(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර මහානාම පාලම මත දී පොලීසිය දැක නිල්වලා ගගට පැන ජලයේ ගිලෙමින් සිටි සැක කටයුතු පුද්ගලයකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන අද (24) සවස මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
ඔහු පැයක පමණ කාලයක් තිස්සේ ජංගම දුරකතනය කනේ තබා ගෙන කිසිවකු සමග කතා බහ කරමින් ඒ අසල මුස්ලිම් පල්ලිය හා යුධ හමුදා කඳවුර දෙස බලා සිටිමින් සැක කටයුතු ලෙස හැසිරෙන බවට කිසිවකු විසින් පොලීසිය වෙත දැනුම් දී තිබුණි.
ඒ අනුව ක්‍රියාත්මක වු මාතර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වෙත ළගා වන විටම එම සැකකරු ඔවුන් දැක නිල්වලා ගගට පැන තිබේ.
පසුව ප්‍රදේශවාසීන් හා පොලීසිය ඒ අසළ තිබු දැළක් ගගට විසි කර ඔහු බේරා ගැනීමට සමත්ව ඇත.
ගගට පනින විට එම සැකකරුගේ හිස පාලමේ කොන්ක්‍රීට් කණුවක වැදී තුවාල සිදු වී තිබු අතර එම සැකකරු මාතර මහ රෝහලේ හදීසී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.
රදම්පල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි එම සැකකරු යුධ හමුදාවෙන් පලා ආ සෙබලෙකු බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත.
කෙසේ වෙතත් වැඩි දුර ප්‍රශ්න කිරීම සදහා ඔහු සැක පිට අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පැයක දුරකතන ඇමතුමකට පසු පොලිසිය දැක නිල්වලා ගඟට පනී
පිටිගල මිලානෝ Wednesday, 24 April 2019 12:13 PM
පුහුල් හොරා කරෙන් දැනේ.
dias Wednesday, 24 April 2019 03:03 PM
මොහු බොහෝ විට යුද හමුදාවෙන් පලා ආ කෙනෙක් බැවින් පොලිසියට බයේ ගඟට පනින්නට ඇත.