IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරයේ වාර්තාව අනිද්දා පාර්ලිමේන්තුවට

(හර්ෂණ තුෂාර සිල්වා)

පාස්කු ඉරිදා කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ කතෝලික දේවස්ථානවලට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අනිද්දා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ලංකාදීපයට පැවැසීය.

දෙසිය පනස්දෙනකුට වැඩි පිරිසකට මරු කැඳවමින් අප්‍රේල් මස 21 (පාස්කු ඉරිදා) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කර තිබිණි.

පාස්කු ඉරිදා ප්‍රහාරවලට පෙර ඒ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත ලැබී තිබුණේ ද එවැනි ප්‍රහාර වැළැක්වීමට බලධාරීන් ප්‍රමාණවත් පියවර ගත්තේ ද අනාගතයේදී එවැනි ප්‍රහාර සිදුවීමට වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද ඇතුළු යන කරුණු 7කට නිර්දේශ ඉදිරිපත් කරමින් අදාළ කාරක සභාව අවසන් වාර්තාව සකස් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුළු 60කට වැඩි පිරිසකගෙන් මෙම කාරක සභාව සාක්ෂි සටහන් කරගෙන තිබේ.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මෙම විශේෂ කාරක සභාවේ සභාපති ධුරය හෙබ වූ අතර අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රවී කරුණානායක, වෛද්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එම්.ඒ. සුමන්තිරන්, නලින්ද ජයතිස්ස, මහාචාර්ය ආශු මාරසිංහ සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරු කාරක සභාවේ සාමාජිකවරු ලෙස කටයුතු කළහ.



අදහස් (11)

පාස්කු ප්‍රහාරයේ වාර්තාව අනිද්දා පාර්ලිමේන්තුවට

රජින්ද Monday, 21 October 2019 07:51 PM

මරු කට්ටිය වාර්තාව හදලා තියෙන්නේ... ඕකේ කොහෙහරි කොනකට ගෝඨා ගාවලා නොතිබ්බොත් ලෝක පුදුමයක් වෙයි. ඔය වාර්තාව එන්නත් කලින්ම අපි දන්නවා ඕක තනිකරම නාට්‍යයක් ප්‍රෝඩාවක් බව. ප්‍රහාරයට සම්බන්ධ අය මොවුන්ගේ වේදිකාවල පිටිපස්සට කරලා හංගගෙන මෝඩ සිංහල මිනිස්සුන්ගේ ඡන්ද කඩාගෙන ගොඩ යන්න මාන බලනවා. ඒ නිසා ඔය වාර්තා වලින් මේ විනාසේ වෙච්ච කීසිම කෙනෙක්ට හෝ කිසිම දේකට සහනයක් සැනසීමක් හෝ ආණ්ඩුවේම සිටින අන්තවාදී වැරදිකරුවන්ට නිශ්චිත දඩුවම් නිර්දේශ කිරීමක් හෝ නොලැබෙන බව සීයයට ලක්ෂයක් විශ්වාසයි.

:       603       817

පහන්Tuesday, 22 October 2019 04:10 AM

තනිකරම මුදල් සහ කාලය අපතේ යැවීමක්. අපි දැක්කා මේ කමිටුව ප්‍රශ්න අහන විදිහ. මේ කමිටුවේ ජනාධිපති නීතිවේදීන්ම 03 විතර ඉඳලත් සාක්කිකරුවන්ගෙන් ප්‍රශ්න කලේ විදුහල්පති කෙනෙක් ලමයෙක්ගෙන් ප්‍රශ්න අහන තාලෙට. ඔක්කොම කුණු ජනාධිපතිට දාන හැඩයක් තියෙන්නෙ.

:       1       35

සෙන්දේTuesday, 22 October 2019 04:38 AM

ගෝටා අනිවාර්යෙන් ඇති... මොකට දඩයම කරේ තියන් යන අය දැක්කම වෙඩිල්ල බැන්දේ කව්ද කියලා අමුතුවෙන් එළිදරව් කරන්න ඕනේ නෑනේ

:       119       191

AmilaTuesday, 22 October 2019 05:04 AM

කොහොමත් රට්ටු දන්නවා දේශපාලනය වාසි ගන්න කවුද වැඩේ කරේ කියලා..

:       110       127

nalani Tuesday, 22 October 2019 03:20 AM

මෙවර එජාපයෙන් තරග කරන්නේඉතිහාසයේ අඩුම අධ්‍යාපන සුදුසු කම් ලැබූ අපේක්ෂකයා . මීට පෙර අගමැති හෝ ජනාධිපති වී ඇති සැවොම උසස්පෙළ දක්වා හෝ ඊට වැඩි අධ්‍යාපනය ලැබූ අයයි.

:       33       121

amith Tuesday, 22 October 2019 04:13 AM

හකීම් ඉන්න නිසා ඕක මම පිලිගන්නවා සාධාරන එකක් කියලා.

:       37       80

sanjaya Tuesday, 22 October 2019 04:35 AM

දැන් හකීම් අත්අඩංගුවට ගන්න ඕන ජනතාවද පොලිසියද ? මතක තබාගතයුතු වැදගත්මදේ මේ සියලු පුපුරන ද්‍රව්‍ය ගියේ රජයේ ආයතන හරහා නීත්‍යනුකූල ලෙස.

:       2       178

Amila Tuesday, 22 October 2019 04:38 AM

පාස්කු කේදවාචකය දේශපාලනට යොදාගන්න අපේක්ශකයා ගැන පරීක්ෂණයක් කරන්න. ඔහු දේශපාලන වාසි ගන්න කරපු දෙයක් කියලා දැන් පේනවා... මෑතකදී සංවිධානය කරපු වැඩවර්ජන පිටිපස්සේ හිටියේත් ඒ කල්ලියම කියන එක ඔප්පු වෙලා ඉවරයි. ඉතින් අනිවාර්යයෙන්ම මේකත් ඔවුන්ගේ ගේම් එකක් වෙන්න ඕන...

:       161       45

senaratne Tuesday, 22 October 2019 04:47 AM

ගෝඨාභය ගේ ඇමරිකානු පුරවැසි බාවය අහෝසිය තහවුරුයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ අධිකරණයක ගොනු කර තිබූ නඩුව එම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

:       2       55

Nuwa Tuesday, 22 October 2019 05:59 AM

ප්‍රේමදාස කොළඹ රාජකීය විද්‍යාලයේ එස්. තෝමස්ගේ මූලික පාසලට සහ මිල් හිල් පාසලට ඇතුළත් වී ඉන් අනතුරුව ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලට ඇතුළත් වූ අතර ආර්ථික විද්‍යාව, දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේය. [2] [3] [4] ඉන්පසුව ඔහු වොෂිංටන් ඩීසී රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හැදෑරීම සඳහා මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. මෙම කාලය තුළ ඔහු දකුණු ඩැකෝටා ජනරජයේ සෙනෙට් සභික ලැරී ප්‍රෙස්ලර් යටතේ විදේශ සබඳතා කමිටුවේ සේවය කළේය. සජිත්ට ජෝන් මැකේන් සහ හිටපු ජනාධිපති අපේක්ෂක ජෝන් කෙරී ඇතුළු තවත් බොහෝ ප්‍රබල සෙනෙට් සභිකයින් මුණ ගැසුණි.

:       11       1

රජින්දTuesday, 22 October 2019 07:02 AM

ඔහොම කඩේ යන්නෙපා මහත්තයෝ. බලාගෙන ඉන්න අපිට දුක හිතෙනවා. මුළු ලංකාවම දන්නා සාමාන්‍ය දේවත් ඔබතුමා නොදැන ඔහොම බේගල් ඇදබානකොට අපිට හිනාත් යනවා.

:       0       39

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 723 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 303 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 763 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 768 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 303 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 487 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1428 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site