(අංජුල මහික වීරරත්න , අතුල බණ්ඩාර සහ රෝහණ චන්ද්‍රදාස)
අතීත බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂණය කර ශ්‍රී විභූතිය ගැන ලෝකයට නොකියා සිංහල බෞද්ධ යැයි කියමින් දේශපාලනයේ ඡන්ද ගැනීමට කෑ ගැසීමෙන් ඵලක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද (14) පැවැසීය.
වත්මන් රජය බෞද්ධ සහ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය සඳහා 2015 වසරේ සිට වසර තුනක් රුපියල් මිලියන 2500ක් වියදම් කර ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා පසුගිය රජය 2012 වසරේ සිට 2014 දක්වා ඒ වෙනුවෙන් වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 1100ක් පමණක් බවද කීය.
මේ අනුව ශ්‍රී ලාංකික උරුමය ගැන සැබෑ කැක්කුමක් ඇත්තේ කාටදැයි හොඳින්ම තේරුම් ගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා කීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ අනුරාධපුර මහා විහාර ප්‍රජා භූමිය සංරක්ෂණය සහ සංවර්ධනය කිරිමේ ජාතික වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
අනුරාධපුරට පැමිණි අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස නාහිමියන් බැහැදැක ශ්‍රී මහා බෝධියද වැද පුදා ගත්තේය.මහා විහාර ව්‍යාපෘතියේ අංක 17 පොකුණ සංරක්ෂණයෙන් පසු විවෘත කිරීමටත් ශ්‍රී මහා බෝධියේ ශෛලමය ප්‍රාකාරය විවෘත කිරීමටත් අනතුරුව ලෝවාමහා ප්‍රාසාදයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීමටත් අග්‍රාමාත්‍යවරයා සහභාගි විය.
ඡායාරූප - ශාන්ත රත්නායක
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණයට වසර තුනකදී කෝටි 250 ක්
kMALA Tuesday, 14 August 2018 06:06 PM
සංරක්ෂණයට පෙර ආරක්ෂණය සිදුකල යුතුය. නැතිනම් සංරක්ෂණයට කිසිවක් ඉතුරු නොවේ. විවිධ මතිමතාන්තර මෙන්ම මුදල් සඳහා පුරාවිද්‍යා ස්ථාන දැඩි ලෙස විනාස කෙරේ. සංවිධානාත්මකව විනාශ කිරීම දක්නට ලැබේ. පළමුව ආරක්ෂණ අංශ වලට නිසි ලෙස මේවා භාර කලයුතුයි. වඩාත් විශ්වාසයක් තැබිය හැක්කේ ආරක්ෂණ අංශයි. නිලධාරීන් පිළිබඳව ජනතාවගේ පැහැදීමක් නැත.
RaveendraWednesday, 15 August 2018 04:35 AM
කමල් මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදිය.සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා ස්ථාන තිබිය යුතුයි යන්න මේ අම්බරුවන්ට නොතේරෙන්නේ මන්ද ???
KAMALWednesday, 15 August 2018 05:37 AM
අපේ අවාසනාවට
BamunuarachchiWednesday, 15 August 2018 11:15 AM
මේවා සතේකට විස්වාස කොරන්න එපා. හරියට වෙළඳ සමාගම් වලින් දෙන තෑගී, ගුවන් ගමන් ටිකට් වගේ ලැබුන කෙනෙක් නැත.
රජින්ද Wednesday, 15 August 2018 05:35 AM
මාධ්‍ය ඉදිරියේ ලොකු ලොකු ගණන් පෙන්නුවට සංරක්ෂණය සදහා ගිය මුළු වියදම විගණන පරීක්ෂාවක් කලානම් බලාගන්න පුළුවන් ඔය කලයි කියන වියදම ඇත්තටම කොහෙටද ගියේ කියලා. ඉතිහාසය විෂය ඉස්කෝලේ ළමයින්ගේ අච්චු පොතිනුත් අයින් කරවපු අය කියන මේ සුරංගනා කතා විශ්වාස කරලා ඒවා තවමත් ඇත්තය කියලා පිළිගන්න කෙනෙක් ඉන්නවානම් ඉන්න ඕනේ අංගොඩයි.
RakithaWednesday, 15 August 2018 07:17 AM
ඉතිහාසය ගැන දන්නා තරම ප්‍රතිචාරයෙන් පේනවා.
kamala Thursday, 16 August 2018 01:16 PM
පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කෙරෙන හැටි දැක්කම හරි ක්‍රියාමාර්ගයක් ගැන්වෙයි කියලා හිතන්න අමාරුයි. හැම සේවයක්ම මුදලට යට වෙලා. ගුරුවරු, දොස්තරලා ඔක්කොම එකයි. ජනතාව දැනුවත් කිරීමත්, අවධානය යොමුකිරීමත්වත් කලොත් කිසියම් දුරකට ආරක්ෂා වෙයි කියලා හිතෙනවා. මේකට ලංකාදීප වගේ ජාතික පුවත් පතක් මැදිහත් වෙනවා නම් ජාතියට කරන මහෝපාකරයක්.