IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති

(සිරංගිකා ලොකුකරවිට සහ හර්ෂණ තුෂාර සිල්වා)

ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී  කාලයේ  කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති.

⁣මීට ටික වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ . හෙට (19 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.

ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සඳහා විශේෂ කාර්ය බලකාය සහ විශේෂ රාජකාරී යටතේ අවට පොලිස් ස්ථානවලට නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇතැයි ලංකාදීපය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීවේය.

අවශ්‍ය වුවහොත් සාධාරණ බලය ක්‍රියාත්මක කරන්නැයි ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

අනවශ්‍ය ලෙස කලබල ඇති නොකරන්නැයි අසත්‍ය ප්‍රචාරවල හසු නොවන්නැයි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව ද දැඩි නීතිමය පියවර ගන්නා බව ද ගුණසේකර මහතා තවදුරටත් කීවේය.

බ්‍රහස්පතින්දා (16) රාත්‍රී ඇතිවූ ගැටුමකින් පසු ප්‍රධාන මාර්ගයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණ ද  කඩු හා පොලු මුගුරු රැගත් පිරිස් අතුරුමාර්ග ඔස්සේ ගමන් කරමින් නිවාස රැසකට පහරදුන් බව ද ගැමියෝ කියති.

පොලිසිය පවසන්නේ තවදුරටත් ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කරමින් පවතින බවයි. මින් සුළු වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බල ඇණි ගිංතොට ප්‍රදේශයට කැඳවූ බව ද දැනගන්නට ඇත.



අදහස් (31)

පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති

Ajith Friday, 17 November 2017 06:26 PM

රටට අනාගතයක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. මේ වගේ හැසිරෙන පිරිසට තරාතිරම නොබගා දැඩි නීතිමය පියවර ගන්න. මෙහෙම ගියොත් අනිවාර්යයෙන්ම තවත් යුද්ධයක් එන එක වළකන්න බැහැ.

:       0       34

කුමර් Friday, 17 November 2017 06:34 PM

මුස්ලිම්වරුන්ගේ වැඩක් වෙන්න ඇති අනිවාර්යයෙන්...

:       531       876

අනුර ඉලන්කෝන් Friday, 17 November 2017 06:58 PM

රටේ ආරක්ෂාව නම් බිංදුවයි. මෛත්‍රීපාල මහත්තයෝ මෙහෙමනං රට කරන්න බෑ. ජනාධිපති ප්‍රේමදාස, ජනාධිපති මහින්ද රාජපක්ෂ ආදර්ශයට ගන්න. නැත්නම් පව්නොදී ධුරයෙන් ඉවත්වන්න...

:       66       708

Zuhair Ibrahim Friday, 17 November 2017 07:37 PM

මෙවැනි සිදුවීම් වැලැක්වීමට පූර්ව සූදානම්න් ආරක්ෂක අංශ සිටිය යුතුයි. ඊයේ නොසන්සුන්කාරී තත්ත්වයක් තිබුනේනම් එය නොසලකා හැරියේ ඇයි? එමෙන්ම මූහුණු පොත් තුලින් බොරු ප්‍රචාර කරන අය අත්අඩංගුවට නොගන්නේ ඇයි?

:       251       293

sathyapalaSaturday, 18 November 2017 12:22 PM

සුහායිර් උන්නැහේ ඔයාට සිංහල පුළුවන් නිසා මෙහි පහත මේ ලංකාදීපයේ මම මීට හරියටම දින 45 කට කියූ දෙය කියවා බලන්න. මේවා අහඹු සිද්ධීන් නොවේ. "ඕස්ට්‍රේලියාව අපේ රට වගේ 117 වතාවක් විශාලයි. නමුත් ඉන්නේ අපේ රටේ ජනගහනයට සමාන ජනගහනයක්. එහෙම වෙලත් නීති විරෝධී සංක්‍රමණකයින් රට ඇතුළට නොගෙන ආපසු හරවලා යවනවා. ලංකාව කුඩා රටක්. ගෙරි හම එළාගන්න ඉඩක් දීලා ඉතිහාසයේ කරගත් විනාශය අති මහත්. ඒ මදිවට මාලදිවයින් වැසියන් බොහෝ දෙනෙක් අප රට තුල ඉන්නවා. මේ රටට වෙනත් රටවලින් ජනගහනය කෙසේවත් තරම් නොවේ. නමුත් දෙමළ මුස්ලිම් ඡන්ද තමනට ලබාගැනීම අපේක්ෂාවෙන් මේ රජය මහා ජාතිය නොසලකා සිටීමෙන් ජාතින් අතර සමහන් වෙමින් තිබූ විරසක දැන් කොයි මොහොතක හෝ පුපුරායන මහා ගිනි කන්දක් දක්වා පත්කර ඇත. නැවතත් මේ රට තුල කළු ජූලියට සමාන ජාතිවාදී ගැටුම් තුලින් රටට සිදුවන විනාශය ඉතා බරපතලය. එහෙත් තමනට අනතුරක් ඇතැයි සිතන තාක් සුළු ජාතින් මේ රජය කෙසේ හෝ බලයේ තබාගැනීමට වෙර දරන බැවින් ඒ බිය සුළු ජාතින් අතර පවත්වාගෙන යන්නට ආණ්ඩුව ජනයා අතර විරසක බව පවත්වාගෙන යන්නට උත්සාහ දරමින් සිටියි.

:       357       1379

nuwanSunday, 19 November 2017 05:28 AM

ඇත්ත තත්වේ පෙන්වන එක බොරු නමින් හැදින්වේ.

:       0       8

janatha anura Friday, 17 November 2017 08:20 PM

ප්‍රදේශවල සමහර අයට මේ වුණු රෝගයක් තිබෙනවා. මේක නිසා හමුදාව සමග ගැටෙනවා. පොලිසිවලට ගහනවා. කවුරුන් හෝ මේකට ප්‍රතිකාර කරන්න ඇති... දැන් සනීප වේවි !!!

:       24       145

sathyapala Saturday, 18 November 2017 12:12 AM

මේ රජයට පවතින්නට හැකි අන්තිම තුරුම්පුව භාවිතා කරමින් සිටී. ජාතිවාදී කෝලාහල මැදින් සියල්ල ඉටුකරගත හැක. ඇඳිරිනීතිය, හදිසිනීතිය මගින් මැතිවරණ කල් දැමීම සියලු විරුද්ධවාදීන් සිරගත කිරීම බියගැන්වීම් මර්ධනය, බලහත්කාරය යොදවා එක්ටා ගිවිසුම්, තෙල් ටැංකි, මත්තල විකිණීම්, රට බෙදන පනත්, බැඳුම්කර මගඩි ලිපි ලේඛන විනාශවීම්, වෙන්ව යාමට සිටින මැති ඇමතිවරුන් වලක්වා ගැනීම් සියල්ල සිදුවෙනු ඇති. මේ රජය ජාතින් අතර උපරිම ලෙස ආතතිය, සැකය ඇතිවෙන තුරු සුළු ජාතීන්ට කටයුතු කරන්නට ඉඩ හැරියේ මේ පුපුරායාම බලාපොරොත්තුවෙනි. අවාසනාවට නැවතත් බලවත් රටවලට අප රටට ගොඩ බසින්නට බලහත්කාරය යොදවන්නට මේ මගින් අවස්ථාව ලබා දෙයි.

:       76       1247

sathyapalaSaturday, 18 November 2017 08:52 AM

පහත ඇත්තේ මවිසින් 2016 ජුලි 27 කියූ දෙයක් - "යහපාලන උගුලේ වැටෙන්නට එපා ! යහපාලන නඩයේ සියලු දේ අනාගෙන හත් පොලේ ගාගෙන අසරණව සිටින මේ මොහොතේ ඔවුනට බලය රැකගැනීමට ඇති එකම මග ජාතිවාදය පමණයි. ඔවුන් බටහිර රටවල නියෝජිතයින් ඉදිරියේ දෙමල සහ මුස්ලිම් ජාතිවාදී පක්ෂ සමග අත්සන් කල වෙනම දෙමල පළාත් සහ මුස්ලිම් පළාත් ලබාදීමට හැකි එකම මගත් රට තුල ජාතිවාදී කලබල ඇතිකිරීම මගින් රටතුල නැවත කළු ජූලියක් ඇතිකර, එම සිදුවීම් හරහා ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් රකින මුවාවෙන් රටට ගොඩ බැස මේ රට ඉරාකය, ලිබියාව තුල කල ලෙසටම සිංහල දෙමල සහ මුස්ලිම් ලෙස රට බදා වෙන්කර දැමීමේ කුමන්ත්‍රණය දියත්ව ඇත. ජාතික ගීය දෙමලෙන් ගායනාකර රණවිරුවන් අත්අඩංගුවට ගෙන උතුරේ කඳවුරු ඉවත්කරමින් නැගෙනහර මහා ඇමති ලවා හමුදා නායකයනට අපහාස කරමින් හාමුදුරුවන්ට බුද්ධාගමට නින්දා කරමින්, යාපනයේ සිංහල සිසුනට පහර දෙමින් යහපාලකයින් කරන්නේ රටේ මහජාතිය සිංහලයන් කුපිතකර ජාතිවාදී ගැටුමකට තල්ලු කිරීමය.

:       10       594

sahanSaturday, 18 November 2017 09:05 AM

නම සත්‍යපාල වුණාට කියන්නෙම අසත්‍යය. මහරජාගේ වහල්ලු තමයි මේවා කරන්නේ..

:       1443       857

sathyapalaSaturday, 18 November 2017 10:32 AM

මහරාජාලා ඉන්නේ ඉන්දියාවේ. අපේ රටවල්වල දේවල් මහරාජාලට විකුණලා අපි මහරාජාලගේ වහල්ලු වෙයි කියලා බයේ තමයි අපි කෑ ගහන්නේ. එහෙවු අපිට බනින්නේ ශාන්ලා වගේ මහරාජාලගේ සැබෑ වහල්ලු.

:       105       555

සෙනෙවි Saturday, 18 November 2017 12:53 AM

මේ හැම එකකටම මූණූපොතේ බොරු ජාත්‍යාලයත්, විචාර බුද්ධියෙන් තොර විශ්වාසයත් හේතුවයි. රටකට මෙහෙම යන්න පුළුවනිද?

:       5       71

lahiru Saturday, 18 November 2017 01:38 AM

මෙතන දැන් පොලිසිය කරන්නේ ඒ අයට සපෝර්ට් කරන එක.

:       57       189

sahan Saturday, 18 November 2017 02:59 AM

මේක පිටුපස ඉන්නේ පරාජිත දේශපාලකයන් සහ ඔවුන්ගේ ප්‍රාදේශීය ගෝලයෝ ටිකයි.

:       1132       542

සංජීව Saturday, 18 November 2017 03:09 AM

ගිංතොට සහජීවනේ දෝරෙ ගලාගෙන ගිහින් තියෙනවා. අපි නම් දැක්කා සමාජ ජාලා තුළින්.. 12% මෙහෙමනන් බහුතරය වූ කල කෙසේ වේවිද..?

:       862       1866

anura Saturday, 18 November 2017 03:24 AM

මෙවැනි ක්‍රියා ඡන්දය කල් දාන්න කරන කුමන්ත්‍රණයක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සියළු දෙනාගේ යුතුකමක්...

:       246       429

ananda Saturday, 18 November 2017 03:34 AM

අන්තවාදීන්ගේ රටක් බවට පත්වෙලා

:       162       329

දිලාන් Saturday, 18 November 2017 04:21 AM

දැන් නම් රටේ නීතියක් නැත්තටම නැති ගාණයි. පසුගිය කාලයේ මේ ප්‍රදේශයේ ඝාතන රැල්ලක්ම සිදුවෙලත් තවදුරටත් එසේ වීම නැවත්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම ඉතාම මන්දගාමීවයි සිදුවන්නේ. අත්අඩංගුවට ගන්න අපරාධකරුවන්ගෙනුත් බොහොම සීමිත දෙනෙකුට විතරයි දඬුවම් ලැබෙන්නේ. අපරාධකරුවෙකුට දඬුවම් නොලැබෙනවා කියන්නේ ඔහු තවත් අපරාධ කිරීම සඳහා දිරිමත් කිරීමක්. එළිපිට මෙවැනි දේවල් සිදුවෙද්දී නීති ක්ෂේත්‍රයක් මහජන මුදලින් නඩත්තු කරන්නේ කුමකටද? කතා කිරීමේ නිදහස තිබුනට වැඩක් නැහැ ජීවත් වීමේ නිදහස නැත්නම්.

:       44       439

himalSaturday, 18 November 2017 05:53 AM

අපරාධකාරයෝ බිහිවෙන්නේ සමාජය තුලින්ම තමයි. ඉස්කෝලවලින් වැ‍රැද්දක් කරාම ඒ ළමයා යහමඟට ගන්නවා වෙනුවට, හරි වැ‍රැද්ද කියලා දෙනවා වෙනුවට ඒ ළමයට දරුණු දඬුවම් දෙන්න යනවා. පස්සේ ඉස්කෝලෙන් කට්ටි පැනලා අපරාධ කරන්න පෙළඹෙනවා. මිනිස්සු කියනවා අපූරු විදුහල්පති, ඉස්කෝලේ සුද්ධ කරා කියලා. ඒත් සමාජයට අපරාධකාරයෙක් බිහි කරලා.

:       8       7

abe Saturday, 18 November 2017 06:04 AM

1500ට ලියන කෙනෙක් උඩින්ම කමෙන්ට් දානවා කතාව දන්නෙත් නැතිව...

:       225       269

Chanak Los angeles Saturday, 18 November 2017 06:10 AM

බුදුදහමෙන් අභාෂය ලබපු ජනකොටසක් වෙසෙන රටක සිදුවෙන මෙවන් සිදුවීම් ලජ්ජා සහගතයි.. තොර තෝංචියක් නැතිව බණ කියන, බණ අහන, දාන දෙන, සිල් ගන්න, තොරන් බඳින, වෙහෙර විහාර බඳින, විදියට අපේ රටේ තරම් හොඳ මිනිසුන් වෙසෙන රටක් වෙන කොහෙවත් තිබිය නොහැක ... නමුත් වෙලා තිබෙන්නේ ජීවත් වීමට භයානක රටක් ලෙස හංවඩු ගැසී තිබිමයි...

:       356       249

SamSaturday, 18 November 2017 07:53 AM

චානක, නිකන් මෝඩ කතා කියන්න එපා, බුදු දහම වෙනයි, ගැටුම් වෙනයි, ඔයාගෙ දරුවෙක්ට කරදරයක් වුණු වෙලාවට, ඔයාගෙ ආගමේ මොකක්ද කියලා තියෙන්නේ කියලා හොය හොයා ඉන්නවද? දෙකක් දෙන්නේ නැතිව. රජය, රජයේ අය සිවිල් නීතියට ගරු නොකරන තාක් කල්, මහ ජනතාව හදනවා නම් බොරු.

:       2       215

mohan Saturday, 18 November 2017 06:23 AM

සමාජ ජාල ඔස්සේ පැතිරෙන බොහොමයක් පින්තුර පරණ දේවල්.

:       52       74

sumal Saturday, 18 November 2017 09:11 AM

මමත් සිංහලයෙක්, ඒත් ඇත්ත කියන්න ඕනෑ.. මේ ප්‍රශ්නෙට මුල උක්වත්ත කියන ගමේ අය, මේ ගම සිංහල ගමක්.. ගිංගඟ අයිනේ තියෙන්නේ.. අතීතයේ සිටම නීති විරෝධී මත්වතුර වලට ප්‍රසිද්ධ ගමක්.... දැන් එතැනින් එහාට ගිහින් ගාල්ලට මත්කුඩු, ගංජාත් බෙදනවා. පාසල් දරුවන් පවා මේවට හුරුවෙලා. මෙවැනි පුද්ගලයන් විසින් තමයි මේ පහර දීම් කරන්නේ.. මේවා පසුපස පරාජිත දේශපාලකයෙකුගේ ගෝලයෙක් වෙච්ච කජුකිරි කොල්ලෙක් ඉන්නේ...

:       317       140

nimallalitha Saturday, 18 November 2017 11:05 AM

බල පෙරේත දේශපාලනය නිසා 77 න් පසු හැම රජයකින්ම බැට කන සිංහලයින්ට බණ කියන සිංහල නම් ඇති හොර උපාසකයෙනි. මේ සිංහල කියන අය මේ දක්වා රැකුණේ ඇස් ඉස් මස් ලේ ජීවිත පුජාවෙන්. දේශපාලනය බදාගෙන හැම දෙයම අසිංහල ජාතිවාදීන්ට දැන් දෙන්න හැදුවට අපි එහෙම නැහැ. පොට්ටයන් සේ නොසිට ගොස් බලව්.... උතුර සහ නැගෙනහිර.. මම කියන්නේ නැහැ සයිටම් හරි කියලා. නමුත් සයිටම් වලට විරුද්ධ වන කෑ ගහන අයට නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලය කැපී පෙනෙන්නේ නැහැ. මේක අරාබිය නොවෙයිනේ.

:       350       147

nimmi Saturday, 18 November 2017 02:16 PM

මහා රජ නැත්නම් සහන අද වල පල්ලේ.

:       7       190

nelson weerasinghe Saturday, 18 November 2017 05:09 PM

ඕනෑම රටක නායකත්වය පීචං, සෙවල, වුණාම ඔලුවට අත හෝදනවා. අද පොලීසියට වත් කොන්දක් ඇතුව වැඩ කරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙන බව පේනවා. ජාතික කොඩියෙන් අමුඩ ගහන්ඩත් හදනවා. ජාතික ගීය දෙමළට හරවලා, ඉස්සරහට ජාතික ගී ගොඩක් ඕනෑ වෙයි, මෙහෙම එක එක්කෙනාට චණ්ඩිකමට බයවෙලා වලිගය අමුඩ ගහගන ඉන්ඩ නං ආණ්ඩු මොකටද? රටේ කෑලි විකුණනවට වැඩිය මේ රටම පාලනයට බාර දෙන්න සිංහල නොවන, කොන්දක් තියෙන සුද්දෙක් වත් ආනයනය කළා නං හොඳයි කියලයි දැන්නං හිතෙන්නේ. කවුරු යැව්වත් මාසෙ පනිනකොට රැලත් එක්කම හොරා කන්ඩ පටන් ගන්නවා. දේශපාලන හොරු දැනට හොරකං කරගත්ත සල්ලි ඒ අයගෙ පරම්පරාව එක්ක පන්දාහෙ කොල තුං වේලටම තම්බලා කෑවත් පරම්පරා හත අටත් ගියත් ඉවර කරන්න බැරි තරං ගොඩ ගහගෙන තියෙනවා. මේවා කොහේ ගෙනියන්නද ඔය ගොඩ ගහන්නේ? හෙණ ගහන්නේ නැත්තේ අකුණු සන්නායක හින්දා... හැබැයි ඒවත් අපේම සල්ලි, අද රටට නායකත්වයක් නෑ. හොරු තක්කඩි ඔක්කෝම නායකයෝ. සංහිඳියාවත් එක කට්ටියකට විතරයි, අනේ මන්දා.

:       0       47

sumal Sunday, 19 November 2017 02:26 AM

ගාල්ල පැත්තේ බැට්, බෝල බෙදන පොහොට්ටු කොල්ල තම මේවා කරවන්නේ................

:       18       4

nimallalitha Sunday, 19 November 2017 04:16 AM

මම නගරයේදී මේවා කියන්නේ නම් සුද්ද සිංහලෙන්. නමුත් එක්කෙනෙක්වත් මේ වනතුරු කතා කරලා නැහැ. මම කියන්නෙත් උසාවි යන්න නැතිනම් එකෙකු පොලිසියට සහ අනිත් එකා රෝහලට යන්න බලාගෙන..මට විරුද්ද නඩුවකදී පවා මම අහන්නේ එතුමා හෝ එතුමිය සිංහල නම් තම දරුවාට තමාගේ හෝ තම හිමියාගේ වාසගම තියන්නේ මන්ද කියා පමණි.

:       1       0

Thusitha Monday, 20 November 2017 02:30 AM

ඉස්ලාම් මනුෂ්‍යත්වයට අපහාසයක්................

:       15       3

Peter Monday, 20 November 2017 04:04 AM

ටිකක් හිතල බලල කතා කරන්න, ප්‍රේමදාස, මහින්ද ලගේ කාලේ ඔයිටත් වඩා ප්‍රශ්න තිබුනා.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 306 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 226 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 531 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 86 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 70 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 693 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site