IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පැය 24ට ‘අයිස්‘‘ කිලෝ 125:සැකකරුවෝ 12යි

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටි 125 කට ආසන්න වටිනාකමින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 125 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 12 දෙනකු පැය 24 ක පමණ කාලයක් තුළ සපුගස්කන්ද සහ ජාඇළ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමත් විය.

සපුගස්කන්ද, රග්ගහවත්ත ප්‍රදේශයේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 110 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් පස්දෙනකු අද (12) පස්වරුව 4.00 ට ද, ජාඇළ, නිවන්දම ප්‍රදේශයේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 15 ක් සමඟ සැකකරුවන් හය දෙනකු ඊයේ (11) ද, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අත්අඩංගුවට ගත්තේය.

සපුගස්කන්ද ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 110 පැකට් 91 ක් ලෙස සඟවා තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය කපුගස්ගන්ද රග්ගහවත්ත, මාබිම ප්‍රදේශයේ කුලියට ගත් නිවසක ගබඩාකර තිබියදී සොයාගෙන තිබේ. තාක්‍ෂනික සහ විද්‍යාත්මක සාක්‍ෂි උපයෝගි කරගෙන කරන ලද විමර්ෂණයේදී වත්තල ප්‍රදේශයේදී මාබෝල පදිංචි පුද්ගලයකු ද, වනවාසල ප්‍රදේශයේදී කැලනිය පොතියාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ද, අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමිවලදී හෙළිකරගත් තොරතුරු අනුව මාබිම නිවසට ගොස් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

මෙම අයිස් මත්ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවස ඉකුත් 10 වැනිදා යුවළක් සඳහා යැයි පවසමින් කුලියට ලබාගෙන තිබේ.

වැටලීමේදී එම නිවසේ සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑමට ලොරි රථයක් පැමිණ ඇති අතර ලොරියේ සිටි පුද්ගලයන් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය සඳහා පැමිනි බව කියන එම ලොරිය හොරණ ප්‍රදේශයේ සිට පැමිණ ඇති බව තොරතුරු හෙළිකරගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි සිට ‘නිපුන’ නම් පුද්ගලයකුගේ මෙහෙයවීමෙන් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇති බව තොරතුරු හෙළිවූ බවත් ප්‍රංශය හා එංගලන්තයේ සැඟව සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන රූබන් සහ ලාල් යන දෙදෙනා විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බව ද හෙළි වී තිබේ.

 



අදහස් (1)

පැය 24ට ‘අයිස්‘‘ කිලෝ 125:සැකකරුවෝ 12යි

Ashan Tuesday, 13 April 2021 05:49 AM

පාලයකයින් සැපේ ඉන්න තමන්ට කැමති දේ කරනවා. අනිත් මිනිස්සුත් සැපේ ඉන්න ඒකම කරනවා. මුලින් හරි පාලකයින් තෝරමු. ඊට පස්සේ මේවා ඉබේම අඩුවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 63 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 505 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


විදුලි පනතේ ගැසට්ටුව නිකුත්වේ
2024 අප්‍රේල් මස 18 181 0

විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත


ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න
2024 අප්‍රේල් මස 18 127 0

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45


පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 152 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 299 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1393 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site