IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකළාට විරෝධතා

(සිරංගිකා ලොකුකරවිට)
 
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී මාස හයක් ගතවී ඇතත් එහි වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරු සභා රැස්වීම පැවති අවස්ථාවේදී ඉටිපන්දම් දල්වා අද(22) විරෝධය පළ කළහ.
 
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අද කලේගාන සභා ශාලාවේදී සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ගයාන් ගීතික ලියනගේ මහතා පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කිරීමේ යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ අතර, පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරු නැගී සිටිමින් පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට දඬුවම් නොකිරීම සම්බන්ධව විරෝධය දැක්වූහ.
 
එහිදී යෝජනාව ඉදිරිපත්කරමින් ලියනගේ මහතා පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව ජනාධිපතිතුමාට ලැබී ඇති බැවින් එයට සම්බන්ධ වූ සියලු දෙනාට දඬුවම් ලබාදියයුතු බවයි.
 

සභාපති දිල්රුක් අබේකෝන් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසී ය.
 
“පාස්කු ප්‍රහාරයට අදාල චූදිතයින් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට එකතු කරගන්න එපා කියලා සියලුම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඬුවම් දෙන අතරම මහ බැංකු චූදිතයන්ට හා මත්ද්‍රව්‍ය වැරදිවලට අත්අඩංගුවට පත්වූවන්ට ද නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉදිරියේදී පත්වන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා” යැයිද කීය.
 
ජනතා දේපල මංකොල්ලකන සියලු අපරාධකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ඉන්දික විජේවික්‍රම මහතා පැවසීය.
 



අදහස් (5)

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකළාට විරෝධතා

nuwan Tuesday, 22 October 2019 07:29 AM

කොහොමද එහෙම කරන්නේ අන්න හකීම් සහරන් විතරක් නෙමෙයි උගේ මරාගෙන මරුන මස්සින බෝම්බ හදන්න ගිහින් තුවාල වෙලා ඉස්පිරිතාලේ ඉන්න කොට බලන්නත් ගිහින්

:       44       251

Amila Tuesday, 22 October 2019 07:55 AM

බෝම්බ තියපු එවුන්ව දගලන දැගලිල්ලක්...

:       222       151

sisiraTuesday, 22 October 2019 09:33 AM

ඔබ දුටුවේ නැද්ද රුපවාහිනී නාලිකාවල, මේ සිද්ධියට සම්බන්ධ අය මොන වේදිකාවේද ඉන්නේ කියලා ? දේශපාලන අන්ධයෝ වගේ හැසිරෙන්න එපා. තමන්ගේත් කවුරුහරි මිය ගියානම් ඔය අන්ධ ඇස් ඇරෙයි.

:       0       340

sirimal Tuesday, 22 October 2019 08:11 AM

පාස්කු ප්‍රහාරය අද ජනාධිපතිවරණයේ ප්‍රධාන ආයුධයක් බවට පත්ව ඇත.

:       0       130

sena Tuesday, 22 October 2019 09:09 AM

අපේ රටේ දේශපාලන මඩ වලේ වැටී නොතිබුනේ කතෝලික පල්ලිය විතරයි. ඒක නිසා අපේ සමහර හාමුදුරුවරුන්ට වඩා ගරුත්වයක් පියතුමන්ලා ගැන අපේ හිත්වල තිබුනා. දැනට ඒක ටික ටික නැතිවෙනවා. මෙහෙම ගියොත් මම හිතන්නේ අපේ දේශපාලුවෝ දේශපාලන වේදිකාවල පියතුමන්ලාගේ ලෝගු ගලවන්න පටන් ගනියි.

:       314       22

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 227 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 635 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1622 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1841 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 569 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 259 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site