IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පිටුවහල් කළ මධූෂ් ලංකාවට

(ඉන්දිකා රාමනායක, ටී.කේ.ජී.කපිල ,නිමන්ති රණසිංහ, බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

ඩුබායි පැවති උපන්දින සාදයකදි  අත්අඩංගුවට  පත්ව මාස තුනකට අධික කාලයක් එරට අත්අඩංගුවේ  සිට මෙටට පිටුවහල් කළ සමරසිංහ  ආරච්චිලාගේ  මධුෂ් ලක්ෂිත හෙවත්  මාකඳුරේ මධුෂ් අද (5) අලුයම  මෙරටට  පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරි  රුවන්  ගුණසේකර  මහතා  පැවසීය.

අද අලුයම 5.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔහු පැමිණ තිබුණි.

මාකදුරේ මදූෂ් විසින් ඉදිරිපත් කළ N 5480656 දරණ  ගුවන් ගමන් බලපත්‍රය අනුව ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය අජිත් එරංග නමින් පෙනී සිටි අතර , ඔහුගේ උපන් දිනය ලෙස එහි 1979.02.20 දක්වා තිබුණි . ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය 790516478V ලෙස සදහන්ව තිබූ අතර , එම ගුවන් ගමන් බලපත්‍රය 2015.04.30 දින නිකුත් කර තිබුණි .

මාකදුරේ මදූෂ් දිවයිනේ විවිධ ප්‍රදේශ රැසක සිදු කර තිබූ මිනීමැරුම්,මංකොල්ලකෑම් සහ තවත් අපරාධ රාශියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොලීසි ගනණාවකට මෙන්ම අධිකරණ රැසකට ද අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු වී සිටි බැව් පොලිස් මාධ්‍ය ප්‍රකාශක , පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

එහිදී ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යොමු කිරීමෙන් පසුව, වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා ඔහුව ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රැගෙන ගොස් ඇත.

මාකඳුරේ මධූෂ් ව මේවනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට රැගෙනවිත් තිබේ.

ඡායාරූපය - ටී.කේ.ජි. කපිල

වීඩියෝ දර්ශන - ටී.කේ.ජී. කපිල



අදහස් (31)

පිටුවහල් කළ මධූෂ් ලංකාවට

sam Sunday, 05 May 2019 01:10 AM

සාදරයෙන් පිළිගන්නවා.....

:       14       9

ධනුෂ්කSunday, 05 May 2019 02:14 PM

මෙයාට අර පැත්තෙන් ඡන්දේ ඉල්ලන්නනම් දැන් හොඳටම සුදුසුකම් සපුරලා තියෙන්නේ.

:       3       21

Sisira Sunday, 05 May 2019 01:15 AM

රජකම් කළත් කලකම් පලදේ......

:       1       23

janis Sunday, 05 May 2019 01:26 AM

ඇප පිට නිදහස් කියල ෂුවර් එකට ආරංචි වෙයි.....

:       2       119

Bamunuarachchi Sunday, 05 May 2019 01:35 AM

ඇමතිකෙනෙක් ගේ ආරක්ෂක තතුරකට පත්කර ගනීද? එහෙව් දේශපාලකයෝ අපිට ඉන්නේ.

:       6       110

නිශාන්ත Sunday, 05 May 2019 01:41 AM

දැන් අර අධිනීතිඥයෝ කියන ජාතියේ අය සැදී පැහදී ඇති මෙයාව බේරගන්න.

:       3       51

Siri Sunday, 05 May 2019 01:56 AM

එන්න එන්න... ඔයා විතරයි අඩු වෙලා තිබ්බේ. දැන් ඒකත් හරි මන්ත්‍රී කමක් හරි ඇමති කමක් හරි ඕන නං හිටං හුටං ව හම්බ වෙන්න. බා....යි !!!

:       4       156

amila singa Sunday, 05 May 2019 01:59 AM

නැවත ඉපදුනා වගේ දැනෙනවා ඇති.

:       2       14

Anil Sunday, 05 May 2019 02:01 AM

ඇමැතිවරු කිහිප දෙනෙක්ම ඔහුව පිළිගැනීමට ගුවන් තොටුපළට ගිය බව ආරංචි යි.......

:       38       134

Tharanga Sunday, 05 May 2019 02:17 AM

මධූෂ් අයියා ඔබ සමඟයි......

:       2       110

Jaga Sunday, 05 May 2019 02:29 AM

මේක මහ විහිලු රටක්නේ. පහුගිය කාලේ කිව්වේ මෙයාගේ ඇපෑල නිසා ලංකාවට එවන තීන්දුව 9 වෙනිදට කල ගියා කියලා. මෙන්න අද මූ ලංකාවට එවලා. මේවා අහන බලන අපිට පිස්සු... මේ රටේ ඉන්න මොකෙක්වත් විශ්වාස කරන්න බෑනේ මෙහෙම යනකොට.

:       4       100

jayath Sunday, 05 May 2019 03:07 AM

හරි පහුගියකාලේ බෙර ගැහුවා නැතුව මදුෂ් කියකියා මේ රටේ මිනිහෙකුට හයියෙන් ඒ මධුෂ් නිසා සමහරු පාස්කු ප්‍රහාරයත් "මදුෂ් ගේ එකව්න්ට් එකට " දමන්න හැදුව බලමු මොකද වෙන්නේ කියල (අපේ ජනපති තුමා ඇතුළුව ) දැන් බලමු මොකද වෙන්නේ කියල

:       24       17

Pathirana Sunday, 05 May 2019 03:21 AM

කව්ද මේ මාකඳුරේ මධූෂ්.....???

:       9       4

saliya Sunday, 05 May 2019 03:24 AM

විවිධ තරාතිරම් වල අයට ඉල්ලමක් පහළ වී ඇත. දැන් ඉතින් ගරා ගන්න ..

:       6       54

kumar Edirisinghe Sunday, 05 May 2019 04:09 AM

ආගමන විගමන දෙපාර්තමේන්තුව කියන්නේ ජරාවට ඕන වැඩක් කරලා දෙන තැනක්. එසේ නොවන්නට විවිධ නම් වලින් පාස්පෝර්ට් හදාගන්න පුළුවන් කාටද?

:       4       125

Hafeel Sunday, 05 May 2019 04:10 AM

මෙයාව රටින් යනකොට ගුවන්තොටුපොළට ගිහින් ඇරිය දේශපාලකයෝ, එනකොට ගිහින් පිළිගත්තේ නැද්ද?

:       8       102

Thilina Sunday, 05 May 2019 04:39 AM

දැන් ඉතින් රටේ බෝම්බ ගැහුවද කියලා මතක නැති වෙයි..මාස ගාණක් මහ තැන මේක කියව කියව ඉඳි .

:       6       86

සේන Sunday, 05 May 2019 05:10 AM

අර දීපානි සිල්වා නම් මෙහෙම කියයි."මේත් අපේ අහිංසක කොල්ලෙක්.මිනී මරන්නෙ මංකොල්ලා කන්නෙ හොඳට ඉගෙනගෙන"

:       31       86

Jaahitha Sunday, 05 May 2019 05:28 AM

ඇයි රේගුව ජරා පප්පලා.

:       2       126

සමන් - ඕමානය Sunday, 05 May 2019 06:32 AM

මධුෂ් ආවා කියලා දැනගත්තාම මගේ කවි සිත මඳක් කිති කැවුණා...... වෙඩි හඬ බෝම්බයේ හඬ යලි ඇසේවි ද ? කුඩු සහ මිනී මරුමෙන් රට කැළඹේ ද? එල්ලුම් ගහට කවදා යලි පණ දේ ද? අවි පෙන්වන්න කවදා නුඹ ගෙන යාද?

:       38       39

Appuhami Sunday, 05 May 2019 07:01 AM

මගෙන් ඇමතිවරු කී දෙනෙක් නම් යැපෙන්න ඇතිද?

:       0       23

පිටිගල මිලානෝ Sunday, 05 May 2019 07:42 AM

අවශ්‍ය තොරතුරු සියල්ල අරගෙන මේකව ආයුධ පෙන්නන්න එක්ක යන්න පුලුවන්නම් එය රට වෙනුවෙන් කරන්න පුළුවන් උතුම් සේවයක්.... පිටිගල මිලානෝ

:       3       25

saliya prabhath Sunday, 05 May 2019 08:07 AM

මදුෂ් විතරක් නෙමේයි විමල් වීරවංශත් පස්ස්පෝර්ට් 2ක් උප්පැන්න සහතික 2ක්..... ඇතුව කිසිම ප්‍රශ්නයක් නැතුව පාර්ලිමෙන්ට් එකෙත් ඉන්නේ . ඒ ගැන කිසි අව්ලක් නැතිවා.

:       11       93

chanchu Sunday, 05 May 2019 08:45 AM

ඊලග පාර ඡන්දෙ ඉල්ලලා මේ හාදයා දින්නේ නැත්තන් මේක ලංකාව නෙවෙයි ඕන්..

:       0       121

isurandi Sunday, 05 May 2019 08:59 AM

දැන් ඉතින් මෙයාගෙන් යැපුන උදවිය ගල් ගැහිලා ඇති

:       0       9

Sarasi Sunday, 05 May 2019 09:33 AM

අපිට දැන් තියන හිසරද මදිවාටද? ඊළඟට කියාවි කලබලයක් අස්සේ අසවලා පැනලා ගිහින් කියලා.

:       0       5

Mahesh Uk Sunday, 05 May 2019 09:41 AM

පිටිගල මිලානෝ මෙච්චර කාලයකට කියපු හොඳම දේ..... කටේ මසුරන් දාන්න වටිනවා....

:       0       1

kudda Sunday, 05 May 2019 10:46 AM

පිටරට කේස් වලට අහු වුන අයට නඩු දාන්න නීති අපේ රටේ නැත

:       0       1

Kumara Sunday, 05 May 2019 11:20 AM

මෙයාට රටේ ආරක්ෂාව දෙන්න 225 දෙනා දැනටමත් සාකච්ඡා පටන්ගෙන ඇති...

:       0       11

ලේක්කෝ ගලබඩ Sunday, 05 May 2019 02:54 PM

මෙයාට රට පනින්න වෙනත් නමකින් පාස්පෝර්ට් හදලා රටින් පනින්න උදව් කල දේශපාලන ‘සඳ’ කවුද?

:       0       5

SenaSunday, 05 May 2019 07:42 PM

මෙහෙමයි ඒ ගැන අන්තර්ජාලයේ තියෙන්නේ ... ' මාකඳුරේ මධූෂ් ලංකාවෙන් ඩුබායි පැන්නේ ලක්ෂ්මන් යාපාගේ වැඩිමහල් පුත් ඔසඳ යාපා විසින් සකසා දුන් ‌වෙනත් නමක් සහිත ව්‍යාජ ගුවන් බලපත්‍රයකින් වන අතර අද දිවයිනට පිටුවහල් කර ඇත්තේ ද එකී ව්‍යාජ ගුවන් බලපත්‍රයෙන්ම ය.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 215 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 291 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 79 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 990 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 264 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 308 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site