IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පුපුරන ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 90 ක් රදවා ප්‍රශ්න කරන්න නියෝග

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව කරඩිපුවල් ප්‍රදේශයේ දී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා දින 90 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට අද (18) අවසර ලබා දී තිබේ.

මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සොයා අපරාධ පරීක්ෂණ නිලධාරීන් සිදුකළ පරීක්ෂණ වලට සම්බන්ධ තවත් සැකකරුවකු සොයා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සඟවා තිබූ මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

සිද්ධියෙන් පසුව අදාල සැකකරුවන් සහ පුපුරන ද්‍රව්‍ය තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයට ගෙන තිබූ අතර එම සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් දෑ ඊයේ (17) කොළඹට රැගෙනවිත් තිබේ..

ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුපුරන ද්‍රව්‍ය සඟවා තිබූ ඉඩම අවට වනාතවිල්ලුව පොලිසිය විසින් ආරක්ෂාව යොදවා තිබේ.



අදහස් (24)

පුපුරන ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 90 ක් රදවා ප්‍රශ්න කරන්න නියෝග

priyantha Friday, 18 January 2019 05:30 PM

පේනවනේ ආණ්ඩුව බුදියගෙන ඉන්නේ. ආරක්ෂක හමුදාවන්ට හරි හැටි අණ ලැබෙනවානම් මේවම සාමාන්‍ය මිනිස්සු අල්ලලා දෙනකල් ඉන්න ඕනේ නැහැ...

:       490       867

KapFriday, 18 January 2019 06:45 PM

අාණ්ඩුව බුදිනම් අහු වුනේ කොහොමද? මේවා පොලිසියේ රාජකාරි. හමුදාවට CID වැඩ කරන්න බැහැ. නොදන්න දේ කතා නොකර ඉන්න..

:       683       244

buddhikaFriday, 18 January 2019 10:55 PM

රටේ හමුදා බුද්ධි අංශ ශක්තිමත් නම් මේ වගේ දේවල් කලින්ම අල්ලගන්න තිබුනා.

:       6       308

LalSaturday, 19 January 2019 02:05 AM

අපේ හමුදා බුද්ධි අංශ ශක්තිමත් නමුත් වර්තමාන රජය බුද්ධි අංශයේ කොඳු කඩලා තියෙන්නේ.

:       128       403

indikaSaturday, 19 January 2019 04:44 AM

ඔත්තුව හම්බ වුණාම අල්ලන්න මටත් පුළුවන්..!

:       0       29

NishanSaturday, 19 January 2019 08:00 PM

මේක අල්ලාගෙන තියෙන්නේ සී.අයි.ඩී. මිසක් ඔත්තු අංශ වලින් නෙවෙයි. හරියට කියවලා බලන්න. මාවනැල්ලේ බුදු පිළිම කැඩිල්ල පසුපස ඉන්න මහසොන්නුන්ට අනුග්‍රහ දක්වන්නේ බල ලෝභී දේශපාලකයන්. මොන ක්‍රමයෙන් හරි බලයට එන්නයි හදන්නේ.

:       0       0

Lal Saturday, 19 January 2019 01:59 AM

නැගෙනහිර පළාත ගැනත් ආරක්ෂක අංශ අවධානය යොමු කළ යුතුයි. මෙවැනි ස්ථාන ඒ පළාතේ අනිවාරයෙන් ඇති. හැබැයි ඉතින් ආරක්ෂක අංශවලට පරික්ෂණ සඳහා අනුමැතිය ලැබෙයිද කියා සැකසහිතයි.

:       190       532

Raveendra Saturday, 19 January 2019 02:49 AM

කෙසේවෙතත් අප තදින්ම විස්වාස කරනවා " අල ගිය තැන් මුල් ගිය තැන් මෙන්ම ඒ අවට පස් ද පුළුස්සා දැමීමෙන් " එම විෂබීජ පැලවීම වැලක්වෙනු ඇත. එමගින් රටට දීර්ග කාලින සේවයක් වනු නියතය.

:       0       226

Raveendra Saturday, 19 January 2019 02:55 AM

මෙහිද අප තවත් එක් වැදගත් කරුණක් සඳහන් කිරීමට කැමැත්තෙමු. මුදල් වෙනුවෙන් ඕනෑම තුප්පහි වැඩක් කරන " සුනඛ වසුරුව තිබෙනා ශත පනහත් දිවෙන් ගන්න සුදු කෝට් කාරයන්ට " රටක් විනාශ කරන මේ වගේ පාදඩයන් වෙනුවෙන් ගොන් තර්ක විතර්ක කතා කිරීමටවත් ඉඩ නොදිය යුතු ලෙස තීන්දු තීරණ ගෙන මෙම විෂබීජ සහමුලින්ම පුළුස්සා දැමිය යුතුමය. එසේ කිරීමෙන් රටකට කරනා පිනක් මිස පවක් නම් අත්නොවෙන බව කීමටද කැමැත්තෙමු.

:       0       1114

නලීන් හෙන්දුරුගොඩ Saturday, 19 January 2019 03:10 AM

මේ පුවත සම්බන්ධ මට පුංචි ගැටළුවක් තියෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයකු රඳවා තබා ගැනීමට නියෝග දුන්නේ කවුද කියලා නැහැ. මා දන්නා හැටියට ආරක්ෂක ආමාත්‍යංශයට නියෝග දෙන්න බෑ. සැකකරුවන් අධිකරණයකට ඉදිරිපත් කල යුතුයි නේද? මහේස්ත්‍රාත් වරයකු මෙම නියෝගය නිකුත් කළ යුතු වනවා නේද..?

:       186       340

RaveendraSaturday, 19 January 2019 04:01 AM

නලීන් හෙන්දුරුගොඩ මයා වෙත, ඔබගේ අදහස් අප ගරු කරන්නෙමු. රටක ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම එරටේ සියල්ලන්ගේම යුතුකම හා වගකීම බැවින් මෙහිදී ඇතිවෙන පුංචි ගැටළු හෝ ලොකු ගැටළු ගැන කතා කිරීමටවත් කාලය වැය කිරීම රට වෙනුවෙන් කරන ද්‍රෝහිකමක් බව අමතක නොකරන්න. පළමුවත් රට, දෙවනුවත් රට, තුන්වනුවත් රට, හතරවනුවත් රට යන ප්‍රතිපත්තියේ සිටීම අප සියලුම රටවැසියන්ගේ යුතුකම බව අමතක නොකරන්න. සියලුම තොරතුරු ගෙන මෙම විෂබීජ පුළුස්සා දැමීම අප සියල්ලන්ගේම යහපත උදෙසා කලයුතුමයි. පක්ෂ බේදයකින් තොරව ඩොලර් වලින් යැපෙන මානව හිමිකම් ගැන උඩු බුරන සුනඛයින්ට හඳ දෙස බලා හැකි පමණ උඩු බුරන්නට ඉඩදී " මෙයට සම්බන්ධ සියලුම දේවල් එක්සත්ව පුළුස්සා දමමු ".

:       0       554

KesaraSaturday, 19 January 2019 04:29 AM

මෙවැනි ගොන් තර්ක මවන්නේ නැතුව, කවුරු නියෝග දුන්නත් නැතත් මේ අන්තවාදීන් රටේ ආරක්ෂාවටත්, අහිංසක ජීවිතවලටත් තර්ජනයක් නිසා වහාම මොවුන් විනාශ කර දැමීමට රජයට බල කල යුතුයි. එයයි මහජනයා වන අපගේ යුතුකම හා වගකීම...

:       34       344

BamunuarachchiSaturday, 19 January 2019 06:20 AM

කාගේවත් නියෝග ඕනේ නැහැ හලෝ.... දෙකක් අැනලා කූඩුවේ දාගෙන මිරිස් දුන් අල්ලන විට කියාවි සියලුම විස්තර... ඕවා අඩු වියදම් කෙටි ක්‍රම...

:       8       86

ජුඩ් සමන්ත.Saturday, 19 January 2019 01:59 PM

සාමාන්‍යයෙන් අධිකරණයෙන් රදවා ගැනීම් නියෝග දෙන්නේ නෑ.මත් ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට කොට්ඨාස බාර පොලිස් අධිකාරීවරයාට හැකියාව තියනවා දින 07 ක් රදවා ගෙන ප්‍රශ්න කරන්න අවසර දෙන්න. නමුත් පොලීසිය ඒ බව රදවා ගැනීමේ නියෝග ලබා ගැනීමට පෙර සැකකරුව අධිකරණයට ඉදිරිපත් කර ඒ බව පැවසිය යුතුයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව රදවා ගැනීමේ නියෝග නිකුත් කළ හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයාට පමණයි.ඒ දින 30 කට 60 කට හෝ 90 ක් වශයෙන් විමර්ශණ කටයුතු කරන නිලධාරීන් විසින් කරන ඉල්ලීම අනුවයි.මා විසින් කරන ලද සොයා බැලීමේදී මේ බව අනාවරණය වුණ.මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අප දැණුවත් වීම වැදගත් කියලයි.

:       0       108

හිරාන් Saturday, 19 January 2019 06:31 AM

නලින් හෙන්දුරුගොඩ මහත්මයාට පිළිතුරක් දිම අවශ්‍යයි. මොකද එතුමා මේ ප්‍රවෘත්තියේ අඩුපාඩු ගැන උනන්දුවෙන් සොයා බැලිම ගැන කණගාටුයි.. මැතිතුමා අඩු පාඩුවට පෙර ඒ ගැන අධ්‍යනයක යෙදෙන්න.. මොකද නොදන්න දෙයකට කථා කරලා පටලවා ගන්න එපා. ජාතික ආරක්ෂාව සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව මේ රැඳවුම් නියෝග දෙන්නේ අදාල ආයතනයි. එය ඔබතුමා නොදැන සිටිම ගැන මට ඇත්තේ දුකකට වඩා කණගාටුවක්... මැතිඳුනි.

:       62       402

Bandara Saturday, 19 January 2019 06:48 AM

මෙවැනි වෙලාවටවත් පාට කණ්ණාඩි ගලවා ඇස් ඇර බලන්න. සමහර අය කමෙන්ට් දානවා කඩේ යන ගමන්. කඩේ ගියාට කමක් නැහැ, රට අමාරුවේ දාන්න හවුල් වෙන්න එපා.

:       6       61

Darshana Saturday, 19 January 2019 06:55 AM

රටේ සුළු ජාතිය වෙලා මේ පුද්ගලයින්ට මෙහෙම කරන්න පුළුවන් වුණානම් මේ අය රටේ මහජාතිය වුනොත් කොහොම තියෙයිද..?

:       283       178

RaveendraSaturday, 19 January 2019 08:50 AM

සහතික ඇත්ත... පාදඩයන් සහමුලින්ම සමාජයෙන් තුරන් කලයුතුමය. " මොකා විරුද්ධ වුනත් " එහි කිසිඳු වෙනසක් වියයුතු නැත. තුප්පහි කේවල් කරන කාලකන්නි පක්ෂවල උදව් ගන්න " ලොකු ලොකු පක්ෂයයි කියා ගන්නා බූරුවන්ට " අප මෙසේ කීමට කැමැත්තෙමු. තොපේ බලය රැකගැනීමට තොපි එක එක අන්තවාදී තුට්ටුදෙකේ හිවලුන්ගේ පක්ෂවල උදව් ගැනීමෙන් තොපි වක්‍රාකාරව අපගේ මව්බිම පාවාදෙන දේශද්‍රෝහීන් බව අමතක නොකරව්. දේශද්‍රෝහීන්ට දඬුවම මරණය බවත් දැනගනිව් !!!

:       226       767

BamunuarachchiSunday, 20 January 2019 10:23 AM

ඕවා ගැන අපි හේතුසාධක ඇතිව කතාකළාම නිවට සිංහලයෝ අපි ජාතිවාදීන් කියා ඔවුන්ම ලයික්ස් දාගන්නවා.

:       0       35

රෝවන් පෙරේරා Saturday, 19 January 2019 01:16 PM

පුත්තලම කියන්නේ සිංහල දෙමල මුස්ලිම් සෑම ජාතියක්ම සහෝදරත්වයෙන් ජීවත්වන ප්‍රදේශයක් මෙවැනි ක්‍රියාවන් නිසා එම සාමුහිකත්වයට හානි සිදුවිය හැකියි මෙම ක්‍රියාදාමයට සම්බන්ධවී ඇත්තේ මුස්ලිම් ජාතිකයින් යම් කිසි අන්තවාදී ක්‍රියාවක් සඳහා මෙම කටයුක්ත ආරම්භ කර තිබුණා නම් පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව එහි ප්‍රතිපල වලට මුහුනදීමට සිදුවන්න වෙනවා ඒ නිසා සියලු දෙනාම ශ්‍රිලාංකිකයින් විදිහට සිතා මෙවැනි ක්‍රියා නතර කිරීමට එක්විය යුතුයි.වේ;

:       0       25

RaveendraSaturday, 19 January 2019 05:12 PM

අන්තවාදීන් එක්ක ලැග්ගොත් ටයර් එක්ක වැලිගම යන්න වෙන එක අපි අමතක නොකළ යුතුය. පිළිතුරු දිය යුත්තේ ටයර් වලින්මයි.

:       0       0

BamunuarachchiSunday, 20 January 2019 10:18 AM

හලෝ ඔය සහෝදරත්වය පෙනුමට පමණක් සීමාවූ එකක්... එම නිසා කල්පනාකාරී වෙන්න. ඒ රනිල්ගේ ඊනියා සංහිඳියාවට කෙළවෙන නිසායි.

:       0       0

asanka Sunday, 20 January 2019 02:45 AM

තායිලන්තයේ දකුණුදිග නරතිවට් පළාතේදී නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් බෞද්ධ භික්ෂූන් දෙදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට තුවාල සිදුකර ඇත. මෙලෙස ඝාතනය කර ඇත්තේ රතනුපප් නමින් හැඳින්වෙන පූජ්‍යස්ථානයේ ප්‍රධාන සහ උප ප්‍රධාන හිමිවරුන් දෙදෙනාය. හමුදා භටයන් ලෙස වෙස්වලාගත් පුද්ගලයන් හයදෙනකු පමණ ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව පොලිසිය පවසයි. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ ආගමික නායකයින් මෙම සාහසික ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත. ප්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාරගෙන නොමැති අතර තායිලන්තයේ ක්‍රියාත්මක මුස්ලිම් කැරළි කණ්ඩායම් විසින් මෙය සිදුකරන්නට ඇති බවට බොහෝ දෙනා මත පල කර ඇත.

:       0       0

ASAnka Sunday, 20 January 2019 02:50 AM

සෞදි කාන්තාවන්ට "වහලුන්ට" මෙන් සලකන බව සිය පවුලෙන් පලාවිත් කැනඩාවේ රැකවරණ ලබන සෞදි තරුණිය පවසයි. 18 හැවිරිදි රහෆ් මොහොමඩ් තායිලන්තයට පැමිණ හෝටල් කාමරයක රැඳී සිටිමින් ට්විටර් පණිවුඩයක් මාර්ගයෙන් උපකාර ඉල්ලා සිටියේ, තමන් එරටින් පිටුවහල් කරනු ලැබීම වළකාලනු පිණිසය. පසුව එම ට්විටර් පණිවුඩය ජාත්‍යන්තර පුවතක් බවට පත් විය. අපිට සලකන්නේ භාණ්ඩයකට වගේ. හරියට වහලුන්ට වගේ. මගේ කතාව සහ සෞදි කාන්තාවන්ට මොකක් ද වෙන්නේ කියලා මිනිස්සුන්ට කියන්න මට ඕන වුණා. රහෆ් මොහොමඩ් සිය පවුල වෙත යළි හරවා ලැබුවහොත් තමන් මරා දමනු ඇතැයි බිය වූ බව රහෆ් මොහොමඩ් කියා සිටී. තමන්ට වඩාත් ස්වාධීන ජීවිතයක් ගත කළ හැකි බැවින් "අවධානමක් ගැනීම සුදුසු" යැයි හැඟුණු බව ටොරොන්ටෝ ස්ටාර් සහ සීබීසී පුවත් සේවා වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළාය. "මට නැති වෙන්න දෙයක් තිබුණේ නැහැ," "අපිට සලකන්නේ භාණ්ඩයකට වගේ. හරියට වහලුන්ට වගේ. මගේ කතාව සහ සෞදි කාන්තාවන්ට මොකක්ද වෙන්නේ කියලා මිනිස්සුන්ට කියන්න මට ඕනෑ වුණා"

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 758 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1729 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1989 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1070 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 287 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2220 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1641 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site