම්බර් මාසයේදී සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
එහිදී, උඩමළුවට ඇතුළුවීමට සීමිත පිරිසකට අවසර දීම, ශ්‍රී පාදස්ථානයට යන මාර්ගයේ අවසර දී ඇති වෙළඳසැල් සදහා දැඩි සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කිරීම ඇතුළු පියවර ගැනීමට තීරණය විය.
එහෙත්, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අවසර ලබා වන්දනාවේ පැමිණයද කොරෝනා අවදානම් තත්ත්වය පහව නොයන බව අවධාරණයට ගනිමින්, ජනවාරි මාසයේදී ශ්‍රීපාද වන්දනාවේ නොපැමිණෙන ලෙස දෙසැම්බර් 23 වැනි දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලදී.
ජනවාරි මාසයේදී පමණක් නොව, පෙබරවාරි මාසය අවසන් වනතුරු දක්වා ශ්‍රීපාද වන්දනාවේ නොපැමිණෙන ලෙස අද දිනයේදී තීරණය කෙරිණි.
මේ අතර, ජනවාරි 17 වැනිදින ශ්‍රීපාදවන්දනාවේ ගිය ගාල්ලේ පාසලක රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනෙකු දෙමව්පියන් අතරින් ක්‍රීඩකයන් 4දෙනෙකුට සහ මවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද(21) තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පෙබරවාරි අවසන් වනතුරු ශ්‍රීපාදය වඳින්න එන්න එපා