IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කරයි

(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන්)
 
පන්නිපිටිය - බොරැල්ල මාර්ගයේ දෙපානම හන්දිය ආසන්නයේදී ඊයේ (22) රාත්‍රී 11.45ට පමණ පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි මහරගම පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කොටහේන සුනේත්‍රාරාම මාවතේ පදිංචි ගමආරච්චිගේ මනෝජ් සුදර්ශන නැමැති (35) පුද්ගලයකු බව පොලිසිය කියයි.

මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර 2ක් මියගිය පුද්ගලයාගේ පපු ප්‍රදේශයට වැදීමෙන් බොරැල්ල පන්නිපිටිය මාර්ගයේ දෙපානම හන්දිය ආසන්නයේ මාර්ගයේ වැටී මෙසේ මියගොස් ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පුද්ගලයාගේ සිරුර ආසන්නයේ තිබී මිලිමීටර 9 වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කරන හිස් පතරොම් කොපු 2ක්ද පොලිසිය සොයාගත් බව කියයි.

සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණායතන නිලධාරීන්ද පැමිණ නිරීක්ෂණ ආරම්භ කර ඇත. 

සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදුකිරීමට නියමිතය.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මහරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කරයි

පිටිගල මිලානෝ Saturday, 23 February 2019 09:23 AM

යහපාලනය උපරිමෙන්ම සිදුවීම ගැන හැටදෙලක්ෂයට මාගේ ප්‍රණාමය....!

:       320       580

anura Saturday, 23 February 2019 01:20 PM

වග කිවයුතු අය දැන් මේ සිද්ධිය විග්‍රහ කරන්නේ මෙහෙමයි. 1. කලක සිට පැවැත එන ආරවුලක ප්‍රතිඵලයක්. 2.පාතාලයේ පිරිස් දෙකක් අතර ගැටුමක් 3. නන්නාඳුනන තුවක්කු කරුවෙක්......

:       9       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 337 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 137 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 203 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 251 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 377 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 862 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site