(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර ගුවන් හමුදා කඳවුරේදි පැරෂුට් පැනීමේ කාර්යේ නියුතු වෙමින් සිටියදි අඩි 10000 උඩු ගුවනේ සිට බිමට වැටී මියගිය තුන්වෙනි විශේෂ බලකායේ සාජන් මේජර් චම්පික කුමාරසිරි මහතාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහා රෝහලේදි සිදු කළේය.
අම්පාර මහා රෝහලේ මෘත ශරිරය තැන්පත් කර තිබු අතර අම්පාර වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් දිසානයක මහතා විසින් ස්ථාන පරීක්ෂාව සිදුකරනු ලැබිය.
එහිදී මියගිය චම්පික කුමාරසිරි මහතාගේ සහෝදරයා වන ධම්මික කුමාරසිරි මහතා විසින් මියගොස් ඇත්තේ තම සහෝදරයා බව හදුනාගනු ලැබිය.
අනතුරුව දේහය ඔහුගේ පවුලේ ඥාතීන්ට භාර දුන්නේය.මරණය පිළිබඳව වැඩිදුර සාක්කි විභාගය 2019.08.24 වැනි දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේදි පවත්වන බව පැවසු වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් දිසානායක මහතා එදිනට සාක්කිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.
පසුව මෙම මරණය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි රොෂාන් එරංග මහතා විසින් සිදුකරනු ලැබිය.
මියගිය අයගේ රුධිර සහ මාංශපේශී කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමුකර මෙම මරණය පිළිබදව තින්දුව ලබාදෙන බව විවෘත තින්දුවක් දෙමින් අධිකරණ වෛද්‍ය නිළධාරි රොෂාන් එරංග මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පැරෂූටයෙන් වැටී මිය ගිය සාජන් මේජර්ගේ සිරුර ඥාතීන්ට බාර දෙයි
Raveendra Wednesday, 21 August 2019 01:02 PM
හරිම කණගාටුදායක පුවතක්. ඔබට නිවන් සුව අත්වේවා !!!
thanu Wednesday, 21 August 2019 11:42 PM
කණගාටුදායක පුවතක්... මේ ගැන නම් හොයන්න වෙනවා. අම්පාරේ සිදුවෙච්ච දෙයක් නිසා. පලපුරුදු කෙනෙකුට ඔහොම වෙන්න බැහැ..
Sanjeewa Thursday, 22 August 2019 01:59 AM
පැරෂුට් එකෙන් වැටිලා කොහොමද මැරෙන්නේ ? පැරෂුට් එක වැඩ නැතුව මේ කොල්ලා මැරුනේ ...