IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පැරීසියේ ලස්සනම මාවතට තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

සුනිල් ආනන්ද පැරිස් නුවර සිට
 
ප්‍රංශයේ පැරිස් නුවර ‘ෂොම් සෙඑළිෂේ’ මාවතේ නවතා තිබූ පොලිස් වෑන් රියක් වෙත ගෑස් කැනිස්ටර් පිර වූ මෝටර් රථයක් කඩා වැදීමෙන් එහි සිටි රියදුරු මියගියේය.
 
ප්‍රංශ වේලාවෙන් 19 වැනිදා සවස් වරුවේ මෙම සිදුවීමේ වාර්තා වූයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ද මේ ආකාරයේම ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුවය.
 
මෙය ප්‍රහාරයක් එල්ල කිරීමට දරන ලද උත්සහායක් යැයි ද ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. 
 
මෝටර් රථ තුළ තිබී ගිනිඅවියක්, අත්බෝම්බ සහ ගෑස් බෝතල් හමු වූ බව පොලිසිය සඳහන් කර තිබිණි.  

ප‍්‍රංශයේ අග නගරය පැරීසියේ පිහිටි ලෝකයේ ලස්සනම මාවත ලෙස සැලකෙන ඇවනිව් ෂොම් සෙඑළිෂේ මාවතේදී සඳුදා සවස 4ට පමණ මෙම ත‍්‍රස්තවාදි ප‍්‍රහාරය සිදු විය. එය 2017 වසරේ මෙම මාවතේ සිදුවූ දෙවැනි ප‍්‍රහාරයයි.

දිනකට වාහන 70000ක් පමණ එහා මෙහා ගමන් කරන ඉහත මාවතේ මධ්‍යම පිහිටි ෂොම් සෙඑළිෂේ වට රවුම අසල ආරක්ෂාවට රඳවා තබන පොලිස් භටයන් රැගෙන පැමිණි පොලිස් රථයක් නවතා තිබුනි. සවස 04 ට පමණ එම මාවතේ එක් දිශාවක  කොන්කෝඞ් චතුරශ‍්‍රය දෙසින් පැමිණි රෙනොල්ට් මෙගාන් වර්ගයේ වාහනයක් ඉහත නවතා තිබූ පොලිස් රථයේ හැප්පුවේය.

සැනෙකින් එම වහානය ගිනි ගත් අතර අසල්වාසී කිසිවකුටත් අනතුරක් සිදු නොවීය. වාහනයේ පැමිණි රියදුරු මරුමුවට පත්වී සිටියේය. පුපුරන රසායනික ද්‍රව්‍ය, කැලෂ්නිකොව් වර්ගයේ තුවක්කුවක්, ඔස්ටි‍්‍රයාවේ නිෂ්පාදිත ගොල්ක් 26 වර්ගයේ ස්වයංක‍්‍රීය පිස්තෝලයක් හා කැපුම් සහිත ආයුධ රාශියක් වාහනය තුළ තිබී සොයා ගෙන ඇත.

වාහනයේ පැමිණ මියගිය සැකකාර රියදුරා ප‍්‍රංශයේ ඉපැදී ඇති වයස අවුරුදු 31ක් වූ ඞී.අදාම් ලෙසත් ඔහු 1995 සිට ප‍්‍රංශ ආරක්ෂක අංශයේ විශේෂ ලැයිස්තු ගත අන්තවාදී ඉස්ලාම් භක්තිකයෙකු ලෙසත් හඳුනා ගෙන ඇත්තේය. සිද්ධිය වූ සැනින් මාවත වසා දැමුණු අතර අවට ඇති උමං දුම්රියපොළවල්ද වසා දැමීමට සිදු විය. ඒ අතරතුර මිය ගිය සැකකරු ගැන පරීක්ෂණ සිදු වෙමින් පවතී.

කෙසේ නමුදු මේවන විට ප‍්‍රංශය මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ට මුහුණ දෙමින් සිටින අතර එම ප‍්‍රහාරයන් ප‍්‍රංශ ආරක්ෂක අංශ ඉලක්ක කොට ක‍්‍රියාත්මක වීමද විශේෂය. පසුගියදා පැරීසියේ සිදුවුණු මෙවැනි ප‍්‍රහාරයන් අතර ප‍්‍රංශයේ දෙවන විශාලතම ඔරලි ගුවන් තොටුපොළ, ලෝක ප‍්‍රසිද්ධ ලෝකයේ විශාලතම ලූවර් කෞතුකාගාරය, නෝත‍්‍ර ඩාම් කතෝලික දේවස්ථානය, හා ලෝකයේ ලස්සනම මාවත යන සංචාරකයෝ විශාල පිරිසක් ගැවසෙන ස්ථාන තෝරා ගෙන එහි රඳවා සිටි ආරක්ෂක භටයන් ඉලක්ක කොට ප‍්‍රහාර සිදු විය. මේ හේතු කොට අද පැරීසිය විශේෂ ආරක්ෂක දැලකට හසුවූ නගරයක් බවට පත්වී ඇත.

 

 

 

 



අදහස් (3)

පැරීසියේ ලස්සනම මාවතට තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

roshan Tuesday, 20 June 2017 08:12 AM

අපේ නන් ඔහොම වෙන්නෙ නෑ. ත්‍රස්තවාදින් ඉල්ලන දේ වැඩිපුරත් එක්ක දෙනවනෙ.

:       0       0

ravin Tuesday, 20 June 2017 12:26 PM

මෙහෙ ඔයවගේ දේවල් කරපු හා ආධාර දුන්නු උදවිය ඔහේ තියගත්තම ඕවා වෙන්න්න තියන ඉඩකඩ ප්‍රමාණය වැඩිවෙනවා.

:       0       0

srilankan Wednesday, 21 June 2017 02:45 PM

මේ ඔක්කොම කරන්නේ අයි.එස්.අයි.එස් ත්‍රස්තයෝ වෙන්න ඕනේ..

:       1       102

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 79 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 127 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 151 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1017 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 537 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 909 2

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1487 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site