IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පිදුරංගල නිරුවත් වැඩේ බෝකළේ පිටරට කතක්

(මනෝජ් හර්ෂික, කාන්චන කුමාර ආරියදාස සහ මැදිරිගිරිය චාපා මධුභාෂිණී)

පිදුරංගල රජමහා විහාරස්ථ පිදුරංගල පර්වතෙයේ සිට සීගිරිය දෙසට හැරී නිරුවත් ඡායාරූප ගෙන ඒවා මුලින්ම ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ විදේශීය කතක් ඇතුළු තරුණ පිරිසක් විසිනැයි මූලික විමර්ශනවලින් හෙළිවී ඇතැයි සීගිරිය පොලිසිය පවසයි.

එම නිරුවත් ඡායාරූප මුහුණු පොතේ පළ වීමත් සමග ශ්‍රී ලාංකික තරුණ පිරිසක්ද ඒ ආකාරයෙන් නිරුවත් ඡායාරූප ගෙන අන්තර් ජාලයට මුදාහැර ඇති බවත් ඒ අතර කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍යයකුද සිටින බවත් හෙළිවූ බවද පොලිසිය සඳහන් කරයි.
මේ අතර අසභ්‍ය ලෙස හැසිරුණු බවට හඳුනාගෙන ඇති එක් පුද්ගලයකු තම මුහුණු පොත ඔස්සේ පණිවිඩයක් තබමින් මෙම සිද්ධිය නොදැනුවත්කම මත සිදු වූවක් බවත් සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධයෙකුගෙන්ම සමාව ඉල්ලා සිටින බවත් තමා අතින් සිදුවූයේ නොවිය යුත්තක් බවත් සඳහන් කර ඇත.

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූප සංසරණය වීමත් සමග ලාංකික තරුණ තරුණියන් රැසක්ද මෙම ස්ථානයට ගොස් ඉතා අශෝභන ලෙස හැසිරෙමින් සහ නිරුවතින් ඡායාරූප ගෙන ඓතිහාසික සීගිරිය බලකොටුව සහ පිදුරංගල පර්වතයට අපහාස වන අන්දමින් එම ඡායාරූප මුහුණු පොතේ පළ කර ඇති බවද හෙළිවී ඇත.

සීගිරි කාශ්‍යප රජතුමන් සීගිරිය රාජධානිය ගොඩනගද්දී එහි මහරහතන් වහන්සේලා 500 කට වැඩි පිරිසක් වැඩ සිටි බවත් රජමාලිගය ඉදිකිරීමේදී ඉන් නිකුත් වූ ශබ්දය  රහතන්වහන්සේලාට බාධාවක් වූ නිසා සීගිරි ගලට උතුරු දෙසින් පිහිටි මෙම මහා පර්වතයේ විහාරස්ථානය ඉදිකර එය මහ රහතන් වහන්සේට පූජා කළ බවත් ඉතිහාසයේ සඳහන් වේ.

එයට විහාර මන්දිර, පිළිම හා සංඝාවාස ඇතුළු අංගවලින් සම්පූර්ණ විහාරයක් බවට පත් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. විහාරයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් රනින් සාදවා නෙළුම් මලක් පූජා කළ බවත් එය මූලික කරගෙන රනින් පිදූ ගල පිදුරංගල වූ බවත් ඉතිහාසයේ දැක්වෙයි.

රාවණා රජ්ජුරුවන්ගේ දඬු මොණරය අහසට නැග්ගීමට පිදුරංගල ගල උපයෝගී කළ බවටද ජනප්‍රවාදයක් පවතී. පිදුරංගල පර්වතය දෙස බැලුවොත් ගුවන් යානයක් පියාසර කරවීමට සුදුසු ආනතියක් හා අංශක 45 ක බෑවුම් ස්ථානයක් වීමත් එක සාධකයක් විය හැකි බවටද මතයක් තිබේ.

පිදුරංගල පංචාවාසික විහාර සංකීර්ණයකි. පුද බිමෙහි ඇති නටඹුන් ඊට සාක්ෂි දරයි. එහි ගල් කණු 45 ක් සහිත මහල් කීපයක ගොඩනැගිල්ලක නටඹුන් දක්නට ඇති අතර සංඝ උපෝෂථාඝාරය බව කියවෙයි. මෙය මුගලන් කුමරුන් විසින් කරවා මහානාම භික්ෂූන් වහන්සේ වෙත පිදූ බවත් මහාවංශයේ කොටසක් රචනා කරන ලද්දේ මෙතැනදී බවත් ජනප්‍රවාදගතව පවතී.

පිදුරංගල පර්වත මුදුනෙහි නැගෙනහිර වන්නට ලෙන තුළ නිර්මාණය කර ඇති ඓතිහාසික සැතපෙන පිළිම වහන්සේ මෙම විහාස්ථානයේ ඇති වැදගත්ම අංගයකි. එම පිළිමය මැටි ගඩොල් හා හුණු මිශ්‍රිත විශේෂ බදාමයකින් කරවා ඇත. දිග අඩි 49 1/2 කි. මෙය ලොව ඇති පැරැණිම සහ විශාලතම පිළිම වහන්සේ ලෙස සැලකෙයි. මෙම පිළිම වහන්සේ සීගිරි කාශ්‍යප යුගයට අයත් බව පුරාවිද්‍යා විද්‍යාඥයන් වූ එච්.සී.පී. බෙල් සහ සෙනරත් පරණවිතානයන් සඳහන් කර ඇතැයි පොත්පත්වල සඳහන්වේ.

පිළිම වහන්සේ නිමවා ඇත්තේ සීගිරි පර්වතයේ සිංහ පාදය ඇති ස්ථානයට හොඳින් දර්ශනය වන ආකාරයටය.

කාශ්‍යප රජතුමා සීගිරියේ සිට දිනකට දෙවතාවක් බුදුන් පිදූ බවද ජන වහරේ කියැවෙයි. එවැනි වූ පූජනීය ස්ථානයක මේ ආකාරයට නිරුවත් හැසිරීම් ඉතාමත් අශෝභන හා නින්දිත බව පිදුරංගල රාජමහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද හිමියෝ පවසති. 
1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනතට අනුව මෙම පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව සීගිරි පොලිසිය පවසයි.

 



අදහස් (20)

පිදුරංගල නිරුවත් වැඩේ බෝකළේ පිටරට කතක්

Kkg Wednesday, 26 September 2018 04:06 AM

ඇත්තෙන්ම මෙහෙම ඉන්නේ ඇයි කියල මේ ළමයි දන්නෙ නැතුව ඇති. ඕක බටහිරින් ආපු රැල්ලක් කියනවනෙ.

:       49       58

sampath bandara Wednesday, 26 September 2018 04:07 AM

මේ අය ඇත්තටම වැස්සටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද ?

:       7       105

jerry Wednesday, 26 September 2018 04:11 AM

බලන්නකෝ සමාව ඉල්ලන හැටි දන්නෙම නැති බබාලා වගේ මේ පිරිස් වලට ප්‍රසිද්ධියේ දඩුවම් ලබා දිය යුතුය, මෙවැනි දෑ ඉදිරියට නොවෙන්නම සමාව ඉල්ලුවම ඔක්කොම හරි කියලා හිතන් ඉන්නවා ඇති මෝඩ රැල

:       179       253

Dammika Wednesday, 26 September 2018 04:17 AM

බොහෝ බටහිර රටවල අසබියන් අව්රුදුගනනාවක සිට කරන දේවල්... ඒ රටවලම ගොඩක් දෙනා පිළිකුල් කරන දේවල්. අපේ රටේ සමහරුන් උජාරුවට අලුත් පරපුරක් යැයි කියමින් (අසබියන්, බහුතරයක් තරුණ පරපුර නෙවෙයි) කරමින් සිටී. අපගේ එකම ඉල්ලීම මේ අයගෙන් ඔබත් ඒ රටකට යන්න. අපිට අපේ රට ඉතුරු කරන්න.... අපි පසග පිහිටලා වඳින මේ භුමිය.

:       234       517

sanjeeva Wednesday, 26 September 2018 04:32 AM

සුද්දා කරන හැම දෙයක්ම කරලා ඊට පස්සේ සුද්දට බනිනවා. මහා ලොකු අපේකම කෝ ? හොද නරක ඉගෙනගත්ත කට්ටිය නෙවෙයිද අපේ ඉන්නේ ? පම්පෝරිය නම් ඉහටත් උඩින්. ඒ අය කරන හොද වැඩ එකක්වත් කරන්නේ නැහැ. ගිය සුමානේ TV එකේ පෙන්නුවා හලාවත පැත්තේ සුද්දෝ ජෝඩුවක් අපේ වෙරළ පිහදාල කුණු ඉවත් කරන එක. ඒවා අපේ අය බලන්නෙත් නැහැ. අනුකරණය කරන්නෙත් නැහැ . උන්ට ගරු කරන්නෙත් නැහැ.

:       0       186

Uditha - London Wednesday, 26 September 2018 04:43 AM

අමනයන්ගේ වැඩේ ගැන කෙසේ වෙතත්. විහාරය ගැන ලියලා තියන ඓතිහාසික කතාව වටිනාකම ගෙන අසාවෙන් කියෙව්වා. ස්තුතියි ආර්ටිකල් එක හදපු කෙනාට. විහාරයේ ඓතිහාසික කරුණු හොයලා ගොනු කරලා මේක ලිව්වට.

:       76       238

Roy Berman Wednesday, 26 September 2018 04:49 AM

අපේ දරුවන්ගේ සහා අපෙත් මානසික තත්වය මෙයින් හොදට පේනවා. පිටරට කව්රුහරි යමක් කලොත් අපිත් එය කරනවා හරි හෝ වැරදි දෙයක්ද කියලා හොයාබලන්නේ නැතිව.

:       15       54

ලුම්බිණි Wednesday, 26 September 2018 05:04 AM

විදේශීය කතක් ඇතුළු තරුණ පිරිසක් මේ කන්දෙන් පහලට පැන්නොත් මේ ගොල්ලත් පනිනවද?

:       72       104

MAAN Wednesday, 26 September 2018 05:28 AM

මේ අයට නීතියෙන් දැඩි දඩුවම් දිය යුතුයි. අපේ උන්ට අපේ දේවල්වල අගයක් නැහැ. අනික හැමදේම කරන්නේ රැල්ලට. කරන තරමක් මෝඩකම් කරන්නේ. හොද දේයක් ජීවිතයට ගන්නේ නැහැ. තවත් පිරිසක් ඉන්නවා මොන දේ කලත් සාධාරණීකරන්න. අපි තාම ප්‍රාථ්මිකයි. හරියට නීතියක් නැති රටේ ජනතාවවත් අදර්ශමත්ව ජීවත් වෙන්නකෝ.

:       42       144

රවින් Wednesday, 26 September 2018 06:49 AM

පිට රටින් එන ඕනෙම කුණුගොඩක් හිස මුදුනින් බාර ගන්න අපේ අයියලට ........" නුඹ නාඩන් නුඹ නාඩන් උඹට මේවා හොඳ පාඩම් ................ හා කුම්බලා මාළු කෑවනම් දිරවපන් බළලෝ

:       40       86

sanjeeva Wednesday, 26 September 2018 06:55 AM

ලෙඩ බෝවෙන්නේ ගොඩක් දුරට වාතය, ස්පර්ශය, ජලය වැනි දේවල් හරහා. කෙනෙක් නිරුවත්වීම තවත් කෙන්ක්ට බෝවෙනවා නම් එය වෙන්නේ ඇස්වලින් බැලීමෙන් පමණි. ඒ ඇස් දෙක අපිට හරි දෙයට හසුරවගන්න බැරිනම් අපි දකිනදේට බැනල ඇති වැඩේ කුමක්ද? මෙවැනි මෝඩ වැඩ සුද්දාගෙන් ලැබුන කියල උන්ගේ කරින් යවල අපේ අය ඇඟ බේරගන්න යෑම අපේ ජන්ම පුරුද්ද නේ. ජන්ම පුරුද්ද කියන්නේ ඕනෙම දෙයක නරක පැත්ත භාරගන්න අපි කොහොමත් රුසීයි.

:       101       141

anjula Wednesday, 26 September 2018 08:18 AM

ඇත්තටම මෙතන ලොකු වරදක් මේ කොල්ලෝ ටික කරලා තියෙන්නේ. එකට දඩුවම දෙන එක අනිවාර්යෙන්ම කරන්න ඕනේ. එ් වුණාට මේ කොල්ලෝ ටිකගේ ජීවිතේ එපා කරවන විදියේ නෙමෙයි. ඔය කලේ අපිත් පිස්සු වැඩ කරා ඒ වෙලේ ඕව හිතන්නේ නැහැ. මේ කරපු දේ මේ ටික හිතල මතලා කරපු දෙයක් නෙමෙයි. කොලු කමට කරපු දෙයක්.

:       0       1

shan saudi Wednesday, 26 September 2018 08:24 AM

මේ සියලු දෙනාටම වසර 5වත් බරපතල වැඩ සහිතව සිරදඬුවම් දෙන්න. පුජනීය ස්ථානවල අශෝභන ලෙස හැසිරෙමින් සහ නිරුවතින් ඡායාරූප ගන්න සහ පිළිම වහන්සේලාට අපහාස වන ලෙස ඡායාරූප ගන්න සියලුම දෙනාට මේ දඬුවම් ලබා දෙන්න. අවජාතක ලෙස මෙලොවට බිහිවූ මෙවන් අය බුදුපිළිම වහන්සේලාට අපහාස වන ලෙසින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර තිරිසන් වින්දනයක් ලබන බව දැන් පෙනෙන්නට තිබේ.

:       21       29

Mendis Boossa Wednesday, 26 September 2018 08:38 AM

මේ අයට රජකාලේ දඬුවම් දෙන්න ඕනේ.. ආයෙ දැක්කෙත් නැහැ.

:       9       17

KANDEPOLA Wednesday, 26 September 2018 09:18 AM

රටේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන වැරද්දත් මේ වගේ සිදුවීම් වලට එක් හේතුවක්. රටේ ඉතිහාසය, ඒ ඉතිහාසයේ වටිනාකම, ඓතිහාසික වැදගත්කම්, අගය කල යුතු දේවල් ගැන දරුවන්ට හිතට වදින විදියට උගන්නන ඕනේ. තමන් කරන්නේ මොනවද කියන්නේ මොනවද, එය සමාජයට බලපාන්නේ කොහොමද කියලා දැන් ඉන්න දරුවන් දැනුවත් නැහැ. ආදර්ශයෙන් ඉගෙන ගන්න, වැඩිහිට්යෝ එහෙම ආදර්ශවත් වෙලත් නැහැ. මේකට දඬුවම් කිරීමම ප්‍රමාණවත් නැහැ. ආකල්පමය වෙනසක් කරන්නම වෙනවා.

:       0       5

ඇත්ත සත්‍යපාල Wednesday, 26 September 2018 09:32 AM

"වැඩේ බෝකළේ පිටරට කතක්" එහෙම අනුන් කළා කියලා තමනුත් කරනවද ? තමන්ගේ රටට නපුරක් කල විට ඒක ඊටත් වඩා නරක විදිහට රටේ අයම කරනවා නම් රජ කාලේ වගේ උල තියන්න ඕනේ.

:       10       8

tommy Wednesday, 26 September 2018 10:33 AM

මේවා තමා අනුකරණයේ තියෙන විපාක. නමුත්, මෙවැනි දේ ඉදිරියට කරන්නට බලාපොරොත්තු වෙනඅයට අනතුරු ඇඟවීමක් ලෙස, මේ අයට යම් දඬුවමක් ලබාදිය යුතුමයි.

:       0       5

samarasiri Wednesday, 26 September 2018 01:07 PM

මලියදේව යනු රටේ ජනතාව පීඩිතව සිටි අවදියක..., එනම් මෙයට වසර 130 පමණ පෙර කොන්දක් ඇති නායකයින් බිහිකිරීමට ආරම්භ කල පාසලක්... මෙවැනි තත්වයකට මොවුන් පත්වී නම් ඒ ගැන මහනායක ඇතුළු බොදු ප්‍රභූවරු සොයා බැලිය යුතුයි.

:       1       32

උපුල් Friday, 28 September 2018 09:31 AM

උසාවි ගෙන යා යුත්තේද ඒ ආකාරයටමය

:       0       0

banda Saturday, 29 September 2018 12:54 PM

ප්‍රසිද්දියේ කලිසම ගලවලා පිටුපසට කස පාර 10 ගානේ දුන්නා නම් ලංකාවේ තවත් මේවා වෙන්නේ නෑ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 271 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 222 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 150 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 132 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 236 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 428 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site