IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පීලී පැන්න ඉන්ධන දුම්රියෙන් ඉන්ධන සොරකම් කළැයි දුම්රිය කම්කරුවෙක් අත්අඩංගුවට


(සංජය මදුශාන් )

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ ප්‍රදේශයේදී වන අලි  තිදෙනෙකු දුම්රියට හැපී හානී වූ මාර්ගය නැවත යථාතත්වයට පත්කරමින්  සිටියදී  අනවසරයෙන් තෙල් ටැංකියකින් තෙල් ලබාගත්තායැයි සැකපිට දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින් පිරිසක් විසින්ම  මෙම කම්කරුවා  හබරණ පොලීසයට ගෙනවිත් බාර දුන් බව හබරණ පොලීසිය පවසයි.

දුම්රිය මාර්ගය අලුත්වැඩියාව සිදුකරන අතරතුරදී කම්කරුවා විසින් තමාගේ අත සෝදාගැනීම සදහා බෝතලයකට තෙල් පුරවාගත් බවත්, නිළධාරින් කිහිපදෙනෙකු කම්කරුවා සමඟ  තිබූ තරහක්  නිසා සදහා මෙය සිදුකළ බවත් පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී පවසයා  තිබේ.
සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන හබරණ පොලීසිය සිදු කරයි.
 
 



අදහස් (9)

පීලී පැන්න ඉන්ධන දුම්රියෙන් ඉන්ධන සොරකම් කළැයි දුම්රිය කම්කරුවෙක් අත්අඩංගුවට

ravi Wednesday, 19 September 2018 09:44 AM

මේක නම් අසාධාරණ චෝදනාවක්... මේ තෙල් ගලාගෙන ගිහින් පොළවට මුසුවුණානම්.. තමයි මෙතන ප්‍රශ්නය ඇතිවෙන්නේ..

:       0       6

gajaba Wednesday, 19 September 2018 09:59 AM

අලි මරන්න තරම් වේගයෙන් ධාවනය කරපු රියදුරු නිදැල්ලේ, ඩීසල් බෝතලක් ගත්තා, සේවකයන් අත්අඩංගුවේ. රියදුරු තම සේවය නිවැරදිව කළානම් මේ කිසිවක් නැත.

:       0       50

raviWednesday, 19 September 2018 10:21 AM

ඔව්.. මෙවැනි කැලෑබද ස්ථානවල.. වේගය අඩුකර, ඉතාමත් කල්පනාකාරීව ධාවනය කළ යුතුයි..

:       0       1

GamyaThursday, 20 September 2018 04:54 AM

පගා ගසන දුම්රිය සේවකයෝ.........

:       0       29

Bamunuarachchi Wednesday, 19 September 2018 10:18 AM

තෙල් අපතේ ගිය හැටිත්, මිනිසුන් බූලිවට එකතුකර ගත් හැටිත් අපි ටීවී නාලිකාවල ප්‍රවෘත්ති ප්‍රචාරයෙදී දැක්කා... ඇයි මේ එක මිනිහෙක් පමණක් අල්ලාගෙන. අනික මෙය සොරකමක්ද? බයවෙන්න එපා ඔබේ නීතිඥයා උසාවියේදී කියාවි. පොලිස් නිලධාරිනුත් සිද්ධිය ටීවි එකේ දකින්න ඇතිනේ.

:       0       47

Bamunuarachchi Wednesday, 19 September 2018 10:23 AM

අලි 3දෙනාට වන්දී අපතේ ගිය තෙල් ලීටර් දසදහස් ගණනක වටිනාකමත් මේ අහිංසක මිනිසාගෙන් අයකර ගන්න. ටීවී ප්‍රවෘත්ති බැලූ අපි සාක්ෂි මොනවද එතන වුනේ කියලා...?

:       0       0

raviWednesday, 19 September 2018 10:50 AM

"නීතිය" ඉගෙනගත්තේ, කැකිල්ලේ රජතුමාගේ විශ්ව විද්‍යාලයේද?

:       3       0

tommy Wednesday, 19 September 2018 10:36 AM

මේවා තමයි පොලිසියේයි, උසාවියෙයි කාලය කා දමන වැඩ...

:       0       1

gamaya Thursday, 20 September 2018 04:59 AM

රියදුරා රාජකාරිය නිසි ලෙස කළාද ? කෝ අර මගීන් උගසට තබා වර්ජනය කරන කාඩ්බෝඩ් වීරයෝ

:       0       60

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 213 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 442 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 545 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 510 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 152 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1710 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1633 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site