IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පුද‍්ගල ජාවාරම් කළේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු නොවේලු

( තිළිණි ද සිල්වා )

පුද්ගල ජාවාරම් චෝදනා මත ඉතාලියේ මිලාන් නුවර ගුවන්තොටුපළකදී  අත්අඩංගුවට පත් ලාංකිකයා රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරියෙකු නොවන බවට තහවුරු වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී.
 
පුද්ගලයින් සිව් දෙනකු නීති විරෝධීව ඉතාලියට රැගෙන ඒමට උත්සාහ කළේය යන චෝදනාව මත රාජ්‍ය තාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක් හිමි ලාංකිකයකු මිලාන් නුවර මල්පෙන්සා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවට පළවූ ඉතාලි මාධ්‍ය  වාර්තා වල  සත්‍ය අසත්‍ය  බව තහවුරු කරගැනීමට අමත්‍යාංශය විසින් සිදු කළ විමර්ශනයේදී මෙම කරුණු තහවුරු වී ඇති බවද එම අමාත්‍යාංශය අද  (18) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
සිදු කරනු ලැබූ විමර්ශනයේදී මිලාන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර ලාංකිකයා මුණගැසී ඇති අතර එහිදී ඔහු රාජ්‍යතාන්ත‍්‍රිකයකු නොවන බව තහවුරු කර ගැනීමට හැකිවී ඇත.
 
අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා වර්තමානයේදී කිසිදු ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයක හෝ විදේශ කටයුතු අමාත්‍යාංශශයේ හෝ සේවය නොකරන බවත් ,  අදාළ පුද්ගලයා සතුව වලංගු රාජ්‍යතාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක්ද නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
 
මොහු සම්බන්ධයෙන් සෙයා බැලීමට සිදු කළ විමර්ශනයේදී අදාළ පුද්ගලයා ශ්‍රී ලංකාවේ රජයේ ආයතනයක සේවයේ නියුතු වීම පදනම් කරගෙන ඔහු වෙත නිකුත් කර ඇති නිල විදේශ ගමන් බලපත්රියක් මඟින් මෙම පුද්ගලයා ඉතාලිය බලා පිටත්ව ගොස් ඇති අයෙකු බවද හෙලී වී ඇතැයි අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
 
මෙම පුද්ගලයා කොන්ත‍්‍රාත් පදනම මත 2012-2015 යන කාලය තුළ විදේශ රටක රාජ්‍ය තාන්ත‍්‍රික තනතුරක් දරා ඇති අයෙකුවන අතරම ,  කොන්ත‍්‍රාත් කාලය අවසානයේදී අවලංගු කරන ලද රාජ්‍ය තාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක් මොහු සතුව තිබී ඇති බවද තහවුරු කර ගැනීමට හැකි වී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සමඳහන් වේ.
 
නීතිවිරෝධී ලෙස තරුණයන් සිවුදෙනකුට ඉතාලියට පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරියකු බව පැවසෙන අයකු අත්අඩංගුවට ඉතාලි ගුවන් තොටුපොළ පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇති බවට ඉතාලි වරීස් ප්‍රෙස් ඇතුළු මාධ්‍යය කිහිපයක්ම වාර්තා කර තිබිණි.
 



අදහස් (1)

පුද‍්ගල ජාවාරම් කළේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු නොවේලු

පිටිගල මිලානෝ Tuesday, 18 September 2018 07:34 PM

මේ අය දැනටමත් නිදහස් කරලා ඉවරයි. මීළඟ උසාවි වාරය එන තෙක් නම් කර ඇති පොලිසියකට මසකට වරක් වාර්තා කල යුතු අතර අසනීප තත්වයක් ඇතිවුනොත් ඕනෑම රෝහලකට යා හැකි අවසර පත්‍රයක්ද ඔවුන් සතුව ඇත. මට ආරංචි පරිදි මොවුන්ට විශාල නෑදෑයෝ සංඛ්‍යාවක් මිලානෝ සහ යුරෝපයේ ඇති අතර මොවුන්ගේ පැමිණීම වෙනුවෙන් ඔවුන් අතර ප්‍රිය සම්භාෂණ පවා ජයටම සිදු වුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 10 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 335 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 639 3

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 247 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 205 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 254 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site