IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පැරණි මිලටම භූමිතෙල් දෙන්නැයි දෙවියන්ගෙන් ඉල්ලති

(චන්දන ප්‍රනාන්දු සහ රවීන්ද්‍ර ලියනගේ )                                                                          

සුළු පන්න ධීවරයන් වෙත ලබාදුන් භුමිතෙල් සහනාධාරය ඉවත් කර පෙර  මිලටම  භූමිතෙල් ලබාදෙන ලෙස රජයට බල කිරිමේ සාකච්ජාවක් හා දේව කන්නලව්වක්  අද (23) උදෑසන උල්හිටියාව දේවස්ථාන භුමියේදි පැවැත්විණි.                                                             
භුමිතෙල් සහනාධාරය නිශ්චිත එකක් වුවත් මාළු අස්වැන්න සොයා මුහුදට යන සුළු පන්න ධීවරයන් මාළු ඉන්නා ඉසවුව සොයා යන මුහුදේ දුර නිශ්චිත එකක් නොවන නිසා  සුළු පන්න ධීවරයන්ට සහනාධාරයට වඩා භුමිතෙල් සඳහා අධික වියදමක් දැරිමට සිදුවන බව ඔවුහු කියති.


ඒ  හෙයින්  මෙම  භුමිතෙල් සහනාධාරයට  වටිනාකමක් නොලැබෙන නිසා ධීවරයන්ට පෙර මිලටම  භූමිතෙල් ලබදෙන ලෙස ඔවුහු  ඉල්ලා සිටියහ.
                                               

මෙම අවස්ථාවට එක්ව සිටි උල්හිටියාව මීසම් පාලක බෙනට් සාන්ත පියතුමා හා වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එල්. බි අබේරත්න මහතා විසින් මෙම ධීවරයන්ගේ ගැටළු පිළිබඳව පළාත් ධීවර ඇමැතිවරයාට හා මධ්‍යම රජයේ ධීවර ඇමැතිවරයාට යොමුකර විසඳුමක් ලබාදීමට යොමු කරන බව කරුණු පැහැදිලි කිරිමෙන් පසුව මෙම විරෝධතා සාකච්ඡාව අවසන් විය.  



අදහස් (6)

පැරණි මිලටම භූමිතෙල් දෙන්නැයි දෙවියන්ගෙන් ඉල්ලති

rama Wednesday, 23 May 2018 10:39 AM

දැන් දිවිය ලෝකේ භූමිතෙල් විකුනන්නේ නැහැ. මැදපෙරදිග විතරි තෙල් තියෙන්නෙ. දෙවියන් දැන් ලිප්ට් පාවිච්චි කරන්නේ.

:       0       0

Sanath Wednesday, 23 May 2018 10:50 AM

භූමිතෙල් විතරක් අඩුවෙන් ඉල්ලා මඳි පැට්‍රොල් ඩීසල් දෙකත් අඩුකරන්න දෙවියන්ගෙන් ඉල්ලමු

:       0       112

Bamunuarachchi Wednesday, 23 May 2018 12:31 PM

ඉහළ ගිය බඩුමිල, බස් ගාස්තු, භූමිතෙල්, පැට්‍රල්, ඩීසල් මිල අඩුකළා කියලා දැන් අඩුවෙන්නේ නැත.

:       0       0

රොෂාන් Wednesday, 23 May 2018 01:05 PM

මෙතන කොහෙද දේව කන්නලව්වක් වෙලා තිබෙන්නේ? මෙහෙම ලියන සමහර මෝඩයින් හිතනවා ඇති ඒ වගේ කියලා.. රටේම ඉන්න අනිත් මිනිස්සුත්. මෙතන සිදුවෙලා තිබෙන්නේ, ධීවරයෝ පල්ලියට රැස්වී සාකච්ඡාවක් පැවැත්වීම නේද? ආණ්ඩුවට ශාප ඉල්ලලා පොල් ගැහුවා ...

:       0       0

mahinda Wednesday, 23 May 2018 03:27 PM

ඕකට දෙවියන්ටවත්, රටේ අගමැතිටවත්, රාජ්‍ය නායකයාටවත් කියලා කිසිම වැඩක් නෑ. බස් ගැමුණුට හරි, පාදෙණියට හරි කියන්න... රටේ සියලු දේ ඒ දෙන්නාට තීරණය කළ හැකියි.

:       0       0

kalani Thursday, 24 May 2018 03:57 AM

නො පෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ......................

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 2 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 222 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 48 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 472 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1358 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3455 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site