IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවහිර කිරීමට වව්නියාවේ විරෝධතා

සිතුම් චතුරංග
       

පුරාවිද්‍යා නිලධාරීන් විසින් වවුනියාව -  ඕලූමඩු, වෙඩික්කනාරම්මලෙයිහි ඉදිකරන  ශිවම් හින්දු කෝවිලෙහි ඉදිකිරීම් නවත්වා එයට ඇතුළුවීම සීමා කිරීම හේතුවෙන් විරෝධය දක්වමින් වවුනියාව සිවිල් සංවිධාන හා දේශපාලන ක‍්‍රියාකාරීහු පිරිසක් අද (21) වවුනියාව නෙදුන්කර්ණි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.  පුරාවිද්‍යා ස්ථානයක් බව පවසා මෙයට ඇතුළුවීම තහනම් කර ඇති බව විරෝධතාකරුවෝ පවසති.


විරෝධතාකරුවන් පැවසූයේ හින්දු සංස්කෘතියට පහර ගැසීම සඳහා නිලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි. මුල්ලිවයික්කාල් ද්‍රවිඩ මිනිසුන් නැතිකළ අයුරින් රජය වර්තමානය වන විට හින්දු සංස්කෘතිය උතුරින් ඉවත් කිරීමට පියවරගෙන ඇති බව ද ඔවුහු පැවසූහ.


විරෝධතාවයට එක්ව සිටි උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රි පි.සත්‍යලිංගම් මහතා පවසා සිටියේ මිනිසුන් වසර ගණනක් පුරා වන්දනා මාන කළ ස්ථානය පුරාවිද්‍යා නිලධාරීන් පැමිණ තර්ජනය කර ඇති බවත් එය හෙළා දකිමින් ඔවුන් ඉල්ලා සිටින්නේ හින්දු ජනතාවට ආගම ඇදහීමේ අයිතිය ලබාදී මෙතෙක්කල් සිදුකළ අයුරින් ඔවුන්ට කරදර නොකරන ලෙසත්ය.

 

නෙදුන්කර්ණි ප‍්‍රදේශයේ හින්දු ජනතාව අතරින් එහි පැමිණ සිටියේ දහයකටත් අඩු පිරිසක් පමණි. විරෝධතාවයට එක් නොවූ ප‍්‍රදේශවාසියකු පවසා සිටියේ අදාළ ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් බවට පැහැදිලිව දක්නට තිබෙන අතර පිරිසක් දින කිහිපයක සිට දේවප‍්‍රතිමා රැගෙන ගොස් එහි තැන්පත් කරමින් එම භූමිය අත්පත් කරගැනීමට සිටින බවයි.

වන්නි දිස්ත‍්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ශාන්ති ශ‍්‍රී ස්කන්ධරාජා, ශිවශක්ති ආනන්දන්, උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන් හා ප‍්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරින් ඇතුළු වවුනියාව සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විරෝධතාව සඳහා සහභාගීවී සිටියහ.

නෙදුන්කර්ණි ප‍්‍රාදේශිය ලේකම් එස්.පරන්දමන් මහතා වෙත අදාළ ගැටළුව පිළිබඳ සංදේශයක් භාරදීමෙන් පසුව විරෝධතාවය අවසන් කෙරිණි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් වවුනියාව පුරාවිද්‍යා කාර්යාල උසස් නිලධාරීයකුගෙන් විමසීමේදී මෙසේ පැවසීය. 

අපට දින කිහිපයකට පෙර තොරතුරක් ලැබුණා ඉපැරණි  පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථානයක ඉදිකිරීම් සිදුකරනවා කියා. අප ගිහින් සොයාබැලූවා ඒ පිළිබඳ අනුරාධපුර මුල් යුගයට අයත් පැරණි අක්ෂර, සෙල්ලිපි හා ගල් ලෙන් හතක් පමණ එහි පිහිටා තිබෙනවා. ඒ වගේම මෙම ස්ථානයේ පුරාවිද්‍යා සාධක ඕනෑ තරම් තිබෙනවා මෙය පෞරාණික වටිනාකමක් සහිත ස්ථානයක් බවට තහවුරු කිරීමට. මෙය 2013 වසරේ සිට විවිධ පුද්ගලයින් ඇතුළු වී අනවසරයෙන් කැණීම් කරමින් කෝවිලක් ඉදිකරන්න සැලසුම් කරනවා.

මේ වන විටත් එහි සංදර්ශයට හානි සිදුකරමින් ඉදිකිරීම් හා කැණීම් සිදුකරලා අප ඒ පිළිබඳ කෝවිල භාරකරු යැයි පවසන තැනැත්තා හට පොලිසිය ඔස්සේ දැනුම් දුන්නා. වන්දනාමාන සිදුකිරීම පමණක් කරන්න එම ස්ථානයේ පුරාවිද්‍යා වටිනාකමට හානිවන කිසිවක් සිදුනොකිරීමට. විශේෂයෙන් කිව යුතුයි මෙහි හින්දු කෝවිලක කිසිදු නටඹුන් හෝ වෙනත් කිසිවක් නොමැති බව 2013 පසුව තමයි මෙම ස්ථානය හින්දු කෝවිලක් ලෙස ගම්වාසීන් හදුන්වාදී ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

 

 



අදහස් (3)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවහිර කිරීමට වව්නියාවේ විරෝධතා

nuwan Tuesday, 21 August 2018 09:49 AM

ඕකට තමා කියන්නේ තමිල්නාඩු සංහිදියාව කියල. අපේ නායකයෝ කියන අය නටන්නෙත් මේ ගොල්ලෝ කියන විදිහට තමා.

:       0       214

Darshana Tuesday, 21 August 2018 10:42 AM

මේ වගේ ස්ථාන නැති කරනකම් යහපාලකයෝ සද්ද නැතුව ඉදියි.

:       0       5

pushpa Tuesday, 21 August 2018 01:54 PM

පුරාවිද්‍යා ස්ථාන අනිවාර්යෙන් ආරක්ෂණ අංශ වලට නිසි පරිදි භාර දියයුතුයි. එසේ නැතිව ආරක්ෂාව සැලසිය නොහැක. මෙම විනාශය හැම තැනම සිදුවේ. මෙය සංවිධානාත්මක වැඩ පිළිවෙලකි. තම ප්‍රදේශ වශයෙන් ඉල්ලීමට මේවා සිදු කෙරේ. වාසනාවකට මෙහි නිලධාරීන් ආරක්ෂාව පිලිබඳ උනන්දුවෙන් සිටිති.

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 150 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 228 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 423 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 1135 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 613 1

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1537 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1422 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1347 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site