IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පිටුවහල් කරන්න ගිය ලක් පවුලට යළි නවසීලන්ත රැකවරණ

මවට වැළඳුනු රෝගයක් නිසා නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට සිටි පස් දෙනෙකු ගෙන් යුතු ශ්‍රී ලාංකික පවුලකට යළි එරට නීත්‍යානුකූල ලෙස රැඳී සීටීමට එරට රජය අවසර ලබා දීමේ සිද්ධියක් නවසීලන්තයෙන් වාර්තාවේ.

මෙම ලාංකික පවුල පිටුවහල් කිරීමට නවසීලන්ත ආගමන විගමන බලධාරීන් ගත් තීරණයට එරෙහිව වසරකට ආසන්න කාලයක් තිස්සේ එරට ක්වීන්ස්ටවුන් ප‍්‍රජාවගේ විරෝධතා සහ බලපෑම මත මෙම පවුලට එරට නේවාසිකව රැඳී සිටීමේ අයිතිය ලබා දීමට එරට රජයට සිදුව ඇතැයි නවසීලන්ත මාධ්‍ය අද (22) වාර්තා කළේය.

මෙලෙස නවසීලන්තයේ නේවාසිකව රැඳී සිටීමට අයිතිය ලැබී ඇත්තේ එරට ක්වීන්ස්ටවුන් ප‍්‍රදේශයේ පදිංචිව සිටි දිනේෂා විජේරත්න සහ සෑම් විජේරත්න යන ලාංකික යුවළට සහ වයස අවුරුදු 8 ,10 සහ 11 වියේ පසුවන ඔවුන්ගේ දරුවන් තිදෙනාටය.

කශේරුකාව ආශ‍්‍රිතව ඇති වූ ස්නායු දුර්වලතාවයක් හේතුවෙන් මවට වැළඳුනු රෝගයක් නිසා නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීය පවුලක් එරටින් පිටුවහල් කිරීමට නවසීලන්ත බලධාරීන් විසින් සූදානම් වූයේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදීය.

මෙම පවුල පසුගිය වසර 8ක් තිස්සේ නවසීලන්තයේ ජීවත් වී ඇති අතර දිනේෂා ක්වින්ස්ටවුන් හී හෝටලයක සූපවේදිනියක ලෙස සේවය කරමින් සිටි අතර ඇයගේ සැමියා වන සෑම් විජේරත්න එරට කුලී රථ රියැදුරෙක් ලෙස සේවය කරමින් සිටියහ.

දිනේෂාට හදිසියේම වැළඳුනු එම රෝගී තත්ත්වයක් සැලකිල්ලට ගනිමින්  එම ලාංකික පවුලට එරට තව දුරටත් රැඳී සිටීම සඳහා වීසා බලපත් දීර්ඝ නොකිරීමට ගත් තීරණයක් නිසා ඉකුත් වසරේ නොවැම්බර් 21 වැනිදා එම පවුල නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට එරට රජය කටයුතු කළේය.

දැඩි ලෙස අසරණව සිටි මෙම ලාංකික පවුල අමානුෂික තීන්දුවකට අනුව නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට ගත් තීරණයට එරෙහිව ක්වීන්ස්ටුවන් හී පාසල් ගුරුවරු , එහි පදිංචිකරුවන් ක්වීන්ස්ටවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ඇතුළු නගරයේ සියලූ ප‍්‍රජාව වරින් වර වීදී බැස සාමකාමී විරෝධතාවන්හි නිරත වූහ.

මේ අතර මෙම පවුල පිටුවහල් කිරීමෙන් වලකින ලෙසට  එරට ක්වීන්ස්ටුවන් ප‍්‍රාන්තයේ මන්ත‍්‍රීවරයකු වන හමිෂ් වෝකර් එරට ආගමන සහ විගමන ඇමැතිවරයාට ලිඛිතව දැන්වීමටත් කටයුතු කළේය.මෙම පවුල පිටුවහල් කිරීමෙන් වලකින ලෙස හා ඔවුනට රුකියාව කළ හැක වන පරිදි තාවකාලික වීසා ලබා දෙන ලෙස එම මන්ත‍්‍රීවරයා මේ ලිපියෙන් ඉල්ලා තිබිණි.

වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවති එම මහජන විරෝධතා සැලකිල්ලට ගනිමින් නවසීලන්ත බලධාරීන් විසින් පස් දෙනෙකු ගෙන් යුතු එම ලාංකික පවුලට එරට නේවාසිකව රැඳී සිටීමේ අවසරය යළි ලබා දීමට පියවර ගෙන ඇත.

125



අදහස් (10)

පිටුවහල් කරන්න ගිය ලක් පවුලට යළි නවසීලන්ත රැකවරණ

සතයපාල Monday, 22 October 2018 04:00 PM

අම්මට ඒඩ්ස් වැලඳුනා කියලා දැන ගත්තාම දරුවාව පාසැලෙන් අයින් කරන්න කියලා උද්ඝෝෂණය කරපු මිනිසුන් ඉන්න රටක ඔය පවුල ජීවත් වුණානම් එහෙම රජයට පෙර එම මිනිස්සුම උද්ඝෝෂණය කරලා මේ අසරණ පවුල පිටුවහල් කරාවි.

:       0       7

ruwan kotuwelle Monday, 22 October 2018 09:37 PM

පිටුවහල් කිරීමට තීරණය කලේ ලෙඩක් හැදුනු නිසා නොවේ. එම ලෙඩේ නිසා අයගේ විසා තත්වය අලුත් කල නොහැකි වූ නිසා. එය අමානුෂික තීන්දුවක් නොවේ. රටේ නීතිය. ඔවුන්ට නැවතීමට අවසර දීම නම් ඉතා මානුෂිකය.

:       0       10

THESHAN Tuesday, 23 October 2018 03:23 AM

ඔන්න නියම ජනතා නියෝජිතයෝ, අන්තිම මොහෙතේ ලකුණ දාගන්න එන්න නැතුව, ඇත්තටම ජනතාවට වැඩක් කරන මිනිස්සු. අනේ අපිට එවන් පුද්ගලයන් මේ කපේදී ලැබෙන්නේ නැහැ.

:       0       50

පිටිගල මිලානෝ Tuesday, 23 October 2018 04:00 AM

ක්වීන්ස්ටවුන් ලාංකික ප්‍රජාවට මාගේ ගෞරවපූර්ව ප්‍රණාමය පුද කරමි.

:       51       41

PereraTuesday, 23 October 2018 05:07 AM

පිටිගල මිලානෝ, මේ පවුල වෙනුවෙන් වීදි බැහැලා සහයෝගය දැක්වුයේ ලාංකිකයන්ට වඩා ක්වීන්ස්ටවුන් නගරයේ නවසීලන්ත ජාතිකයෝ.

:       0       172

sam Tuesday, 23 October 2018 05:49 AM

මෙන්න මහලොකුවට මානව හිමිකම් සහ මනුෂ්ෂත්වය ගැන කතා කරන රටවල් වල නීතිය. වැඩ අරගෙන අසනීප උනොත් රටින් පිටුවහල් කරනවා.

:       1       79

kap Tuesday, 23 October 2018 08:20 AM

පෙරේරාට පොට වැරදිලා... මේ රටවල නීතිය සැමට එක සමානයි...

:       0       0

OMG Tuesday, 23 October 2018 09:05 AM

වැරද්දක් දැක එයට එරෙහි වෙන්න තරම් කොන්ද පණ ඇති මන්ත්‍රී වරු ඉන්න එක ගැනනම් අවංකව සතුටු වෙමි. අනික සාමකාමී උද්ඝෝෂණ. අපේ ලංකාවේ අයට නැත්තේම මේක තමා

:       0       0

tommy Tuesday, 23 October 2018 09:22 AM

රටේ ජීවත්ව සිටියදීම ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා රටින් පිටුවහල් කිරීමට ගත් තීරණයට පදනම් වූ නීතිය අමානුෂික යයි සිතමි. මෙවැනි අවස්ථාවක නායකත්වය ගත් එම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ඇතුළු පුර වැසියන්ගේ ක්‍රියා කලාපය අප සියලු දෙන අගය කල යුතුයි.

:       1       0

සෙනෙවි Wednesday, 24 October 2018 06:52 PM

වසර 10 ක් පැරණි කෝන්තර තාමත් කරපින්නා ගත් ලාංකිකයන්ට වඩා කොපමණ ඉදිරියෙන්ද???

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 138 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 282 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 388 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 737 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1140 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 917 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site