IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පිදුරංගල මතට නැග විලිලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරති

(කාංචන කුමාර ආරියදාස)

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පිදුරංගල  ගල මත සිට තරුණ තරුණියන් පිරිසක්  අඩ නිරුවත්ව  ලබා ගත්  බව කියන ඡායාරූප කිහිපයක්  මේ වන විට සමාජජාල මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවති.


ඉතාමත් අශෝභන ලෙස ඓතිහාසික පිදුරංගල ගලට නැඟ සීගිරි පව්ව පෙනෙන ආකාරයෙන් සීගිරියට මෙන්ම පිදුරංගල රජමහා විහාරයටද අපහාස වන ආකාරයෙන් එම ඡායාරූප ලබා ගෙන තිබේ.


සීගිරි පව්ව සහ පිදුරංගල කිලෝමිටර කිහිපයකින් ඈත් ව පවතින ස්ථාන දෙකකි. සීගිරිය එකල මහ රහතුන් වහන්සේලා වැඩ සිට   සීගිරි බලකොටුවක් වන කාල සමයේ එහි   වැඩ සිටි රහතුන් වහන්සේලා පිදුරංගල  නමින් රහතුන් වහන්සේලාට  වැඩ සිටීමට ආරාම සකසා පූජා කළ ඓතිහාසික ස්ථානයක් බව පුරාවිද්‍යා ඉතිහාසඥයෝ පවසති.


පිදුරංගල  රජ මහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද නාහිමියන් කියා සිටියේ ඉතාමත් අශෝභන ආකාරයෙන් මේ ස්ථානයේ පුද්ගලයන් ඡායාරූප ලබාගෙන මුහුණු පොතට එක් කර සිටීම පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කර මෙම පිරිස නීතියේ රැහැනට හසුකර ගත යුතු බවය. 


පූජනීය ස්ථානයක් ලෝක පූජිත ස්ථානයක මේ ආකාරයෙන් හැසිරීම පිළිබඳව මීට වඩා වගකීමෙන් යුතුව නරඹන පිරිස් හැසිරිය යුතු බවද උන්වහන්සේ අවධාරණය කරති.


සීගිරිය පුරාවිද්‍යා නිලධාරීන් ගෙන් මේ පිළිබඳව විමසීමට උත්සහ කළ ද  පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියකු කියා සිටියේ මෙම ස්ථානයේ  පුරාවිද්‍යා නිලධාරියෙකු සේවයේ නොමැතිවීම  නිසා ඔවුන් මේ ආකාරයෙන් හැසිරෙන්නට ඇති බවය .


කෙසේවෙතත් මේ පිළිබඳව සොයා බලා ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු  සඳහන් කළේය. 


සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ  විශාල වශයෙන් ආසන්නයේ පිහිටි පිදුරංගල ගල හා ඓතිහාසික පිදුරංගල රජමහා විහාරය  නැරඹීම සඳහා ගමන් කරති.


සමාජ ජාලා වෙබ් අඩවි හරහා මෙවැනි අශෝභන ක්‍රියා ප්‍රචාරය කිරීම තුළින් බෞද්ධ සිද්ධස්ථානයකට මෙන්ම ලෝක පූජිත සීගිරියටද අගෞරවයක් සිදු වන බව ප්‍රදේශවාසීහු පවසති.

 

 



අදහස් (29)

පිදුරංගල මතට නැග විලිලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරති

PA - RA Monday, 24 September 2018 02:34 PM

ජයසේන බලාගනීවි....

:       81       82

OMG Monday, 24 September 2018 02:37 PM

සමාජය පිරිහිලා තියෙන හැටි බලන්න... හැදූ වැදූ දෙමාපියන්ටත් නිගරුවෙන විදිහට වැඩ කරලා. ලැජ්ජාවක් නැති කමයි. කාමය ඔඩු දුවලා...

:       10       237

RaveendraMonday, 24 September 2018 03:13 PM

OMG මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදිය. මොනතරම් බැරෑරුම් විදියට අපේ සමාජය මෙතරම් පහත් මට්ටමකට වැටීම ගැන කණගාටුයි. මේ නිවට කාලකන්නි තම තමන්ගේ දෙමව්පියන් ඉදිරියේත් මෙලෙස නිරුවතින් හැසිරෙනු ඇති බවට නම් විශ්වාසය. මෙම අයට උපරිම දඩුවම් ලැබේවා... මේ පාදඩයින්ව නීතිය ඉදිරියට ගෙනඒමට නීතියට ගරුකරන සියල්ලන්ටම ඇස් ඇරේවා...!!!

:       23       344

LashanTuesday, 25 September 2018 01:02 AM

මිනිස්සු හැදිලා නැහැ.

:       0       11

lakmal Monday, 24 September 2018 03:02 PM

මේ අය අල්වා සතියක කාලයක් තුල පිදුරංගල ප්‍රදේශය පිරිසිදු කිරීමට බල කල යුතුයි.

:       20       321

Roshan Monday, 24 September 2018 03:05 PM

ඔය පැත්තේ කොන්ද පණ ඇති එක පිරිමියෙක්වත් හිටියේ නැද්ද?

:       242       206

LOVECHIN Monday, 24 September 2018 03:52 PM

අද දඬුවම් කළොත් හෙට සමාජය හැදේවී. නැත්තං දවසක දළදා මාළිගාව අභියස හෝ ශ්‍රී මහා බෝධිය අභියස මෙවැනි ඡායාරූප ගෙන පළ කිරීම විලාසිතාවක් වේවී. වහාම අධිකරණය හමුවට පැමිණවිය යුතුයි.

:       30       342

nimal Monday, 24 September 2018 05:06 PM

මේ ඡායාරුපය අරන් තියෙන්නේ නම් පිදුරංගල නෙවෙයි

:       5       43

Perera Monday, 24 September 2018 07:29 PM

වසර 2500ක් ප්‍රෞඩ සංස්කෘතිය දැන් ඔන්න!!!!

:       2       31

පෙරේරා Monday, 24 September 2018 09:03 PM

මොන පිදුරංගලද? මේ කොහෙද කැලයක්. ලංකාවෙදත් කියලා සැකයි. මහජනයා නොගැවසෙන තැනක් බව පේනවා. මොන පදනමින් නඩු දාන්නද? බොරුවට අනවශ්‍ය විදීයට මේ අය කරදරේ හෙලන්න මාධ්‍ය මේකට බෞද්ධ ආරොපණයක් දීලා.

:       178       206

casmirTuesday, 25 September 2018 05:44 AM

මේවගේ හැසිරීම් අනුමත කරන්ඩ එපා . මේක අැත්තෙන්මේ අධ්‍යාපනයේ තියෙන වැරැද්ද .මේක ලංකාව ඇමරිකාව නෙමෙයි.

:       38       42

asanka Tuesday, 25 September 2018 01:19 AM

අද බොහෝ තරුණ තරුණියන් සමාජජාල මාධ්‍ය භාවිතා කරන්නේ මෙවැනි අයහපත් ක්‍රියාකාරකම් සහ ඕපාදුප පැතිරවීමටයි. ලංකාවේ බොහෝ දෙනෙක් තවමත් සමාජජාල මාධ්‍ය බාවිතා කරන්නේ වඳුරෙකුට අසුවුණු දැලි පිහියක් මෙනි.

:       0       75

ලුම්බිණි Tuesday, 25 September 2018 01:52 AM

පළමුවෙන්ම මෙම ස්ථානයේ 'අවිනීත හැසිරීම තහනම්' කියා නාම පුවරුවක් සවි කලයුතුයි.

:       10       4

sam Tuesday, 25 September 2018 03:58 AM

පිදුරංගල නෙවෙයි මොන ලෝකේ ගියත් මෙහෙම අය අපේ සමාජයට අවශ්‍යද? . වසර කීපයකට කලින් පාරේ දබ්බරව හැසිරුණු ඇමරිකන් තරුණයෙක්ට කරා වගේ සින්හප්පුරු ආණ්ඩුව දඬුවම් දිය යුතුයි...

:       1       47

Uditha - London Tuesday, 25 September 2018 04:17 AM

විනාස කාලේ විපරීත බුද්ධි.......

:       0       15

Sigiti Lalanavo Tuesday, 25 September 2018 04:21 AM

සිගිරි ලලනාවන් ඉන්න එකත් අවුල් නේද ? චිත්‍ර ටිකත් අයින් කරමුද ?

:       126       5

මොරටුපුත්රයෙක් Tuesday, 25 September 2018 04:33 AM

අපේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස්විය යුතුයි...... ලකුණු පස්සෙන් හා සල්ලි පස්සෙන් යන ක්‍රමවේදය ටිකක් වෙන්වෙලා. මනුස්සකමක්, දෙමාපියන්ට, වැඩිහිටියන්ට ,පොඩි අයට ආදරේ කරන, අන් අයගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන්, ආත්මාර්ථකාමිත්වයෙන් තොරව සමාජයක් ගොඩ නැගිය යුතුයි, එය ළමා කලේ සිටම පටන් ගත යුතුයි....... මේ වගේ අදහස් තියන කට්ටිය ඔක්කම එකතු වෙන්න අපිට හොද සමාජයක් ගොඩ ගන්න පුලවන් හැමෝම එකතු උනොත්.

:       13       107

indika Tuesday, 25 September 2018 04:34 AM

රටේ හරි නීතියක් නැති එකේ අඩුව බලදාරීන්ට පෙන්න ඇස් නැනේ.

:       28       2

Buddhika Wijetunge Tuesday, 25 September 2018 04:55 AM

පිදුරංගල හෝ මොන කැලයක වේවා මේවා හොද ආදර්ශ නම් නොවේ ...

:       0       59

ඇත්ත සත්‍යපාල Tuesday, 25 September 2018 06:15 AM

ඔය පේන්නැද්ද අපේ අපේ අයගේ තරම. මිනිසුන් කියන්නේ හොද හෝ නරක නිරායාසයෙන්ම දැනෙන සත්ව වර්ගයක්. "මෙතන කලිසම් ගලවන්න එපා" කියල පිටකොටුවේ බස් නැවතුමේ ගහන්න අවශ්‍ය නෑ. මෙහි "මලපහ නොකරන්න" කියල කුස්සියේ ගහන්නෙත් නෑ. එහෙම සංඥා වලට හුරු කරලා හීලෑ කරන්නේ සත්තු.

:       0       77

mahesh Tuesday, 25 September 2018 06:33 AM

මේ අය හිතාගෙන ඉන්නේ ලංකවේ මිනිස්සු අතීතයේ හොදට විලි වසාගෙන හිටිය කියල. අවරුදු සීයකට කලින් ලංකාවේ මින්නිසු හිටියේ විලි වසාගෙන නොවේ...

:       58       14

kap Tuesday, 25 September 2018 07:00 AM

මහේශ්, අවුරුදු 100 ඉස්සරවෙලා ගොඩක් දේවල් තිබ්බා. මිනිස්සු පරිනාමය වෙනවා කියන්නෙ ඒ අතීතයෙන් මිදිලා සන්වර වීම, ශීලාචාර වීම. ඒකයි මිනිස්සු ආගමක් අදහන්නෙ.

:       13       59

OMG Tuesday, 25 September 2018 08:04 AM

සමහර අයගේ අදහස් දැක්කම පුදුම හිතෙනවා. මුනුස්සකමේ වටිනා කම නොදන්නා අය දාල තියෙන අදහස් බැලුවම සමාජයේ පිරිහීම පැහැදිලිවම පේනවා. තම තමන්ගේ මානසිකත්වය පිලිබිබු වෙනවා.

:       7       34

janahitha Tuesday, 25 September 2018 08:22 AM

මීට වැඩ ලජ්ජා නැති වැඩ ලංකාවේ ප්‍රසිද්ධියේම සිද්ධ වෙනවා..... ඒවා එක්ක බලද්දී මේක නොසලකා හැරිය යුතුයි .

:       12       0

OMG Tuesday, 25 September 2018 08:43 AM

මම සාමාන්‍යයෙන් අදහසකට විරුද්දව තවත් අදහසක් දාන්න අකමැතියි. නමුත් කෙටි ප්‍රශනයක් අහන්න කැමතියි. ලොකු වැරදි නිසා පොඩි වැරදි අමතක කලාම හරිද? ලොකු හෝ පොඩි වැරදි වැරදීම නොවේද? පොඩි වැරැද්ද නෙවේද ලොකු වැරැද්දට අඩිතාලම දමන්නේ? පොඩි වැරැද්ද හැදුවම ලොකු වැරැද්ද ඉබේම නවතීවි. වැරදිනම් කියන්න. හිත රිදුනනම් සමාවෙන්න.

:       0       17

Rama Tuesday, 25 September 2018 08:43 AM

ඔය පොටෝ එකේ ඉන්න අය ගැන විස්තර ඕනනම් කියන්න.

:       0       2

Buddhika Wijetunge Tuesday, 25 September 2018 09:23 AM

සිගිරි ලළනා චිත්‍ර සහ විලිලජ්ජා නැතිකම කියන්නේ දෙකක් මල්ලිලා .... කලාවේ රස දන්න එකෙක් මේවගේ වැඩ කරන්නේ නෑ.

:       0       86

ජෝලිශියා Wednesday, 26 September 2018 02:33 PM

ඔය කට්ටිය අතර ගැහැණු ළමයෙක් දෙන්නෙක් හිටියා ඔයිට වඩා දෙයකුත් වෙන්න තිබ්බා.

:       0       0

janis Saturday, 29 September 2018 05:36 AM

ලංකාවේ පිරිමින් කාමාශාවෙන් අසහනයෙන් පෙලෙන බව දැන් මුළු ලෝකයම දන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 431 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 41 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1839 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 361 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1670 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1618 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site