(ඉන්දිකා රාමනායක සහ රොමේෂ් මධුෂංක)
පුපුරණ ද්‍රව්‍ය සවිකළ වාහන 20 ක් දකුණේ සිට උතුරට පැමිණ ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති හෙයින් උතුරට ඇතුළුවන සහ පිටවන සියලු වාහන දැඩි පරීක්ෂාවකට ලක්කරන බව හමුදාව පවසයි.
මෙම වාහන බොහොමයක් පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර මියගිය ත්රස්තවාදියකුගේ නමින් ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව උසස් හමුදා නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම වාහන අතර යතුරු පැදි 12 ක්, වෑන් රථය දෙකක්, කැබ් රථය දෙකක්, ති‍්‍රරෝද රථයක්, ඩිමෝ බට්ටා ලොරියක්, මෝටර් රථ දෙකක් ඇතුළත් බව එම හමුදා නිලධාරියා කීය.
බුද්ධි අංශ තොරතුරු අනුව මෙම වාහන අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මාර්ග බාධක 4ක් ස්ථාපිත කර ඇති බවද එම උසස් හමුදා නිලධාරියා කියා සිටියේය.
වව්නියාව නගරයේ, හොරොව්පතාන මාර්ගයේ, තාන්ඩිකුලම් ප්‍රදේශයේ, ඉරට්ටපෙරියකුලම් යන ප්‍රදේශවල මෙම මාර්ග බාධක ස්ථාපිත කර ඇති බව හමුදාව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සැකසහිත වාහන 20 අංක සහිත දැන්වීම් මහජනයාට දැන ගැනීම පිණිස ඇතැම් මාර්ගවල ප්‍රදර්ශනය කර ඇති බවද ආරක්ෂක අංශ කියයි.
(ඡායාරූප - රොමේෂ් මධුෂංක)
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පුපුරණ ද්‍රව්‍ය සහිත වාහන 20 ක් උතුරට
thushara Thursday, 02 May 2019 10:25 AM
අනේ සංහිදියාව නිසා රටකට කර ගත්ත විනාශයක්..විදේශ රටවලට හොද හිත පෙන්නන්න ගිහින් ලංකාවේ මිනිසුන්ට එදා වේල කන්න හොයා ගන්න බැරි තරමට රටේ ආරක්ෂාව විනාශ කරා
සේන Thursday, 02 May 2019 10:46 AM
තත්ත්වය ඉතා බරපතලයි නේද ? පාලනයේ ඉන්න දේශපාලකයින් තම පෞද්ගලික වාසි සහ න්‍යාය පත් වෙනුවෙන් රටේ ආරක්ෂාව තව තවත් අනතුරේ නොදමයි කියා හිතනවා. තමා බලයේ සිටින එක නෙවෙයි ප්රශ්නය.
PATHUM Thursday, 02 May 2019 11:18 AM
දැන් ඔය පාරෙන්ම ඒවි, අනේ මෙහෙමත් තොරතුරු දෙනවද බුද්ධි අංශ
chathuri Thursday, 02 May 2019 12:23 PM
අපේ රණවිරුවන් හරිම අසරණයි. ඕනෑම දෙකට මුණ දෙන්න එඩිතරයි. තමන්ගේ ආරක්ෂාවත් බලා ගන්න. සැක වාහන නතර කරලා ඒවා ඇතුලට එක පාරට ඔලුව දමලා පරීක්ෂා කරන්න එපා. සියලුම දෙනාට වාහනයෙන් බහින්න කියන්න. අත් දෙක උඩට ඔසවා ඔවුන්ව පළමුව පරික්ෂ කර පසුව වාහනය සෝදිසි කරන්න. පාස්කු ඉරිදා සිට කරන.මෙහෙයුමේදී කිසිම ප්‍රභූ කෙනෙක් දැක්කේ නැහැ රවිරුවන් සමග යනවා මෙහෙයුම් වලට. නමුත් කතාව දෝලාවේන් ,මේ සටන ඉවරවූ බව දැනගත්තම් මහපොළොව ඉඹලා මමයි මෙය නතර කෙරුවේ කියල කියන කෙනා බලමු.
ඈපා Friday, 03 May 2019 06:05 AM
ජනාධිපතිට අගමැතිට යුද්ධ කරන්න යන්න කියලා නෑ කොහේවත් ..ඒ අයට තියෙන්නෙ ඊට අවශ්‍ය උපදෙස් දී බලතල ක්‍රියාත්මක කරන එකයි..
sirimal Thursday, 02 May 2019 12:37 PM
තුර්කියේ ෆ්ට්තුල්ලා සංවිධානයේ ත්රස්තවාදීන් 50 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කොළඹ තුර්කි තානාපති කාර්යාලය මඟින් රජයට දන්වා ඇති බව අද දැනගන්නට ලැබුනා.
පිටිගල මිලානෝ Thursday, 02 May 2019 01:39 PM
අන්තවාදීන් සහ පුපුරන ද්‍රව්‍ය සඟවා ඇති ස්ථාන පිළිබඳව ඔත්තු සපයන සාමය අගයන ලේබ්බේලාට සාමය අගයන ජනතාවගේ ප්‍රසාදය හිමිවෙනවාමයි.
M. හලිම් Thursday, 02 May 2019 03:08 PM
මෙසේ පරික්ශා කිරිමට මාර්ග බාධක හා ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන ස්ථාන මාධ්‍යය තුලින් ප්‍රසිද්දියට පත්කිරීම හොද දෙයක් නොවේ. එවිට ත්රස්තවාදීන් විකල්ප මාර්ග හො වෙනත් මාර්ග තෝරා ගමන් කිරිමට ඉඩ ඇත. ආරක්ෂක අංශයෙ මෙවැනි කටයුතු ප්‍රසිද්ද නොකරන්න. මේ අවස්තාවෙ අප කලයුත්තේ උපරිම සහයෝගය ඔවුන්ට ලබාදිමයි..
chandima Thursday, 02 May 2019 06:26 PM
ඒක නම් ඉතාම හොඳ දෙයක්.
ක්‍රිෂාන්ත Friday, 03 May 2019 02:27 AM
දැන් ඉතින් යු-ටර්න් එකක් ගහලා දකුණටම ඒවි.