(ඩයනා උදයංගනී)
කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ මාර්ගයක අද (18) වැටී තිබූ රුපියල් 1,90,000ක් සහිත මුදල් පාර්සලයක් පදික වෙළඳාමේ නියුතු අයෙක් විසින් අහුලාගෙන කොටුව ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන්ට බාරදීමට කටයුතු කර තිබේ.
පිටුකොටුවේ මාර්ගයක වැටී තිබූ මෙම මුදල් පාර්සලය හමුවී ඇත්තේ පදික වෙළඳාමේ නිරතව සිටින කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්මි මුබාරක් නැමැත්තාට වන අතර ඔහු විසින් ඒ බව සිය හාම්පුතාට දැනුම්දීමට කටයුතු කර තිබේ.
ඉන්පසුව එම තැනැත්තා විසින් මේ තොරතුර පිටකොටුව ප්‍රජා පොලිස් ඒකකයට අනුබද්ධව පිහිටුවා ඇති පදික වෙළඳ සංගම් කමිටුවේ සභාපති මොහොමඩ් ඉමිටියාස් සහ එහි කලාප භාර මොහොමඩ් මිලාර් යන මහත්වරුන්ට දැනුම් දී ඇත.
ඉන්පසු මුදල් පාර්සලය අහුලා ගත් මොහොමඞ් අස්මි මුබාරක් මහතා පදික වෙළඳ සංගම් කමිටුවේ සභාපති මොහොමඩ් ඉමිටියාස් මහතා ද සමඟ පිටකොටුව පොලිස් ස්ථානයට පැමිණ එම මුදල් පාර්සලය එහි පොලිස් සැරයන් අනුර විජේරත්න (28300) මහතාට බාර දී ඇත.
මෙතෙක් එහි හිමිකරුවකු ඉදිරිපත් වී නොමැති අතර හිමිකරුවකු සිටී නම් පිටකොටුව පොලිස් ස්ථානයට පැමිණ අනන්‍යතාවය තහවුරු කර එම මුදල ලබාගත හැකි බව එම පොලිස් ස්ථානයේ නිලධාරියෙක් පැවසීය.
මේ පිළිබඳ තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් එම පොලිස් ස්ථානයේ 011 2421515 හෝ 011 2320389 යන දුරකථන අංකයන් අමතා ලබාගත හැකි බව ද එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.
පිටකොටුව ප්‍රජා පොලිස් අංශයේ පොලිස් සැරයන් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.බී වීරසූරිය (13781) මහතා විසින් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරේ.
නත්තල් සහ නව අවුරුදු උදාව නිමිත්තෙන් නිවෙස්වලට අවශ්‍ය භාණ්ඩ, ඇඳුම් පැළඳුම් ආදිය මිලදී ගැනීම සඳහා පිටකොටුවට පැමිණෙන පාරිභෝගිකයින් ආරක්ෂා කරගැනීමේ අරමුණින් විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද මේ දිනවල පිටකොටුව ප්‍රජා පොලිස් ඒකකය විසින් ක්‍රියාත්මක කරන අතර මෙම මුදල් පාර්සලය අහුලා ගත් තැනැත්තා විසින් පොලීසියට බාරදීම එහි සුභවාදී ප්‍රතිඵලයක් බව ද එම නිලධාරියා කීවේය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පිටකොටුවෙන් අහුලා ගත් 190,000 ක මුදලක් පොලීසියට ගෙනැවිත් බාරදෙයි
Nihal Tuesday, 18 December 2018 01:47 PM
අති උතුම් මිනිසෙක්. ඔබ සියලු දෙනාට සදා ජය
rocky Tuesday, 18 December 2018 02:30 PM
වාසනාවන්තයා ඉදිරිපත් වේවිද බලමු!
kumara Tuesday, 18 December 2018 02:47 PM
අහුලාගත් කෙනා සත්ගුණවත් මනුස්සයෙක්. ඔහු ගැන සොයා බලා අපි ඔහුට හැකි උපකාරයක් කරමු.
HM Tuesday, 18 December 2018 02:51 PM
අමනුස්සයන්ගෙන් පිරුන මේ රටේ මනුස්සකම් ගැන පුවතක් අහන්න දකින්න ලැබීම මහා ලොකු සතුටක්
Raveendra Tuesday, 18 December 2018 03:13 PM
අප ඉතාමත්ම අගයකල යුතු සත් ක්‍රියාවක්. මෙවන් " අවංක මහත්මයන් "තවමත් අප සමාජයේ ඉතිරිවී තිබීමත් සතුට දනවන කාරණයකි. ඔබට ගොඩක් පින් අන්සතු දෙයක් නැවත බාරදීම.
Bamunuarachchi Tuesday, 18 December 2018 03:47 PM
පොලිස්සියේ කට්ටියට හරි දුක ඇති
Sameera Tuesday, 18 December 2018 04:07 PM
විශිෂ්ට මනුස්සයෙක්.
nishantha Wednesday, 19 December 2018 01:39 AM
මගේ හිතවෙතෙක්ද වන ඔබ ඉතාම හොඳ මහතමයෙක් බව අදයි දැනගත්ත්තේ. සුබ පැතුම් ඔබට.!
wasantha lal Wednesday, 19 December 2018 02:22 AM
මෑත කාලයේ අපිට ආඩම්බර විය හැකි ලාංකික දෙදෙනෙක්.
Lusena Wednesday, 19 December 2018 04:26 AM
මොහුට ඇමතිකමක් දීලා පාර්ලිමේන්තුවට යවන්න
ravi Wednesday, 19 December 2018 05:20 AM
උතුම් මිනිසෙක්.
ratna P Wednesday, 19 December 2018 05:41 AM
අපේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ අවංක කම සහ මිනිස්ගුන තියනවා, එකටත් එක්ක දේශපාලුවන්ගේ අවංක කම. පේනවනේ දැන්...
dinesh athukorala Wednesday, 19 December 2018 07:04 AM
මහත්මා ගති ගුණ තිබෙන උතුම් මිනිසෙක්... ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක්...
jayasekara Wednesday, 19 December 2018 08:47 AM
ජාති ආගම් බේද වෙනසකින් තොරව උතුම් මනුෂ්‍ය ගති පිරි මේ සත්පුරුෂ මහත්මාව අගයමු. නිදුක් නොරොගී පිරි වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්.! තෙරුවන් සරණයි.!
Sunil Wednesday, 19 December 2018 09:04 AM
අතිවිශිෂ්ඨ ක්‍රියාවක්...
පෙරුමාල් Wednesday, 19 December 2018 09:12 AM
ඔබ තුමාම අයිතිකරු හොයලා බාරදුන්නා නම් හරි. පොලිසියට දීපු එක තමයි අවුල්.